තරිඳු ජයවර්ධන
අග්රාමාත්යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපිට දිව්රුම් දුන් රනිල් වික්රමසිංහ මහතා මීට ටික වේලාවකට පෙර අරලියගහ මන්දිරයට පැමිණියේය.
අරලියගහ මන්දිරයේ දී මහා සංඝරත්න සෙත් පිරිත් දේශනා කර ආශිර්වාද කළ අතර අන්යාගමික පූජකවරු ද වික්රමසිංහ මහතාට ආශිර්වාද කළහ.
රනිල් වික්රමසිංහ මහතාගේ බිරිඳ මෛත්රී වික්රමසිංහ මහත්මිය ද, එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ඇතුළු විශාල පිරිසක් ද අරලියගහ මැදුරේ රැස්ව සිටිති.
ඡායාරූප හා විඩියෝ - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ මහා සංඝ රත්නයක් ඇවිල්ලා හැමදාම පිරිත් නුල් බැඳලා කරන ආශීර්වාදය...? මේවායින් ගුනේ තියෙන්නේ පාලකයාට විතරක් වගේ. රටට නම් වුණු හොඳක් නැහැ.
හැබැයි ඔතන අපවත් වෙන්න එපා... රටේම තිබෙන දුම්මල මදිවෙයි භූතයා එළවන්න.
අරලියගහ මන්දිරය රනිල්ට නුපුරුදු තැනක් නොවේ...! එතුමා පස්වැනිවරටත් එහි පැමිණීම රටට ආශීර්වාදයක් වේවා කියා මුළු හදින්ම අප පතමු. බලලෝභී, නන්නත්තාරවී එහේ මෙහේ ඇවිදිමින් ඔබතුමා රැවටීමට වලිකන නරියන් නම් මෙවර ඔබතුමා අසලටවත් ලංකර ගන්න එපා.....
මට නම් පේන්නේ බමුනුආරච්චිට රනිල් එක්ක තිබෙන්නේ දේශපාලන මත ගැටුමක් වෙනුවට පුද්ගලික කෝන්තරයක් කියලා. ඒ මොකද අර අට පාස් දේශපාලන කේවට්ටයගෙයි, බමුණුගෙයි වාග් මාලාවේ වැඩි වෙනසක් නැහැ.
බමුණුආරච්චි, රනිල් අගමැතිතුමාට බල ලෝභය නැහැ. එ්කනේ එකපාරක් සරත් ෆොන්සේකාට ඉල්ලන්න දුන්නේ. ඊළඟ පාරත් සිරිසේන ජනාධිපති වෙන්න ඉඩ දුන්නා හොඳේ. ඉතින් රනිල් නෙමේ මහින්ද මිය ගියොත් ඔය අරලියගහ මන්දිරයේ භූතයා වෙන්නේ... ආන්න එදාට ඔබත් පොඩි භූතයක් වෙලා හරි එතැන ඇති..