(චමින්ද වැවතැන්න)
මත් පෙති 173 ක් සමග අත් අඩංගුවට ගත් කෑගල්ල මහ රෝහලේ කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහයිකාව හෙට 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කෑගල්ල පරගම්මන නාමල් උයනේ පදිංචිව සිටින මොරගහකන්ද රාළලාගේ කුසුමාවති නැමැති 58 හැවිරිදි සිව් දරු මවකි.
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති කණිෂ්ඨ සෞඛ්‍ය සහයිකාව කාලයක සිට මත් පෙති කෑගල්ල රෝහලේ සිට අලෙවි කරන බවට අවස්ථා ගණනාවක දී බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති බව පොලිසිය පැවසීය.
පොලිස් නිලධාරියෙකු උපාය දූතයකු ලෙස පෙනී සිට වාට්ටුවේ රාජකාරී කටයුතු සිදු කරන අවස්ථාවේ දී වාට්ටුවට ගොස් රුපියල් 2000 ක මුදලක් දී වර්ග තුනකින් මත් පෙති 40 ක් උපාය දූත පොලිස් නිලධාරියාට අලෙවි කරන අවස්ථාවේ දී සෞඛ්‍ය කාර්ය සහයිකාව පොලිස් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගන්නා ලදි.
පසුව ඇය සේවය කරන වාට්ටුවේ කබඩි එකක් ද පොලිස් නිලධාරින් විසින් පරීක්ෂා කරන අවස්ථාවේ දී තවත් මත් පෙති 133 ක් සගවා තිබී හමු වු බව පොලිසිය පැවසීය.
අත් අඩංගුවට ගත් සැකකාරියගෙන් අද ප්‍රකාශ සටහන් කරගෙන කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. එහිදී සැකකාරිය හෙට 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රෝහල් සේවිකාව මත් පෙති සමග මාට්ටු