(විනීතා එම්. ගමගේ)
රාජ්‍ය බුද්ධි තොරතුරු ඉතා නිවැරදි බවත් බුද්ධි අංශ නිලධාරීන් රඳවා ගැනීම් හා ප‍්‍රශ්න කිරීම් හේතුවෙන් රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව ප‍්‍රශ්න රාශියක් ඇති වී ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවැසීය.
කවර කරුණකටත් වඩා රාජ්‍ය ආරක්ෂාව පළමු කරුණ විය යුතු යැයි ද ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය.
2015 න් පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ කි‍්‍රයාවලිය නිසා ජාතින්ට අවැඩක් වේ යැයි සිතා අන්තවාදි කල්ලිවලට එරෙහිව රජය කටයුතු කර නොමැති අතර යහපාලනය යන නමට මුවාවී රාජ්‍ය ආරක්ෂාව පහළ දැමිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය. බෙදුම්වාදයට හා ත‍්‍රස්තවාදයට එහා ගිය ආගමික ත‍්‍රස්තවාදයට රට මුහුණ දී සිටින්නේ යැයි ද වසර තිහක යුද්ධය නිමා කොට වසර දහයකට පසු මේ ඛේදජනක ඉරණමට රට මුහුණ දුන් බව ද ජයසේකර මහතා කියා සිටියේය.
පොලිස්පතිවරයා වහාම යම් තීන්දුවක් ගත යුතු යැයි ද නියොජ්‍ය පොලිස්පතිවරුන් හතරදෙනෙකුට අපේ‍්‍රල් 11 දා දැනුම් දුන් බව කියන පොලිස්පතිවරයා ඒ පිළිබ`දව ඉන් අනතුරුව 21 වැනිදා දක්වා සොයා නොබැලූ හේතුව ඔහු හෙලි කළ යුතු යැයි ද මන්ත‍්‍රීවරයා පැවැසීය.
රටක රාජ්‍ය ආරක්ෂාව යනු හෝටල් ආරක්ෂා කිරීම නොවන බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා කියන නමුත් රටක ආරක්ෂාව යනු හෝටල් පමණක් නොව රටේ සියලූ අංශවලට ආරක්ෂාව සැපයීම බවත් ජයසේකර මහතා ප‍්‍රකාශ කළේය. ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙවැනි කතා නොකිව යුතු යැයි පැවසූ ශ්‍රීලනිප ලේකම්වරයා ආරක්ෂක අමාත්‍යංශය ත‍්‍රීවිධ හමුදාව සහ පොලිසිය මුළු මහත් රටේම ආරක්ෂාව පිළිබඳ වගකීම භාරගතයුතු යැයි ද ස`දහන් කළේය.
සිදුකළ යුත්තේ එකිනෙකාට අවලාද නගා ගනිමින් සිටීම හෝ පුද්ගලික අමනාපකම් වෙනුවෙන් මේ සිද්ධිය භාවිතාකිරීම නොව මේ ත‍්‍රස්ත කල්ලිය මැඩලීමට කටයුතු කරන්නේ කෙසේ ද කියා සොයා බැලීම යැයි ද ඔහු ස`දහන් කළේය.
සමස්ත මුස්ලිම් ජනතාවම මීට වගකිව යුතු නැති බවත් මුස්ලිම් සමාජයේ සුළු කොටසක් ආගමික අන්තවාදයට අල්ලා ගෙන ඇති බවත් කීය.
2013 2015 2017 වැනි වර්ෂවල පවා මෙම කල්ලිය ගැන බුද්ධී අංශ දැනුම් දී ඇතැයි පැවසූ ශ්‍රී ලනිප මහ ලේකම්වරයා රට තුළ සිංහල අන්තවාදය දෙමළ අන්තවාදය හා මුස්ලිම් අන්තවාදය අඩු වැඩි වශයෙන් පවතින බව ද සඳහන් කළේය.
දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (23) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ගරු නොකරන බුද්ධි නිලධාරීන් නිසා අහිංසක රටවැසියෝ මරණයට පත්වෙනවා.
සමස්ත මුස්ලිම් ජනතාවම වගකිව යුතුයි. හේතුව දැනගන්න ඉස්ලාම් මුලධර්ම ඉගෙනගන්න. කතාවලට රැවටෙන්න එපා. රැවටුනා හොඳටෝම ඇති.
කාලෙකින් තේරුමක් ඇති දෙයක් කිව්වා මගේ හිතේ.
පොලිස්පතිවරයාට නියෝග නිකුත් කරන්නේ කවුද...? නීතිය හා සාමය පිළිබඳ ඇමැති කෝ?
ඔන්න තේරුමක් තියන කතාවක් කිව්වා. ආරක්ෂක ලේකම් ගොන් කතාවක් ජාතියන්තර නිලධාරියෙකුට කිව්වා.. එ්ක තේරුණු එක ලොකු දෙයක්. ඔය වගේ නිලධාරීන්ට රටේ ආරක්ෂාව සපයන්න පුළුවන්ද? පාර්ලිමේන්තුවට ආවේ නැති වුණාට මහජනතාවට යමක්කමක් තේරෙනවා... මගේ හැඟීම නම් රටේ නායකයා ගෙදර යන වෙලාව හරි...
අගමැතිත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන්නැයි ඔබේ ලොක්කාට කියන්න. එවිට කිසිඳු ප්‍රශ්නයක් පැන නගින්නේ නැත.
බුද්ධි නිලධාරින් ඉන්නේ තමන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් වලට කොන්ත්‍රාත් ලබා දීමට නොවේ . රට වෙනුවෙන් වැඩ කිරීමටයි , අකටයුතු වැඩ කිරීම රාජකාරියක් නෙවේ , රට වැසියා නොමග යැවීම දඩුවම් ලැබිය හැකි වරදක් . බුද්ධි නිලධාරීන් රදවා ගෙන ඉන්නේ කාගේවත් ආසාවට නෙවේ , නීතිමය කටයුත්තකට (සැක සහිත දෙයකට ) මේ අස්සේ රට බේරා ගැනීම මිස වෙන දේවල් බේරා ගැනීම, දුෂ්ට ක්‍රියාවක් ලෙසයි පෙනී යන්නේ . කව්රුත් දන්නා දෙයක් නම් දැනටමත් රාජකාරී කරන බුද්ධි නිලධාරීන් හරියටම තොරතුරු සපයල තියෙනවා . ඇතුලේ ඉන්න අය ගැන කතා කරන්නේ ඇයි ????????????????? දැනට සේවය කරන බුද්ධි නිලධාරීන් ගැන අපි ආඩම්බර විය යුතුයි .