ඉන්දිකා රාමනායක
නාවික හමුදා ලූතිනන් යෝෂිත රාජපක්ෂ මහතා තාවකාලික ලූතිනන් කමාන්ඩර් නිලයට උසස් කර නාවික හමුදා මුලස්ථානයට අනුයුක්ත කර ඇති බව නාවික හමුදාව පවසයි.
ඒ මහතාගේ සමකාලිනයින් දැනට ලූතිනන් කමාන්ඩර් ස්ථිර නිලයට උසස් කර ඇති හෙයින් යෝෂිත රාජපක්ෂ මහතා තාවකාලිකව එම නිලයේ පිහිටුවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර මහතා කීය.
ඉදිරියේ එම නිලය සඳහා අවශ්‍ය මුලික සුදුසුකම් සපිරීමෙන් පසුව ඒ මහතා ස්ථීර ලූතිනන් කමාන්ඩර් නිලයේ පිහිටුවන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මුදල් විශූද්ධිකරණ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන බාධාවකින් තොරව සිදුකරගෙන යාම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි 2016.2.28 දින යෝෂිත රාජපක්ෂ මහතාගේ සේවය අත්හිටුවා තිබිණි.
යෝෂිත රාජප්කෂ මහතාට ඇති චෝදනා ඔප්පුවී නොමැති හෙයින් ඒ මහතා යළිත් නාවික හමුදා සේවයේ පිහිටුවන ලෙසට ඉල්ලා ඉකුත් (23) දින සේනාධිනායක ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් නාවික හමුදාපතිවරයා වෙත යොමු කළ ලිපියක් යොමුකර තිබිණි.
අනුව නාවික හමුදාපතිවරයා විසින් ඉකුත් (23) දින එම ලිපියට අත්සන් තැබීමෙන් පසුව 2016.2.28 දින සිට බලපැවැත්වෙන පරිදි යෝෂිත රාජපක්ෂ මහතා යළිත් නාවික හමුදා සේවයේ පිහිටුවා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි කවදා හිනැහෙමුද මේ රටේ?
හැමෝගෙම උසස් වීම් මෙහෙම ඉක්මනට විසදෙනවානම්, ලංකාව හරි වාසනාවන්ත රටක් වෙයි.
රජ්ජුරුවෝ ලක්ෂ 200 ක් ජනතා මුදලින් පිට රට ඇරිය පුහුණුවකට එකත් අසමත් වෙලා නේද .?
අනේ මෙහෙම විහිළු මොවූන් රජවරුද මොවූන්ට මේ රටේ නීති අදාල නැද්ද .
කෙලින්ම අද්මිරාල් ධුරයට උසස් කරලා නාවික හමුදාපතිකම දුන්නනම් හරි. මේ දෙගොල්ල අපිට පේන්න බොරුවට රණ්ඩු උනාට එකම පන්තියේ මිනිස්සු. මෙච්චර කාලෙකට එක හොරෙක් ඇල්ලුවද? එකෙක් හිරේ දැම්මද? දැන්වත් මේ ටික තේරුම් ගමු. මේ දෙගොල්ල ඉන්නකන් මේ රට ගොඩගන්නවා බොරු. මේ දෙගොල්ලම එකට තියලා පරද්දන්න ඕන. ජවිපෙ පාලනයක් එනතුරු මුන් දෙගොල්ල එකතු වෙලා මේ රට මංකොල්ල කනවා. මෙදා සැරේ නිවැරදි තීන්දුවක් ගමු.
කව්දෝ කිව්වා නේද බඳින්න ඕන හින්දා රස්සාව දුන්නේ කියලා? දැන් එහෙම නෙවෙයිද? අනේ මන්දා මොනවද මේ කියන්නේ කියලා...
ඒ කියන්නේ මැණික් මල්ලක් ආච්චි ඇහින්දා පස්සේ සල්ලි මල්ලක් දීලා මැණික් මල්ල අරන් ගියා. මේ ආණඩුව පරා ජය කරන්න කෙස් පැලෙන නීතිතර්ක වුවමනා නැත. මේවගේ විහිලු තර්කයකින් ශේප් වෙන්න පුළුවන්... මේ ගොන් ආණඩුව පස්සේ ගිය 62ට වුණේ අර නලාකාරයා පසුපස ගිය මීයන් රැලට වූ සන්තාසිය තමයි...
අවුරුදු හතර හමාරක් තිස්සේ නටපු නාඩගමකුත් නැහැ, බෙරේ පලුවකුත් නැහැ.
ඒ කොහොමද එහෙම වෙන්නේ? කැලෑ හමුදාවකවත් නොවෙන දේවල්නේ මේ සිද්දවෙන්නේ...
අපේ ඉන්න විහිළු සේනාධිනායකලාගෙන් මීට වැඩිය මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්...
සිරිසේන මහින්දට පගාව දෙනවා වගේ... ඉදිරි වැඩ කටයුතු වලට...
බනානා දූපතේ මෙවැනි දේවල්වලට අනුමැතිය දෙනවා. ඊට පස්සේ වෙරි සොරි ඩොට් කොම්... කට පියාගෙන ඉන්න එක හොඳයි...
වෙඩින් එකට වෙන්න ඇති. මිනිසුනේ ගිහින් අායෙත් මේ ගොල්ලන්ටම කතිරේ ගහන්න. අපේ අනාගතය ගැන හිතන්න එපා. මේ රට හැමදාම දියුණුවෙමින් පවතින රටක් වේවි.
එතකොට අපොස සමත් විද්‍යා විෂයන්ගෙන්ද..? කොළය වහලා ගේමක් ගැහුවා. අන්තිමට වැඩේ අහුවුණා. මේ නිසා අනෙකුත් නාවික නිලධාරීන්ගේ " තත්වය" හෑල්ලු වෙනවා. ඔහොම යමුකෝ... නාගානන්ද වගේ නායකයෙක් පත්වුණොත් ඔය නඩු කාරයන් ඔක්කොම ගෙදර.. අපි බලාගෙන ඉමුකෝ... කෙසේවෙතත් ජනාධිපතිතුමා මේ ගැන ලැජ්ජාවිය යුතුයි. අනේ මන්දා... එතුමා ලැජ්ජාව කියන්නේ මොකක්ද කියලා දන්නවාද දන්නේ නැහැ..
මේ කරන දේ වලින් වෙන්නේ රාජපක්ෂ පවුල එපාවෙන එකයි.
තව මාස කිහිපයකින් කමාන්ඩර් තනතුරත් දෙයි..
මෙහෙම ගිහින් හමුදාපති කෙනෙක් බවට පත් කලත් පුදුම වෙන්න එපා ෆ්‍රෙන්
රටට එකම නීතියක් තිබෙන්න ඕනේ කියන එවුන්ගේ තරම පේනවාද? තීන්දුව නොලැබූ මුදල් විශුද්ධිකරණ නඩුවක් යන අතරේ තනතුර දීලා ..
යන්න කලින් නාවික හමුදාපතිත් කරලම යන්න.
විරුද්ධ පක්ෂ ආණ්ඩුවක් ආවහම වැඩ තහනම්..., ඊට පස්සේ තමන්ට හිතවත් ආණ්ඩුවක් අාවහම උසස්වීම් සමග පසුගිය කාලෙට අදාල සියලුම දීමනා ලබාගෙන ගෙදර ඉන්න පුළුවන් මේ විදිහට ගියොත් මෙතුමා නාවික හමුදාවේ සේවය නොකර ගෙදර හිටියත් ලෝකේ වටේ සවාරි ගැහුවත් එහෙම නැතිනම් ව්‍යාපාර කළත් තව අවුරුදු 15-20 යනකොට නාවික හමුදාපති වෙන්න පුළුවන්... ඊට පස්සේ විශ්‍රාම යන්න පුළුවන්..., ඊට පස්සේ මැරෙනකම් අපේ බදු මුදලින් වෙඩි නොවදින වාහන නිල නිවාස, විශ්‍රාම වැටුප් ලබාගනිමින් ජීවත් වෙන්න පුළුවන්... අප තවදුරටත් මෙවැනි වැඩවලට ඉඩ දියයුතුද?
කොන්ද පණ තියෙන නාවික හමුදාපතිවරයෙක් හිටියා නම් අඩුම තරමේ කියයි මම මේකට විරුද්ධයි කියලවත්..
ජනාධිපතිතුමා යෝශිතට වෙඩින් තෑග්ග කලින්ම දීල වගේ !!!
විජිත් මයා, නාගානන්ද කියන්නේ 2005දී මහින්දට වැඩ කරපු කෙනෙක්. ඉල්ලූ තනතුර නොදීම නිසා අමනාප වුණු..., මාධ්‍ය මගින් පුම්බන ලද කෙනෙක්...