(සිතුම් චතුරංග)
රටතුළ සිටින හා පාර්ලිමේන්තුව තුළ සිටින දේශපාලඥයින්ගෙන් බහුතරයක් දුෂිතයින් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (16) පැවසීය.
මේ දුෂිත දේශපාලකයින් දවසින් දවස ජනතාවගේ දුප්පත් කම දුගී බාවය වැඩිකරන අතර රටේ සංවර්ධනයද අඩාලකරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එලෙස පැවසූයේ මන්නාරම මහජන ක්‍රීඩාංගණයේ පැවති රාජ්‍ය නත්තල් උත්සවයට සහභාගී වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ කීය,
මේ උතුරු ප්‍රදේශයේ නිවාස ඉදිකිරන්න නිවාස 50000 ව්‍යාපාතියක් ආරම්භ කිරීමට නියමිතව තිබුණා. ඉන්දිය බැංකුවකින් ඒ ස`දහා මුදල් වෙන්කොට තිබුණේ. ඒ නිවාස ව්‍යාපෘතිය සඳහා දේශපාලඥයින් වසර තුනහමාරක් ඒ මුදල් බෙදාගන්න රණ්ඩු කෙරුවා. ඒ නිසා නිවාස ව්‍යාපෘති රාශියක් ක්රියාත්මකවුවත් ඉන්දීය නිවාස 50000 ව්‍යාපෘතිය ආරම්භ කරන්නටවත් රජයට හැකිවූයේ නැහැ.
ඒ ආණ්ඩුවේ මැතිඇමතිවරු තුල මේ නිවාස ව්‍යාපෘතිය බෙදාගන්නට තිබූ ගැටුම්කාරි තත්වයන් හේතුවෙන්.පසුගිය නොවැම්බර් 30 ගියමාසයේ ඒ මුදල් සියල්ලම ආපසු ඉන්දියාවට ගියා. අපේ රටේ දේශපාලඥයින් කොච්චර හොදද කියා පේනවානේද ඒ දේශපාලඥයින්ගේ රණ්ඩුව තිබුණේ නැතිනම් මේ ප්‍රදේශයට ගෙවල් 25000 වත් හැදිලා ඉවරයි.
මේ උතුම් නත්තල් උදාවේ සාමය උදාවේවායි ප්‍රාර්ථනාකරනවා වගේම විශේෂ යෙන් අප දෙවියන්ගෙන් ඉල්ලා සිටිය යුතු අප රටේ සංවර්ධනයට ප්‍රධාන කරුණු ගනනාවක් තිබෙනවා. ඒ තමයි අප රට හොදරටක් කරන්න දුෂණයෙන් තොර දේශපාලඥයින් අපේ රටට ලබාදෙන්න කියා.
අපරාධකාරයින් , පාතාලයින්, මැරවරයින් , මත්කුඩු ජාවාරම්කාරයින් සම්බන්ධ නැති දේශපාලඥයින් අපට ලබාදෙන්න කියා දෙවියන්ගෙන් ඉල්ලමු. මේ බලයට එන බොහෝ දෙනෙක්ට අවශ්‍ය ජනතාවට හා රටට සේවය කරන්න නොවෙයි.
අප රටේ දේශපාලඥයින්ගෙන් බහුතරයක් ඉතාමත් දුෂිතයි. අපේ රටේ පාර්ලිමේන්තුවතුල සෑහෙන පිරිසක් දුෂිතයි. මේ රට ඉස්සරහට යන්නැත්තේ සංවර්ධනය අඩුවෙන්නේ ඒ නිසායි. ඒ නිසා අප සියලූ දෙනා මේ උතුම් නත්තල් උදාවේදී අධිෂ්ඨානවිය යුත්තේ සාමය හා සංහිදියාවත් රට පාලනය කිරීමට දුෂණයෙන් තොර දේශපාලන පිරිසක් ලබාදීමත්
මේ දුෂිත දේශපාලකයින් දවසින් දවස ජනතාවගේ දුප්පත් කම දුගී බාවය වැඩිකරනවා. මම මේ කියන්නේ පක්ෂබේදයකින් තොරවයි. මා හට වසර හතරක් ජනාධිපතිධූරයට සපිරෙන්න තිබෙන්නේ තවත් සති දෙකක කාලයක්. මේ අවුරුදු හතරේ මාගේ ප්‍රධාන අත්දැකිම කුමක්ද මේ රට දියුණුකිරීමට තිබෙන ප්‍රධාන බාධාව දුෂිත දේශපාලඥයින්. අපි මේ ගැන කොතරම් කතාකළත් පාර්ලිමේන්තු ඡන්දය තිබෙන කාලයට එවන්නේ එවැනි කොටසක්. අනාගතයේ එසේ නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා. මේ උදාවූ නත්තල් කාලයේ වාසනාවන්ත පින්බර කාලයක් අපේ රටේ සියලූ ජනතාවට ආශිර්වාද කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව අප රටේ මුල් පුරවැසියාට මෙසේ පැවසීමට කැමැත්තෙමු. අප රටේ දේශපාලඥයින් නොමැති බවත් සිටින්නේ දේශපාලකයන් පමණක් බවට කණගාටුවෙන් දැන්වීමට කැමැත්තෙමු. එමෙන්ම දේශපාලකයන් 225ම හොර තක්කඩි රැලක් බවත් පවසන්නෙමු.
කතාව නම් ඇත්ත... ජනාධිපති, අගමැති ඉඳන් ඔක්කොම එක බෝට්ටුවේ ජෙප්පෝ, ටොයියෝ, බයියෝ ඔක්කොම එකයි..
ඔබතුමාගේ කතාව හරි කියා අප උපකල්පනය කරමුකෝ. එසේනම්, ඔබම පත්කළ හොර ආණ්ඩුවට බහුතරය හදාගන්න කෝටි ගණන් වලට මන්ත්‍රීන් බිලීබාගන්න ඉඩදී අපූරුවට ඒ පැත්තට ඉඩදී බලා සිටියේ. එම හඬපට වැරදි නම් ඒවාට විරුද්ධව නීතිමය පියවර නොගත්තේ ඇයි? එපමණක් නොවෙයි, විශේෂ අධිකරණවල නඩු සඳහා පෙනීසිටීමට සිටි අයත් සමග එහෙනම් හිරිකිතයක් නැතිව ආණ්ඩු හැදුවේ. ප්‍රථමයෙන්ම තමා හැදෙන්න. නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී වැඩ නොකොට රට ගොඩනගන්න.
ඔබතුමාගේ 225 හිටියානම් අපේ රට කොච්චර දියුණුද? නේද?
ඔබ දන්න දූෂිතයන් හෙළි කළා නම් මොකද නිකන් අවලාද කියන්නේ නැතුව...? ලොකු උන්නැහේ දන්නෙම නහයෙන් කියන්න විතරමද? අනිත් එක ඡන්ද කාලයට නොමිනේෂන් නොදී හිටියම හරිනේ.. හොරාට හොරකම් කරන්න ලයිසන් දීලා අපිට අවලාද නගනවා. අනේද කියන්නේ...
කියකිය හිටියා අැති බැඳුම්කරයේ නම් ටික පක්ෂ භේදයකින් තොරව එළියට දාන්න අතටම අහු වුණු මහ හොරු ටික. අපිට පුලුවන් කතිරයෙන් එයාලව ගෙදර යවන්න.
වඩාත් හොඳ වන්නේ මේ නිවාස ව්‍යාපාතිය සඳහා මුදල් බෙදා ගන්නට රණ්ඩු කළ දේශපාලකයන්ගේ නම් හෙළි කිරීමයි. එසේ කළා නම්, එවැනි දේශපාලකයන් ලබන මැතිවරණවලදී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇතැයි සිතමි.
අර හෝටල් රථ ගාලේ ගත්තු පගාව ගනිනකොට අල්ල ගත්තු අයත් මොන දේශපාලකයාගේ කට්ටියද?
අර හෝටල් රථ ගාලේ ගත්තු පගාව ගනිනකොට අල්ලා ගත්තු අයත් මොන දේශපාලකයාගේ කට්ටියද?
කතාව නම් සහතික ඇත්ත. ඒ කට්ටිය කවුද කියලා මහජනතාව හොඳින්ම දන්නවා ජනාධිපතිතුමනි.
කතාව නම් සහතික ඇත්ත. ඒ කට්ටිය කවුද කියලා මහජනතාව හොඳින්ම දන්නවා ජනාධිපති තුමෝ. කාගේ කාගේ කිල්ලොටවලත් හුණු තියෙනවානේ.
අර ඔස්ට්‍රේලියානු අල්ලස් චෝදනා තියෙන කෙනාගේ පරීක්ෂණයට මොකද වුනේ කියලා ඉස්සෙල්ලාම බැලුව නම් තව කයිවාරුකාර ලොකු හොරෙක් අල්ලගන්නත් තිබුණා.
දේශපාලනඥයින්ගේ දියණිවරුන්ද ඇතුළුව....!!!
අනේ මෙයා තොත්ත බබා. දින 51 ක් තිස්සේ රටම කෑවා. අන්ත දුප්පත් මිනිස්සු ඉන්න මේ රටේ රුපියල් කෝටි ගණන්වලින් මන්ත්‍රීලා ගන්න අල්ලස් දෙන එක හරිද? අද රූපවාහිනියේ කලේ මුළු ලෝකෙම ඉන්න නායකයින්ගෙන් අන්තිම පහළ නීච කතාවක්...
ඇයි දේශපාලකයන් විතරක් ? ඒගොල්ලන්ගේ දුවලා පුතාලා හාමිනේලා, නැන්දම්මලා, මල්ලිලා , නංගිලා , මස්සිනාලා , පුංචි අම්මලා , මහප්පලා ආච්චිලා ගැන නිහඬ මොකද ? මහජන මුදලින් හතර වරිගයම හිටි ගමන් පොහොහසත් වෙන දේශපාලු පවුල් ගැන මොකද කතා නොකරන්නේ ? මේ රටේ මිනිස්සු උපන් ගෙයි මෝඩයෝ කියලාද හිතන්නේ ? අනෙක් උදවියට චෝදනා කරන්න කලින් හැමෝම තමන් වටේ ඉන්න කට්ටිය මොකද කරන්නේ කියලා සොයලා බැලුවොත් නරකද ?
ඔන්න රනිල් අගමැති වුනා ... එතකොට දැන් දුරයෙන් ඇයින් වෙනවාද ? ඔන්න ඕකට තමයි දුෂිත දේශපාලනය කියන්නේ ...
මෙයා තාම විහිළු සපයලා ඉවර නැද්ද?
ඉතින් ඔබ තුමා ඕක දැන දැනමනේ මහින්ද ඇතුළු පිරිස ආයේ එකතු කරගත්තේ? ඒ කාලේ උබ තුමා එළියට බැහැලා කිව්වේ මොනාද? දැන් කියන්නේ මොනාද? ජනතාව මෝඩයෝ නෙමේ අනික මේ අපි අද ඊයේ ඉපදුණා නොවේ
දේශපාලන ඉතිහාසයේ පීචන්ම වුණු දේශපාලකයින් දෙදෙනා මහින්ද හා මෛත්‍රී, පීචන්ම වෙලා හිටපු දේශපාලකයා රනිල් උඩට ආවා...
බීරි අලින්ට වීණා වයලා වැඩක් නැහැ. කොමිස් ගත්ත ඈයෝ කෙසේවෙතත් මහ දවල් සුද්ධ කරපු මහ බැංකු කොල්ලයෙන් සල්ලි ගත්තා. හරි ලිස්ට් එක පක්ෂ භේදයකින් තොරව එළියට දාන්න... එච්චරයි අපට ඕනෑ..
මුලින්ම රටේ නායකයා අවංක නම්, සේරම හරියනවා. මේක ඔබ ඇතුළු බලයේ හිටපු සියලු රටේ නායකයින්ටත් වලංගුයි...
පහුගිය මුළු කාලය තුලම ඔබතුමා කියූ කෙරු දේවල් කොච්චර බොරු වුනාද? සිද්ධ වුනේම කියපු දේට විරුද්ධ දේ නොවැ. එහෙම බැලුවහම බහුතරයක් දේශපාලුවෝ දුෂිතයි කියන කතාවත් බොරු වෙන්න පුළුවන් කියල හිතෙනවා. ඒ කියන්නේ උන් සේරම දුශිතයෝ කියලා මෙච්චර කල් හිතපු දේ වැරදියි, ඒ සේරම සුද්දවන්තයෝ වෙන්න ඕනැ කියලා අපට පිළිගන්න සිද්ධවෙනවා.
දේශපාලුවන්ගේ පුතුන්, දුවරුන් සහ සහෝදරයන්ද ඇතුළුව ..!
වරදක් කිරීමත්, වරද කිරීමට ආදාර අනුබල දීමත් වරදකි. ඉතින් ............
ඔබ තුමාද ඇතුළුව. මොකද දුෂිත අගමැති කෙනෙකු ඇතුළු ඇමති මණ්ඩලයක් පත්කළ නිසා හා අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංගනය කළනිසා.
කෝ මේ නිල් කොළ බලකායට කඩේ යන ජනතාව කොමෙන්ට් නැතිද ?
ජනධිපතිකම මට දෙන්නකෝ මම නැති කරලා දෙන්ඩ...
ජනාධිපති තුමා හැටියට ඔබතුමාට මේකට කරන්න දෙයක් ඇත්තේම නැද්ද?
ඒ අතරින් ඔබ ඉතා ඉදිරියෙන්. සුබ පැතුම්.!
ඔයත් ඒ බෝට්ටු වෙ නේ .......දැන් බයිල ගැහුව ට ලකුණු වැටෙන්නෙ නෑ.. ඔයා විසින් ම ඔයාගෙ වල කපාගෙන ඉවරයි .....
පොඩි ලමයෙක් වගෙ නාහෙන් අඩලා වැඩක් නැහැ ජනාධිපතිතුමනි දැන්වත් බැදුමිකරයෙන් සල්ලි ගත්ත අයගේ නමි ටික එලියට දාන්න කො........
හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් කිව්වලු
මම සුදනා මම සුදනා මම සුදනා මම සුදනා ඔච්චරනේ කියන්න ඕනි...............
ඔබතුමාද ඇතුලත්ව , ඒක නිසා තමයි පොලිස් බලතල කිසිවෙකුට නොදී තමන් යටතේ තබා ගන ඉන්නේ . ඔබතුම සැමදේකටම වඩා තමන්ගේ ආරක්ෂාව හා නිලය ගැන වෙහෙසෙන බව 2015 සිට රටම දන්නා කරුණකි.
ඡන්දයක් ලංවෙනකොට අර දැක්ම මේ දැක්ම කියකියා පොත් අච්චු ගහනවා, බලය දුන්නොත් රටම සුරපුරයක් කරනවා කියලා. බලය ලැබුණු ගමන් කොලපොතත් අරගෙන ලෝකේ වටේ ගිහින් යමක් හිඟාගෙන එනවා. බලය තියන අය ඒක බෙදාගන්නවා. මෑත ඉතිහාසයේ මීට වඩා වැඩි කිසිවක් වෙලා නැහැ. වෙන රටක නම් මේවගේ කතා කියන අයට කුණු බිත්තර ගහලයි පන්නන්නේ.
ඔබතුමා හරියටම හරි.... අගමැතිකම නැවත දීලා කියන්න තියන දේ මුනටම කිව්වා... ලජ්ජනහර තිබුනානම් අගමැතිකම ආපහු දීලා යනවා... අපගේ උත්තමාචාරය...
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට,
ජනාධිපතිවරණයක් තියලා ජනතා මතය බලමු ද?
2015 මැතිවරණයේදීත් ඔබ තුමා මහින්ද මහත්තයටත් එම ආණ්ඩුවටත් කිවේ මේ ටිකමයි ඔබ කිවා රටකට අවශ්‍යයි රජෙක් නොවෙයි ජනතා සේවකයෙක් කියලා. රටේ විධායක ජනතිපති ඔබයි රටේ විවස්ථාව අනුව ඕනෑම කෙනක් රාජ්‍ය සම්පත් , මහජන මුදල් සොරා කනවානම් දුෂණය ,වංචාව සිදුවෙනවානම් තරාතිරම් නොබලා අගමැති ,මැති ඇමතිවරු , රාජ්‍ය නිලධාරීන් , මහජනයා වැනි සියළුම රටේ පුරවැසියන්ට නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න ඔබට 62 ලක්ෂයක් ජනවරමක් දුන්නේ . මහජනයාගේ අධිපති ඔබයි. වේදිකාවලයි , මාධ්‍යයටයි. රටේ වංචාව දුෂණය සිදුවනවා කිය කියා හිටියොත් ඔබෙත් අපෙත් මාතෘ බුමිය සැමදා එක තැනමයි.
ඔබ දන්න දුෂිතයන් හෙළි කලානම් මොකද නිකන් අවලාද කියන්නේ නැතුව.
ඔය බන දැන් අහලම එපා වෙලා තියෙන්නේ. අපරාදේ අපේ ඡන්දය මංකොල්ල කන්න ආයෙම කාටවත් ඉඩදෙන්නේ නැහැ. මිනිස්සු 2015 ජනවාරි 8 කරගත්තේ අමන කමක් කියලා මේ කතා අහනකොට හිතෙන්නේ. හැබැයි එකෙන් අදහස් කරන්නේ මහින්ද හරි කියල නෙමෙයි. දැන්වත් ඔය බන දේශනය නවත්වා සදාචාර සම්පන්නව ඔතනින් අයින් වෙන්න. මිනිස්සු ලක්ෂ ගානක් ඒකට කැමති වේවි.
අපිට ලොකු ආඩම්බරයක්... මේ රටේ කාටවත් හොයාගන්න බැරි මේ වගේ අභිරහසක් අපේ නුවණක්කාර ජනාධිපතිතුමා විසින් සොයා ගැනීමයි...
අපිට ලොකු ආඩම්බරයක්.. මේ රටේ කාටවත් හොයාගන්න බැරි මේ වගේ අභිරහසක් අපේ නුවණක්කාර ජනාධිපතිතුමා විසින් සොයාගැනීම. මෙතුමා බැහැ කීවත් අපි බලෙන්ම මෙතුමා ඊළඟ පාරටත් පත්කරගන්න වටිනවා...
දේශපාලනඥයෝ දූෂිතයි. නිලධාරින් කට්ටයි, දූෂිතයි. ජනතාව මෝඩයි. අනේ රටකට ගිය කල!!
රටේ ප්‍රධානියා ලෙස තොරතෝංචියක් නැතිව කියවන එක ඔබගේ තනතුර හොඳ නැහැ. අනික ඔය කියන දේශපාලකයන්ගේ ගොඩට ඔබත් අයිති බව අමතක කරන්න එපා. අනුන්ට ඇඟිල්ල දික්කළාට, ඇඟිලි 4ක්ම තිබෙන්නේ තමා දෙසට එල්ලවෙලා. වැඩබැරි මිනිස්සු නිතරම කරන්නේ අනුන්ට බැණලා තමන්ගේ නොහැකියාව වසාගන්න උත්සාහ කිරීමයි. ඊයේ අගමැති දිවුරුම් දීමේදීත් ඔබගේ කතාව ඔබට ගැලපුනත්, ඔබගේ තනතුරට නොගැලපෙන්නක්...
මම ඇතුළුව කියලත් ලියැවුණා නම් හොඳ ලිපියක්.
ඉස්සෙල්ලාම ජනතාව දැනගන්න අවශෂයයි, ව්‍යවස්තාව කඩනවා කියන්නේ ත්‍රස්තවාදී වැඩක්ද කියලා. ඒ තරමට දරුණු ගනයේ වැරැද්දක් කියලයි හැමතැනම කතා වෙන්නේ. මොකද ඕනෑම වගකීමක් බාරගන්නේ දිවුරලා , විවස්ථාව අනුව කටයුතු කරනවා කියලයි, කෙසේ හෝ බලය තියා ගන්නවා කියල නෙමේ. අනික හැමෝම ආදරය කලේ පක්ෂ පාට නොබලන කෙනෙකුට , රට දියුණු කරන්න.
ඉතින් ඔබතුමාට අපි පඩි දෙන්නේ නීතිය හරියට කරවන්නනේ.. වැටත් නියරත් ගොයම් කා නම්....
ඔක්කොම නීල කාස හොරු...
මෙයා ඒ ගොඩට අයිතිනම් මෙයා කරපු හොර තක්කඩි වැඩ ගැන කියන්නකෝ අපිට දැනගන්න. මෙයා පැත්තට හැරෙන ඇඟිලි 4 කියාපාන හොරකම් අපිටත් දැනගන්න කියන්න.
මටනම් වැටහෙන විදිහට ඔබතුමා හැර පාර්ලිමේන්තුවේ දේශපාලකයින් සියලු දෙනාම දූෂිතයි. නැත්නම් පොලොන්නරුව පැත්තේ ගොයියෝ කොළඹ 7 ගෙවල් ගනීවිද? වසර 10-15 තුල හබරලිය සහල් මුදලාලි මෙච්චර දියුණු වුනේ කොහොමද? එකවර තරු පන්තියේ හෝටල් කිහිපයක් හදාගෙන යන්නේ කොහොමද?
ජනාධිපතිතුමා කියන විදිහට බැඳුම්කර වංචාව සිදුවුනේ 2006 සිට 2016 අතර නම් රනිල් ආණ්ඩුව බාරගත්තේ 2015 නම් දැන් තේරෙනවනේ.. මේක පිටුපසත් කව්ද ඉන්නේ කියලා. අපි හිතුවා බැඳුම්කර වාර්තාව එලියට නොදා ඇද ඇද ඉන්න කොට මේවට තමා මහත්තයෝ කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවගේ කියලා...
කිසිම හරයක් නැති කමෙන්ට්ස් දමන්නේ කීදෙනාද? මෙතන ලියවී ඇති කතාව කියවා තිබෙන්නේ... ඉන්දියාවෙන් ගෙවල් 50000 හදා දෙන්න ලැහැස්ති වුණු ව්‍යාපෘතියට වෙච්චදේ හෝ ඒ ව්‍යාපෘතිය කඩාකප්පල් කළ එවුන්ගෙන් කිසිවෙක් කතාකරන්නේ නැත. මෙවන් අය ඉන්නා රටකටද හරියන්නේ...?
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාදුරුඔය රක්ෂිතයේ අභ්‍යන්තරයේ මහා වන සංහාරයක් සිදුවෙමින් පවතිතැයි ජනාධිපතිවරයාගේ උපදෙස් මත පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන යටතේ ගොවිතැන් කිරීමට යැයි පවසමින් මෙම කැලෑ එළි කරන බවත් ජනාධිපතිවරයාගේද නම අවභාවිත කරමින් මෙම මහා වන සංහාරය සිදු කෙරෙන බවත් පරිසරවේදීහු පෙන්වා දෙති.
ජනතාව අමතන්න කලින් කරුණාකර ඔබගේම හෘද සාක්ෂිය අමතා කතා කර එහි ප්‍රතිපලය පමණක් ජනතාවට කියන්න. හෘදසාක්ෂියක් නැති නායකයන් බහුතරයක් බලයේ සිටි රටක අඩු වශයෙන් හෘද සාක්ෂියක් ඇති මිනිසෙකුත් රටේ නායකයාව සිටි බව ජනතාව එදාට කියනු ඇත.
මෙයා තරම් රට නැති කරපු කෙනෙක් නෑ.
අපි හිතුවේ ඔබ කරනදේ කියන, කියනදේ කරන පුද්ගලයක් කියා.
මොනාද මේ කතා..? තමුන්ගේ කාර්ය මණ්ඩල ප්රධානියාත් පගා ගහනකොට...