(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් වු මොහොතේ වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව සිටින ද්‍රවිඩ ජාතික සංන්ධානයේ ඉල්ලීම්වලට මහින්ද රාජපක්ෂ මහතා එකඟ වුයේ නම් අද පවතින්නේ මහින්ද රාජපක්ෂ රජයක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා අද (16) පැවසීය.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එමෙන්ම තම කණ්ඩායම පටන් ගත් යුඑන්පී හා යහපාලන විරෝධි අරගලය පසුබැසීමකට ලක්වුයේ උපාය මාර්ගික ක්‍රමවේද තුළ තිබු වැරදි සහගත ස්වභාවය නිසා යැයි ද හෙතෙම පැවසීය.
මෙම පුවත් පත් සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ ටී.රංජිත් සොයිසා මහතා මෙසේ ද කීය.
විශාල ජනවරමකින් ජනපති වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර වසර තුනකින් පමණ පසු ඇතිවු විරසකය තුළින් රනිල් මහත්තයාට කිසිදු නායකයෙක් සමඟ එකට වැඩ කළ නොහැකි බවට පෙනෙනවා. කලින් චන්ද්‍රිකා මැතිණිය සමඟත් වුණේ ඒකමයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය එපා වුණේ ඇයි කියලා එක්සත් ජාතික පාක්ෂිකයන් තමන්ගේ හදවතින් විමසලා බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
“අද එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වෙලා තියන ද්‍රවිඩ සන්ධානය මහින්ද මහත්මයා අගමැති වුණ වෙලාවේ රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිවසේදී වෙලාවේ සහය දෙන්න නම් කියා කොන්දේසි පහක් ඉදිරිපත් කළා. මෙන්න ඒ කොන්දේසි.“
1. ආරක්ෂක හමුදාව යාපනයෙන් ඉවත්කිරිම
2. යාපනයේ හමුදා කඳවුරු ඉවත් කිරිම
3. හිර දඬුවම් ලැබූ එල්ටීටිඊ සාමාජිකයන් නිදහස් කිරිම
4. ෆෙඩරල් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරිම
5. ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරිම
“ඒ වෙලාවේ දි බලයට තියන කෑදරකම නිසා ඒවාට එකඟ වුණානම් අද තියෙන්නේ 125ට එහාගිය බලයක් ඇති මහින්ද රාජපක්ෂ රජයක්. “
“ඒවගේම රටට වින කරපු, ජනතාවගෙන් ප්රතික්ෂෙප වු පුද්ගලයන් ඇවිත් මුදල් ඇමතිකම, සෞඛ්‍ය ඇමතිකම, බස්නාහිර පළාත් සංවර්ධන ඇමතිකම ඉල්ලන වෙලාවෙ දුන්නනම් ඒත් අද තියෙන්නේ 125ට එහා ගිය මහින්ද රාජපක්ෂ රජයක්“ යයිද රංජිත් සොයිසා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිවාදය වපුරපියව්... වෙන මොනවද දන්නේ?
ගෙදර යන්න ඉස්සෙල්ලා මේවා කිව්වා නම් තමයි වටින්නේ...
දේශපාලකයින් කියන කරන දේවල් මහජනයා සාවධානව අසා සිටියි...
අනේ නිකම් ඉන්න මහත්තයෝ, කෙබර කෙලින්නේ නැතුව! ඔහෙලා ඒ මිනිස්සුන්ට ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නම් කියලා කිව්වත්, ඔහෙලගේ අවනීතික වැඩේට සපෝර්ට් එක දෙන්න සම්බන්ධන් මහත්තයා කැමති වුනේ නැහැ. දෙසැරයක්ම පින්සේණ්ඩු වුණානේ. කට ඇරියොත් කෙප්ප කෙලින අතිගරුතුමාව විශ්වාස කරන්නේ කවුද? ඒ ඇරත් ඔය පොහොට්ටුවන්ගේ ලොක්කන්ට වඩා සම්බන්ධන් මහත්තයලාට ප්‍රතිපත්ති තිබෙනවා. පොහොට්ටුවෝ වගේ එහාට මෙහාට පනින්නේ නැහැ!
කට අැරගෙන බලාඉන්න ඇති වහගෙන කන්නම් කියලා.. දැන් දුක ඇති කන්න වරම නැති වුණාට... පුළුවන් නම් කියන්න බලන්න රට වෙනුවෙන් තමුන්ගේ ආණ්ඩුව කාලේ තමුන් කළ එක වැඩක්... ජනතාවට කලේ එකයි හොරකම් කල එක හා ජනතාවගේ බදු මුදල් වලින් සැප විඳ පඩි ගත්තා... එච්චරයි.
කුමන්ත්‍රණය පැරදිලා බයිලා කියනවා. ජාතිවාදී මෝඩයෝ...
ඔය වගේ අය ඉන්නකල් මේ රටට හරියන්නේ නැහැ.
ජාතිවාදය පතුරුවා බලයට එන්න හදන්නේ. ලැජ්ජයි ලොක්කා..
අපිට නම් ආරංචි වුනේ ඔය කියන කරුණු පහටම තමුන්නාන්සේලාගේ ලොක්කෝ කැමති වෙලා තියෙනවා නමුත් එයාලා ගැන විශ්වාසයක් නැති නිසා ටී.එන්.ඒ එක තමුන්නාන්සේලාට පක්ෂ වෙලා නැහැ.
ගහන්න බැරි මිනිහා කෙල ගහනවා කියන්නේ මෙන්න මේ වෙලාවට තමයි. අධිකරණය දුන් තීන්දු අමතක වගෙයි...
මොනවා නොකළත් ජාතිවාදය වපුරලා රට ගිනි තියන්න නම් දෙයියෝ... මැරෙනකොට මොනවද දන්නේ නැහැ. මේ කට්ටිය ගෙනියන්නේ...
ද්‍රවිඩ සංධානයේත් මුස්ලිම් කොන්ග්රසයේත් මන්ත්‍රීවරුන් " මුදලට " ගන්න කොට ඔහොම හිතුනේ නැද්ද? මේවා දිවේ මයිල් එන අමු මුසාවාද... මධ්‍යස්ත මත දරන කට්ටිය වගේම මහින්ද රාජපක්ෂට හිතවත් කට්ටිය තව තවත් ඈත් වෙන එක තමයි මේ වගේ කතාවලින් වෙන්නේ...
මෙයා මේ කියන්නේ නාමල් ටී.එන්.ඒ එකට දුන්න පොරොන්දු ටික... ඒ මිනිස්සු කීවේ නාමල් මේ සේරම දෙනවා. එයාලට සහයෝගය දෙන්න කියලා බල කළා කියලා... මෙයට මේ නම පැටලිලා..
ඉස්සරහට කුඩා පක්ෂවල සහයෝගය නැතුව කිසිම කෙනෙක්ට ලේසි නෑ ආණ්ඩු කරන්න. 2001, 2004 වගේම 2015 ප්‍රතිඵලත් අරන් බැලුවහම ඒක පැහැදිලියි.
හරි ඒ කියන්නේ ඒ ගොල්ලන් ඉල්ලු දේවල් කියමුකෝ, ඒවාට බැහැ කියලා ඒ වෙනුවට දෙන්න පොරොන්දු වෙච්ච දේවල් ටිකත් ඔය ගමන්ම කියනවද? කෝටි පනහ ගානේ දෙනකොට ජාත්‍යාලය මතක් වෙන්න නැතුව ඇති නේද? කරුණාට උප සභාපතිකම දෙනකොටවත් අඩු ගානේ හිතුනේ නැද්ද පොලිස් නිලධාරීන් 600 ක් ගැන වග කියන්න ඕන මිනිහ නේද මේ කියලා? එතකොට ජාත්‍යාලය කොහෙද තිබුනේ? මං කියන්නද වැඩක්, බයිලා ගහලා ලොක්කගේ ඉතුරු ඡන්ද ටිකත් කඩලා දාන්නේ නැතුව කට වහගෙන ඉන්නවද?
ඔන්න සුමන්දිරන් කියනවා වැඩියෙන් දඟලන්න එපාලු. නාමල් දෙන්න පොරුන්දු වුණු දේවල් රටට හෙලිකරනවලු.
ජාතිවාදයෙන් මිනිසුන්ට පුන්නක්කු කවන්න හදන මේ අයගේ දේශපාලනය කොයිබටද? අරයගේ රිමෝට් කන්ට්‍රෝල් කතාවෙනුත් නොකියා කිව්වෙත් ජාතිවාදයම තමයි.
TNA ධර්මලිංගම් කීවා රනිල් පොරොන්දු වුනා කියලා උතුරු නැගෙනහිර TNA එකෙන් අවසර නොමැතිව කිසිම දෙයක් නොකරන බවට. ඒ කතාව රනිල් ප්‍රතික්ෂේප කලේ නැත.
අවස්ථාවාදී දේශපාලුවන්...
එතකොට TNA එකත් එකතු කරගෙනද ඔය අධිරාජ්‍ය විරෝදී පෙරමුණ හදන්න හිටියේ!
අපිනම් කියන්නේ ඔයවගේ බොරු ප්‍රකාශ කරමින් ජනතාවගේ පිළිකුලට හාස්‍යට ලක්නොවී රක්ෂාවක්වත් හොයාගන්න කියලයි ..
තමුන්නේහෙලා අන්තිමට ගහන පදය ඕක තමයි. සිංහල , දෙමල , මුස්ලිම් ඔක්කොම ශ්‍රී ලන්කිකයෝය. ඒ සත්‍යය අවබෝධ කර ගනිව්. දෙමල, මුස්ලිම් අය ඕනේ වෙලාවට බයිට් එක නෙමෙයි. අපි ඔක්කොම එකම ශ්‍රී ලාංකිකයෝ.
මේවගේ අයගේ කතාවලින් නම් වැඩක් නැහැ.