(නිමල කොඩිතුවක්කු)
ක්‍රිස්තියානි ආගමික ස්ථාන ඇතුලු ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මියගිය පිරිස් සිහිකරමින් හෙට (24) දිනයේ දිවයින පුරා පන්සල්වල ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉල්ලීමක් කළේය.
පස්වරු 6.00 ට ඝාණ්ඨාර නාද කරමින් ශබ්දපූජා පවත්වා මෙම ආගමික වැඩසටහන් ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.
එමෙන්ම සෑම පන්සලකම සුදු කොඩි ප්‍රදර්ශනය කරන ලෙසත් බුද්ධශාසන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙරේරා මහතා පැවැසීය.
එමෙන්ම සාමකාමීව හා වඩාත් විමසිල්ලෙන් කටයුතු කරන ලෙසට සියලුම බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා එහිදි පැවැසීය.
මෙම අවස්ථාව සඳහා කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති විද්‍යාලංකාර පරිවෙණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරි ගෝණදූවේ ගුණානන්ද හිමියෝ ඇතුලු පිරිසක් එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක හේතුන් නිසා පල්ලිවල දේව මෙහෙයුම් අවලංගු කරලා දැන් පන්සල්වල එවැනි දේවල් කරලා මනුස්සයින්ව ඒ තැන් වලට එකතු කරන්නේ කොහෙන් ලැබුණු බුද්ධිමත් භාවයක් නිසාද ?
කියනකම් හිටියේ.
ආරක්ෂාව තවම තහවුරු නෑ නේද ? කරන පිංකමක් ගෙවල්වල කරන්න දෙන්න. පන්සල්වලට එක්රොක් වෙලා අනතුරක් වුණොත් ඔය ඉල්ලීම කරන අමාත්‍යාංශය කියයි අපි දන්නේ නැ කියලා
කියන්න කලින් අපි ඒක කරා. මිනිස්සු පන්සල් නොගියත් ගෙදර ඉදන් හරි එහෙම ප්‍රාර්ථනා කරා. ඔයාලගෙ වැඩේ හරියට කරන්න
රටට අඬබෙර ගගහ මේවා කලයුතු කාලයක් නෙමෙයි මේ .මේ තුලින් තවත් ව්‍යසන වෙන්න පුළුවන් . පින්කම් පැවැත්තුවත් නොපවතුවක් රට වැසියා හදවතින් පතන්නේ මෙවන් විපත් සතුරෙකුටවත් නොම වේවායි කියලයි!!!!!!!!!!!!!