රුසියාවේ රැප් සංගීතය පාලනය කිරීමට එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
එය ඉතා අපහසු කාර්යයක් වුවත් එය පාලනය කිරීම සඳහා සිය රජය කටයුතු කරනු ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.
මේ සම්බන්ධව කටයතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එරට සංස්කෘතික අමාත්‍යංශයටද දැනුම් දී ඇති බව සඳහන්ය.

මෙම රැප් සංගීතය තුළින් තරුණ පරම්පරාව වැඩි වශයෙන් මත් ද්‍රව්‍යට ඇබ්බැහි කරවිමට , ලිංගිකත්වයට, එහි භාවිත වන අසභ්‍ය වචන ප්‍රචණ්ඩකාරී මානසිකත්වය පෙළඹවීමක් ඇති කරනු බව පුටින් පවසා ඇතැයිද මාධ්‍ය වාර්තා කර තිබිණි.
පසුගිය දිනෙක රුසියානු රැප් ගායකයකු වන හුස්කිගේ ප්‍රසංගයක් වළැක්වීම නිලධාරීන් කටයුතු කිරීමෙන් පසු එහිදී ඇති වු ගැටළුවකින් පසු හුස්කි පොලිස් අත්අඩංගුවට පත්විය. ඔහුට දින 12ක කාලයක් සිරගතවී සිටීමට ද සිදු විය.
ඒ හේතුවෙන් ඔහුගේ ප්‍රසංග ගණනාවක් අවලංගු කිරිමට සිදු බවද මාධ්‍ය වාර්තා කර තිබේ.
( බීබීසී ඇසුරෙනි )
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ඉක්මනට මේක ලංකාවෙත් කරොත් හොඳයි. මොකද රැප් කියන්නේ මොක්කක්ද කියනේ කියලවත් දැනෙන නැති අය කියන දේවල් දැක්කම වමනේ යනවා.
අන්න තමන්ගේ රට ගැන , ඒ රටේ ජනතාව ගැන හිතන අවංක නායකයෝ. මෙහෙ ඉන්න අය හදන්නේ පුළුවන් තරම් ඔවම ප්‍රචලිත කරන්න.
මෙහෙටත් ලගදීම ඕනේ වෙයි....
අතිශයින්ම නිවැරදි තීරණයක්. මේක මහ විනාශකාරී සංගීතයක්.