IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක්

(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා සියළුම රජයේ සේවකයන්ට ලබන ජනවාරියේ වැටුප් වැඩිවීමක් ලබාදෙන බව වරාය නාවික  සිවිල් ගුවන් සේවා සහ ප්‍රවාහන අමාත්‍ය  බිමල්  රත්නායක මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ බස් ඩිපෝ 25ක් සංවර්ධනය  කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

බස් ඩිපෝවල වැඩියෙන් වැඩ කරන අයට වැඩියෙන් ගෙවීමට අවශ්‍ය කටයුතු කරන බවත් මේ ආයතන ජනතාවට උපරිමයෙන් සේවය කරන කාර්යක්ෂම ආයතන බවට පත් කළ යුතු බවත්  ඔහු සඳහන් කළේය.



අදහස් (7)

රාජ්‍ය සේවකයන්ට සුභ ආරංචියක්

වත්සි Saturday, 20 September 2025 12:46 PM

එතුමාගේ දැනට ප්‍රකාශයට පත් වී ඇති කෝටිපති වත්කම්වලින් ද මේ ගෙවීම කරන්නේ එසේත් නැත්නම් අන් ආණ්ඩු සහ ජනපතිවරු සිදු කළා වගේම රාජ්‍ය භාණ්ඩාගාරයෙන්ද? පාර්ලිමේන්තුවේ විරුද්ධ පාක්‍ෂික මන්ත්‍රීවරුනට තග දානවා මෙන් නැතිව අපට කරුණාවෙන් පහදා දෙන්න බිමල් ඇමැතිතුමා!

:       37       21

Nishan Saturday, 20 September 2025 01:01 PM

අර ට්‍රිලියන ගාණක් සල්ලි අච්චු ගැහුවා කිව්වානේ. දැන් ඉතින් බෙදන්න බැරියෑ...

:       36       23

ප්‍රභාස් Saturday, 20 September 2025 02:50 PM

2025 ජනවාරි 1 දිනෙන් පස්සේ විශ්‍රාම ගන්නා අයට ජූලි මාසේ ඉඳන් විශ්‍රාම වැටුප වැඩි කරනවා කිව්වාට තාම කාටවත් එහෙම එකක් ලැබිලත් නෑ. ඒ ගැන කතාවකුත් නෑ. තව තව පොරොන්දු දෙන්න කලින් මීට පෙර ඒවා ඉටුවෙලාද කියලා පසු විපරමක් කරලා හිටියා නම් හොඳයි ඇමැතිතුමා...

:       8       20

රනේ Saturday, 20 September 2025 03:16 PM

මොනවා? අපි ඉල්ලුවේ නෑ නේ?

:       0       0

PGP Thilak Saturday, 20 September 2025 03:47 PM

බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම රට බංකොළොත් වෙලත් කරන්නේ රජයේ සේවකයන් කියලා ඉන්න හොරුන්ට සැලකීම! මේ තත්ත්වයට රජයේ සේවකයන්ට සලකනවා මදි කියලා කෑ මොර දෙන විපක්ෂයත් වගකියන්න ඕනේ!! එතකොට පක්ෂ විපක්ෂ සේරම නිෂ්පාදන ආර්ථිකය හදන්න පටන් ගන්නෙ කවදාද?

:       1       0

ගුණරත්න Sunday, 21 September 2025 08:17 AM

ආණ්ඩුව වියදම් කරනවා තෙල් ලිඳක් පාදාගෙන වගේ. එත් තවම අයවැය හිඟය පියවන්න ණය ගන්න ඕනෑ. ඔය විදියට තමයි පහුගිය ආණ්ඩු කාලේ වියදම් කලේත්, අන්තිමේ රට බංකොලොත් වෙලා නැවතුණා...

:       1       1

Nandana Sunday, 21 September 2025 06:06 PM

මහජනතාවගේ බදුමුදල් රජයේ සේවකයන්ට බෙදීම ගැන ඔයා කලබල වෙන්න එපා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site