
(අංජුල මහික වීරරත්න)
දඬුවමට නියම වූ තැනැත්තන් බාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ පිලිපීන ජන රජය අතර ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් වෙනත් රටක පුරවැසියකු වරදකරු කොට බන්ධනාගාරගත කිරීම සඳහා දඬුවම් නියම කරනු ලැබූ විට එම පුද්ගලයාගේ දඬුවම ඔහු පුරවැසියෙකු යැයි හිමිකම් පාන රට තුළ ගෙවා දැමීමට හැකි වන පරිදි වන විධිවිධාන 1995 අංක 5 දරන වරදකරුවන් භාර දීමේ පනතේ ඇතුළත්ව ඇත.
එමෙන්ම, යම් නිශ්චිත රටකදී බන්ධනාගාර ගත කිරීමේ දණ්ඩනයකට ලක් කරනු ලැබූ ශ්‍රී ලංකාවේ පුරවැසියකු ඔහුගේ ඉතිරි දඬුවම් කාලය ගෙවා දැමිමට ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා වන විධිවිධාන ද එකී පනතේ ඇතුළත්ව තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාව සහ පිලිපීන ජන රජය අතර වරදකරුවන් බාර දීම සම්බන්ධයෙන් වන ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. යෝජිත ගිවිසුම මඟින් සිරකරුවන්ට සමාජීය පුනරුත්ථාපනය සහ සිය සමාජය සමග නැවත ඒකාබද්ධ වීම සඳහා සිය මව් රට වෙත පැමිණීමට අවකාශ ලැබෙනු ඇත.
ඒ අනුව, යෝජිත ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව එකී ගිවිසුම අපරානුමත කිරීමටත් අධිකරණ, සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලංකා- පිලිපීන සිරකරු හුවමාරු ගිවිසුමක්