වසර 32 ක යුද්ධයෙන් බැට කෑ ශී‍්‍ර ලාංකික ජනතාව යුද්ධය අවසන් වීමෙන් පසු සැණකෙළි දිවියක් ගෙවීම වරදක් නොවූවද බලලෝභී දේශපාලනඥයන්ද එම කතුරු ඔන්චිල්ලාවට නැඟීම නිසා ජාතික ආරක්ෂාව අනතුරට පත්වූ බව හිටපු හමුදාපති, ෆීල්ඞ් මාෂල්, සරත් ෆොන්සේකා මහතා පැවසීය. හදිසි නීතියට අදාළ රෙගුලාසි සම්මත කරගැනීම සඳහා පැවැති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ෆෙන්සේකා මහතා එසේ පැවසීය.
”යුද්දෙ ඉවරු වුණාට පස්සේ අපි හරි මාර්ගයෙ ගියෙ නෑ කියලා මම විශ්වාස කරනවා. අවුරුදු 32 ක යුද්දෙ ඉවර වුණාට පස්සෙ අපි කානිවල් ජීවිතයක්, එහෙමත් නැත්නම් විශාල උත්සවාකාර ජීවිතයක් අපිට ආරම්භ කරන්න පුළුවන් වුණා”
”දීර්ඝ කාලයක් දුක්විඳලා අපිට ලැබුණ අවස්ථාවේදී එහෙම කරපු එක වරදක් නෙමේ. අපිට නිදහස ලැබුණා. ආරක්ෂාව තිබුණා”
”නමුත් අපි දේශපාලකයෝ සහ හමුදා ප්‍රධානියො හැටියට ඒ ගොල්ලොත් මේ කානිවල් එකේම, ඒ කතුරු ඔන්චිල්ලාවෙම නගින්නෙ නැතුව අපිට එතනින් එහාට ගිහිල්ලා වගකීමක් තිබුණා. රට ආරක්ෂා කරනවා කියන එක ත්රස්තවාදයක් එනකන් ඉඳලා කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒක දේශපාලකයන්ටයි, හමුදා ප්රධානීන්ටයි තේරෙන්න ඕන” යයිද ෆොන්සේකා මහතා පැවසීය.
ෆීල්ඞ් මාෂල් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාව මෙසේය.
කතානාක කරු ජයසූරිය මහතා -
ගරු ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා, ඔබ තුමාට විනාඩි 15 ක් තිබෙනවා.
සරත් ෆොන්සේකා මහතා -
ගරු කතානායක තුමනි, විනාඩි 15 ඇති හමුදාවේ සාජන් කෙනෙකුට මේක ගැන කතා කරන්න.
කතානාක කරු ජයසූරිය මහතා -
නෑ ඉතින් මට අද වෙන් කරපු.... ඒක මගේ රාජකාරියක් නෙමෙයි ගරු මන්තී‍්‍ර තුමනි.
(සැවොම සිනාසෙති)
සරත් ෆොන්සේකා මහතා -
අපේ රටේ සිදුවුණ විශාලම ඛේදවාචකයට අපි දවස් කිහිපයකට ඉස්සෙල්ලා මුහුණ දුන්නා.
අවුරුදු 32 ක යුද්දය කාලෙදි වුනත් එක දවසකින් එක වෙලාවකට ඔය වගේ විශාල ඛේදවාචකයක් සිදු වුණේ නෑ. ඒකට හේතුව යුද්දෙ හෙමින් පටන් අරන් වැඩි වුණා. හමුදාව, රට ඒවට පුරුදු වෙලා සූදනම් වෙලා ජීවත් වුණා. කෙසේ වුණත් 360 ක් මැරිලා මේ වෙනකොට. 500 කට අධික පිරිසක් තුවාල ලබලා. මුලූ රටම කම්පාවට පත්වෙන ඛේදවාචකයක් සිදුවුණා.
අද මම කතා කරන්නේ, ගරු කතානායක තුමනි, ආණ්ඩුව පැත්තෙ ඉඳලා නෙමෙයි. රටේ පැත්තෙ ඉඳලා.
ඒක හන්දා රට වෙනුවෙන් මේ වගේ තත්වයකට අපි මුහුණ දුන්නම අපිට වේදනාවක් තියෙනවා. අපි රටට සේවය කරපු අය. රට වෙනුවෙන් කැප කිරීම් කරපු අය. මෙතනදි ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ පුද්ගලයින් ආරක්ෂා කිරීම අදාල නෑ. අපි රට ගෙඩගන්නෙ කොහොමද, රට ඉදිරියට ගෙනියන්නෙ කොහොමද කියන එකට යථාර්ථයට මුහුණදීලා කතා කරන්න අවශ්‍ය වෙලාවක් මේක.
අපි අවුරුදු 32 ක් දුක්විඳපු රට බේරගත්තා. ඒ තිබුණ ප්රශ්නය අවුරුදු 32 ක් ඇදිලා යෑමටත් හේතු කාරණා වුණේ මම දකින විදියට මගේ මතය, මගේ හෘද සාක්ෂිය ප්‍රධාන වශයෙන්ම දේශපාලකයින්ගේ. ඒ වගේම හමුදා ප්‍රධානීන්ගේ තිබුණ දුර්වලතා. නැත්නම් ඒ යුද්ධයත් ඊට ගොඩාක් කලින් ඉවර කරන්න පුළුවන් අවස්ථා තිබුණා.
නමුත් ඒ ඒ දුර්වලතා ප්රභාකරන් වැනි අය අඳුනගත්ත නිසා යුද්ධය අවුරුදු 32 ක් ඇදිලා ගියා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට රට විනාශ වෙලා රට වැසියා දුක්වින්දා. ඊට පස්සේ මම හිතනවා නිසි අයට වගකීම් පැවරිච්ච අවස්ථාවේදී ඒ ප්‍රශ්නයෙන් අපිට ගොඩ එන්න පුළුවන් වුණා. ඒක තමා ඒ අතීත කතාවේ ශෝකාලාපය.
දැන් අද ජනතාවට භයානක තත්වයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේක සුළුවෙන් සැලකිය හැකි තත්වයක් නෙමෙයි. ඉතා භයානක තත්වයක්. එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට මේ තත්වයට එන්න විශාල කාලයක් ගියා. අවුරුදු 10 කට 12 කට අධික කාලයක් ගියා මේ දින කිහිපයකට කළින් සිදුවුණා වගේ සිද්ධියක් කි‍්‍රයාවට යොදවන්න.
නමුත් දැන් මේ ත්‍රස්තවාදය එතැනින් පටන් අරන් තියෙනවා. ත්රස්තවාදීන් දෙගොල්ලගේ අරමුණ වෙනස්. එල්.ටී.ටී.ඊ. එක ආවේ රට බෙදන්න. ඒක හන්දා භූමිය අල්ලගෙන ඉන්න ගිහින් එයාලා විනාශ වුණා. මේගොල්ලො ඇවිත් තියෙන්නේ රට බෙදන්න නෙමෙයි. ප්‍රහාර එල්ල කරන්න. ඒගොල්ලන්ගේ ආගමට යම් කිසි ප්‍රතිරූපයක් ගොඩනගන්න හදනවා වැරදි මාර්ගයෙන්.
ඒ ගැන අපි කණගාටු වෙනවා. ඒ තරුණයො නොමග යෑම ගැන අපි ඇත්තටම කණගාටු වෙනවා. තාම ඒ තරුණයො එක්ක වෛරයක් අපේ හිතේ නෑ. නමුත් ඒගොල්ලන්ගේ ත්රස්තවාදයේ අරමණු වෙනස්. ඒක ජාත්‍යන්තර ත්රස්තවාදයක්. ඒගොල්ලන්ට ජාත්‍යන්තර සහාය නෑ. එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට ජාත්‍යන්තර සහාය තිබුණා. දැන් අපිට ජාත්‍යන්තර සහාය තියෙනවා. නමුත් මේ ත්‍රස්තවාදය ඉතා දරුණු විෂ බීජයක්. ඒක හන්දා ඒකට මුහුණ දෙන්න වෙනවා.
දැන් නැවතත් මේ රටේ ජනතාවට ත්‍රස්තවාදය මොක වුණත්, එකම අදීනව වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. දැන් නැවතත් ජනතාවගේ ජීවිත අවිනිශ්චිතයි. එළියට ගියාම අපහු එන්න හම්බවෙයිද දන්නේ නෑ. අම්මයි තාත්තයි වාහන දෙකක වැඩට යන්න ඕන. දරුවො දෙන්නා එක වාහනේක ඉස්කෝලෙ අරින්නේ නෑ.
ඊට පස්සේ ආරක්ෂක කපොලූ එහෙම අරින්න සිද්ධ වේවි. ජනතාවගේ සාක්කු, කලිසම්, බඩවල් ඔක්කොම අතපත ගාලා. සුද්ධ කරලා, පරික්ෂා කරන්න වේවි. ඒවයින් හිරිහැර වේවි. රැවුලක් වවාගෙන ඉන්න තරුණයෙක් දැක්කොත් මුස්ලිම් තරුණයෙක් කියලා අල්ලගෙන ප්‍රශ්න කරන්න පටන් ගනී. (තමාගේ වම්පස සිටින ආශූ මාරසිංහ මහතා දෙසට අත දිගු කරමින්) මේ වගේ අයට රැවුල බාන්ඩ වෙනවා දැන්.
ඊළගට සංචාරකයින්ගේ ඒම අනිවාර්යෙන් නවතිනවා. රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ආයෝජන එන එකක් නෑ. ආණ්ඩුවට විතරක් නෙමෙයි මේක බලපාන්නේ. මේක විසඳුනේ නැත්නම් (විපක්ෂය දෙසට අත දිගු කරමින්) තමුන්නාන්සෙලාගේ අණ්ඩුවක් ආවත් මේ ප්‍රශ්නයට මේ ආකාරයටම මුහුණ දෙන්න වෙනවා. ඒක හන්දා මේ තත්වයෙන් අපි ගොඩ එන්න ඕන එකතුවෙලා. එකට ශක්තිමත් වෙලා. මේ සභාගර්භයේ සිටින සියලූ දෙනාගේම ආශිර්වාදය මැද අපි මේකෙන් ගොඩ එන්න ඕන.
දැන් සමහරු අහන්න අකමැති වෙයි. විශේෂයෙන්ම දේශපාලකයෝ. මෙතන ඉන්න හැමෝම දේශපාලකයෝ කොයි පැත්තෙ හිටියත්.
පහුගිය යුද්දෙ ඉවරු වුණාට පස්සේ අපි හරි මාර්ගයෙ ගියෙ නෑ කියලා මම විශ්වාස කරනවා. මේක මගේ මතය. තමුන්නාන්සෙලා විරුද්ධ වෙන්න පුළුවන්. මම හිතන්නේ අවුරුදු 32 ක යුද්දෙ ඉවර වුණාට පස්සෙ අපේ කානිවල් එකක් එහෙමත් නැත්නම් විශාල උත්සවාකාර ජීවිතයක් අපිට ආරම්භ කරන්න පුළුවන් වුණා.
ඒක කරපු එක වරදක් නෙමෙයි. දීර්ඝ කාලයක් දුක්විඳලා අපිට ලැබුණ අවස්ථාවේදී අපිට නිදහස ලැබුණා. ආරක්ෂාව තිබුණා. අපිට කානිවල් ජීවිතයකට අතපත ගාන්න ආපහු අවස්ථාව ලැබුණා. නමුත් අපි දේශපාලකයෝ සහ හමුදා ප්‍රධානියො හැටියට ඒ ගොල්ලොත් මේ කානිවල් එකේම, ඒ කතුරු ඔන්චිල්ලාවෙම නගින්නෙ නැතුව අපිට එතනින් එහාට ගිහිල්ලා වගකීමක් තිබුණා. රට ආරක්ෂා කරනවා කියන එක ත්රස්තවාදයක් එනකන් ඉඳලා නෙමෙයි. ඒක දේශපාලකයන්ටයි, හමුදා ප්රධානීන්ටයි තේරෙන්න ඕන.
ඒ වගකීම යුද්ධයක් තිබුණත් නැතත්, ත්රස්තවාදයක් තිබුණත් නැතත් තියෙනවා. ඒ වගකීම අපි ඉෂ්ට කළේ නෑ. යුද්දෙ ඉවර වුණ දවසෙ ඉඳලා කානිවල් මූඞ් එක හොඳට තිබුණා. අපිට බලේට එන්න තියෙන ආසාවල්, ඊට පස්සෙ ප්රතිලාභ ලබාගැනීම්, හොඳ ජීවිතයක් ලබාගැනීම්. ඒ වුණාට නැවතත් වර්ථමාන ලෝකෙ සිද්ධවෙන දේවල් දැක්කාම අවදානමක් ගන්න සිද්ධ වෙන්න පුළුවන් කියන එක අපි බරපතල ලෙස තේරුම් ගත්තේ නෑ. යම් යම් තැන්වල කියවුණා. නමුත් බරපතල ලෙස තේරුම් ගත්තේ නැ.
රටක ආරක්ෂාව කියන්නේ ප්‍රමුඛත්වයේ අංක එක. ආර්ථිකය කියන්නේ ප්‍රමුඛත්වයේ අංක දෙක. ඒකට හේතුව තමා ආරක්ෂාව නැති තැනක ආර්ථිකයක් ගොඩනගන්න බෑ. ආර්ථිකයක් ගැන සිහින දකින රටක් නම් අනිවාර්යෙන් ආරක්ෂාවක් ඉතා තදින් තියෙන්න ඕන ශක්තිමත්ව. ඒ වෙනුවෙන් වියදම් කරන්න ලෑස්ති වෙන්න ඕන.
උදාහරණයක් හැටියට සිංගප්පූරුව කියන්නෙ අපේ කොළඹ නගරය වගේ රටක්. නමුත් ඒ රටේ ආරක්ෂක හමුදාවල පුහුණුව දීලා තියෙනවා මිලියන 3 කට. සියලූම දෙනාට. ඒ රටේ ආරක්ෂක හමුදා වලට වෙන්කරලා තියෙන අයවැය අග්නිදිග ආසියාවේ තියෙන වැඩිම ආරක්ෂක අයවැය. ඕස්ටේ්රලියාවටත් වඩා වැඩියි.
අපේ දේශපාලකයෝ මම දැකලා තියෙනවා මගේ අත්දැකීම් එක්ක හුගක් වෙලාවට ආරක්ෂාව තර කරා කියලා, හමුදා හැදුවා කියලා ඡුන්ද හම්බෙන්නේ නැති හින්දා ආරක්ෂාව වෙනුවෙන් යොමුකරන අවධානය හුගක් අඩුයි. ඒ වගේ ප්‍රතිඵල වලට තමා අපිට අද මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. යම් කිසි විධියකින් රටක ආරක්ෂාව නෑ කියන්නේ ඒ රටේ වගකිව යුත්තෝ යුතුකම් ඉෂ්ඨ කරලා නෑ කියන එක.
ඒකෙන් අපිට ගැලවෙන්න බෑ. අපි සියලූ දෙනාම මොන පක්ෂෙ හිටියත්, මොන පැත්තෙ වාඩිවෙලා හිටියත් මේවට වගකියන්න ඕන. සමහරු කි‍්‍රයාත්මක කරනවා. සමහරු විවේචනය කරනවා. නමුත් මේ වගකීමෙන් ගැලවෙන්න බෑ. වගකීම නැති හින්දා තමයි රටක ආරක්ෂාව නෑ කියලා ඒ තත්වය ඇතිවෙලා තියෙන්නේ. ජනතාව මේක තේරුම් ගනීවි.
පසුගිය දවස්වල ඇති වුණ සිද්ධිය පිළිබඳව විදේශ බුද්ධි අංශ අපිට දැනුම් දුන්නා. ඒක ගැන එක එක මත යනවා. දැන් මෙතන වාද විවාදයක් ගියා දිනය ගැන.
කථානායක කරු ජයසූරිය මහතා -
(ෆොන්සේකා මහතාගේ කථාවට බාධා කරමින්) තව විනාඩි 5 ක් තියෙනවා ඔබ තුමාට.
සරත් ෆොන්සේකා මහතා -
(විපක්ෂය දෙසට අත දුගු කරමින්) මට වෙලාව මදි වුණොත් ඔබ තුමාලවත් වෙලාව ටිකක් දෙන්න.
කථානායක කරු ජයසූරිය මහතා -
එහෙම ඉල්ලගන්න සභා නායක තුමාගෙන්.
සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -
තව විනාඩි පහක් දෙනවා.
සරත් ෆොන්සේකා මහතා - (නැවත සිය කථාව ආරම්භ කරමින්)
විදේශ බුද්ධි අංශ මේ ගැන දැනුම් දුන්නා. එතකොට 4 වෙනිදා දැනුම් දුන්නද, 9 වෙනිදා දැනුම් දුන්නද කියන එක අදාල නෑනෙ. 4 වෙනිදා දැනුම් දුන්නා නම් 5 වෙනිදා වෙනකොට කි‍්‍රයාත්මක වෙන්න ඕන. 9 වෙනිදා දැනුම් දුන්නා නම් 10 වෙනිදා වෙනකොට කි‍්‍රයාත්මක වෙන්න ඕන. ඒ වගේ එකකට මේ වගේ සභාවක කෑකෝ ගහන එකේ කිසිම තේරුමක් නෑ.
ඊළගට මම දැක්කා ලියුමක් තියෙනවා. අපිට දුන්නා අපේ ඇමති ආරක්ෂක අංශය ඇවිල්ලා. ඒ තියෙන්නේ පොලිස්පති ඇරපු ලියුම. තව මම දැක්කා ඊයේ ටීවි එකේ. ජාතික බුද්ධි ප්රධනියා පොලිස්පතිට එවපු ලියුම. ඒ ලියුම පොලිස්පතිට එවලා තියෙනවා ජාතික ජාතික බුද්ධි ප්රධනියා. අපි දන්න විදියට ආරක්ෂක කවුන්සිලයක ජාතික ජාතික බුද්ධි ප්රධනියා ඉන්නේ පොලිස්පති යටතේ නෙමෙයි.
ඔහු ඉන්නේ ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක ඇමති යටතේ. එතකොට ජාතික බුද්ධි ප්රධනියා ලියුමක් එවනවා නම් අනිවාර්යෙන්ම ජනාධිපතිටත් යනවා. ඒ ලියුම තමා ගිහින් තියෙන්නේ ආරක්ෂක ලේකම්ටත්. ඒ ලියුම අනිවාර්යෙන් පොලිස්පතිටත් යනවා. එතකොට මේ ලියුම යටතේ කි‍්‍රයා කළේ නැ කියලා, පොලිස්පති අල්ලන් කන්න හදන එක හරිද. එතකොට ජනාධිපතිට ඒ ලියුමේ පිටපතක් නොගියා නම් ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක නොයන්න හේතුවක් නෑ.
ආරක්ෂක කවුන්සිලය සුමානෙකට පාරක් තිබුණ නම් අනිවාර්යෙන්ම මේ ලියුම ගැන කථා කළ යුතුව තිබුණා. මේ වගේ ලියුමක් ආවාම ආරක්ෂක කවුන්සිලය වහාම කැඳවන්න ඕන. සුමානයක් යනකම් ඉන්න බෑ. ඒ හන්දා පොලිස්පති ගෙදර ඇරියා කියලා මේ ප්‍රශ්නෙට විසඳුමක් එන්නේ නෑ. පහළ තැනින් වතුර බහින්න හදන එක මම හිතන්නේ හරිම අසාධාරණයි.
අපේ ආණ්ඩුව වුණත් පොලිස්පතිට මේකට බැනලා. පොලිස්පති ගැන පුද්ගලික මතයක් නෙමෙයි මම කියන්නේ. පොලිස්පති පත්කරපු වෙලේ මම කිව්වා වික්‍රමසිංහට දුන්නා නම් මීට වඩා හොඳයි කියලා. මම කිව්වේ වික්‍රමසිංහට අවුරුදු 2 ක් දීලා මෙයාට දෙන්න කියලා. මම ජනාධිපති හම්බෙලා 4 පාරක් ඒක කිව්වා. නමුත් මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්.
පොලිස්පති එළියට දැම්මා කියලා මේ ප්‍රශ්නෙ විසඳෙන්නේ නෑ. ඒකට වගකිව යුත්තො ඉන්නවා ඊට වඩා ඉහළින්. ඒගොල්ලො මේකට වගකියන්න ඕන. ඒ නිසා ඒ ලියුම ගණන් ගත්තේ නැති එක විශාල ප්‍රශ්නයක්. ඒක රටේ ආරක්ෂාවට ඇති වුණ විශාල පහරක්.
මේ සිද්ධිය වෙලත් අගමැතිතුමා හමුවීමට ඒමට මට ආරාධනාවක් ලැබුණේ පැය 48 කට පස්සෙ. එතකන් අගමැතිතුමා හම්බෙන්න මට ආරාධනාවක් ආවේ නෑ. මම ෆීල්ඞ් මාෂල් කෙනෙක්. මම මේව ගැන දන්නවා. මම ෆීල්ඞ් මාෂල් වුණේ ගෝල් ෆේස් එකේ කඩල විකුණලා නෙමෙයි. (සැවොම සිනාසෙති)
ඒක හන්දා මට මේවට ආරාධනාවක් ලැබෙන්න තිබුණා. මේ ආණ්ඩුවෙ කවුරුහරි ඉන්නවාද මට වඩා ආරක්ෂාව ගැන දන්න අය. ඉන්නවා නම් මම ෆීල්ඞ් මාෂල් පට්ටම ගලවලා එයාට දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ.
ඒක හන්දා අපෙන් ප්‍රයෝජන ගන්න. අපිට තාන්න මාන්න ඕන නෑ. වෙඩි නොවදින රථ ඕනත් නෑ. මොනවත් එපා. නමුත් මේ රටට යමක් කරන්න පුළුවන් හැකියාව තියෙනව කියලා හිතෙනවා නම්, ඒකට මොලේ තියෙනවා, දැනුම තියෙනවා කියලා හිතෙනවා නම් අපෙන් ප්‍රයෝජන ගන්න. අපි වැඩ කරන්න ලෑස්තියි. ‘යයිද ෆොන්සේකා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මිනිසුන්ගෙන් වැඩගන්න පුළුවන් දැක්මක් තිබුණු නායකයන් අපිට නෑනේ... අපිට ඉන්නේ රඟපාන බොළඳයින් ටිකක් විතරයි.
කතාව නම් ඇත්ත.... ඒත් ඔබතුමත් දේශපාලනයට ගිහින් නිකන් නාස්ති වුණා.....
කතාව අගය කරනවා.නමුත් රජයේම ඉදගෙන ඔයතරම් දන්න කෙනාට මේ අඩුපාඩු කලින් නොපෙනුනාද?නැත්තන් දැකලත් දැක්කේ නෑ වගේ හිටියද? ඇයි ඔයතරම් අත්දැකීම් දැනුම තියනවනම් සිදුවීම් වෙන්න කලින් ඕවා තේරුනේ නැත්තේ ඔබතුමාට... ආණ්ඩුවේ හිටිය නිසා අවස්ථාවක් නොලැබුණා කියන්න බෑ. ඇත්තටම දැන් මෙහෙම වෙන්න ඕන මෙහෙම වෙන්න ඕන කියල වැඩක් නෑ තමන්ගෙම ආණ්ඩුවක් අවුරුදු 5 කට කිට්ටුවෙන්න තිබිලත්. ඇත්තටම ලැජ්ජයි
ඔබතුමා කියන දේ හරි. අපේ රට කනවා..
ඔව් මේ ගොල්ලෝ හදන්නේ රට බෙදන්න නෙවෙයි, මුළු රටම මුස්ලිම්කරණය කරන්න. කොටියා මරන් මැරෙන බෝම්බ කාරයන් ගෙනාවේ බලපෑම් කරලා. මේ ගොල්ලෝ එන්නේ කැමැත්තෙන් දෙවියන් වෙනුවෙන්...
"දේශපාලනඥයන් තම වගකීම් අමතක කළා" යන වැකියෙන් මෙම මහජන නියෝජිතයා සියලුම ලාංකිකයන් නොමග යවා ඇත. වෙනත් වචන වලින් පවසනවා නම් මොහු මහජනතාවට බොරු කියා ඇත. අප එසේ පවසන්නේ අප රටේ "දේශපාලනඥයන් නොමැති බවත් ඉන්නේ 225ක් වූ දේශපාලකයන් රැලකි ".. මොහු " දේශපාලනඥයා" යන ගෞරවාන්විත වචනයේ අදහසවත් නොදන්නෙකි. මෙම රිලව් 225ටම අප නැවත වරක් "දේශපාලනඥයා" යන්නෙහි නියම අර්ථය මෙසේ සඳහන් කරන්නෙමු. දේශපාලනඥයා යනු තමන් උපන් මව්බිමේ දියුණුව, "ආරක්ෂාව" පුරවැසියන්ගේ දියුණුව වෙනුවෙන් දුරදිග බලා නොබියව ඥානාන්විතාව තීන්දු තීරණ ගන්න මෙන්ම තමන්ගේ බඩගෝස්තරය ගැන නොසිතා අවංකව රටට සේවය කරන මහත්මා ගතිගුණවලින් හෙබි නිහතමානී පුරවැසියාටය.
මෙතුමාට කිසිකාලෙක වගකීමක් බාරදෙන්නේ නැහැ. ඒක සහතිකයි. අපේ රටේ ඉන්නේ කුහක දේශපාලකයන්. රට ගැන හෝ ජනතාව ගැන හෝ ආදරයක් ඒ අයට නැහැ. ඉදිරි මැතිවරණයකදී අනෙත් පැත්තෙන් එන තරඟකරුවා ඔය දැන් කියන කෙනානම් එයාට හරි හමන් තරඟයක් දෙන්නට හැකි දැනට ලංකාවේ ඉන්න එකම තරඟකරුවා මෙතුමායි. නමුත් එතුමාගේ කණ්ඩායමෙන් හෝ වෙනත් කණ්ඩායමකින් ඒ වැඩේ කවදාවත් කෙරෙන්නේ නැහැ. එවැනි තත්වයක් යටතේ ස්වාධීනව තරඟ කරන එකත් තේරුමක් නැති වැඩක්.
ඔබතුමා එද අපේ හදවත්වල වීරයෙක්, එහෙත් දේශපාලනයට ඇවිල්ල ඒ දේවත්වය නැතිකර ගත්තා. දේශපාලන පක්ෂකම් පසෙකට දාලා, අවංකවම රටට ආදරේ කරන වීරයෙක් බව නැවත මගේ හදවත ඔබතුමා කෙරෙහි පැහැදුණා. ඔය මාර්ගයේම යන්න. ඔබතුමාට ජනතා ආශීර්වාදය. ඒත් එක්කම පසුගිය දින සිදුවූයේ අපරාධයකි. මේ අහිංසක මිනිසුන් මැරුවේ, අයිසිස්ලාවත්, තවුහිද් ජමාත්ලවත් නෙවෙයි, රනිල් හා මෛත්‍රි ප්‍රධාන දේශපාලකයන්. දේශපාලකයන් නිසා අපිට උතුම් රට නැතිවීම ගැන හදවත වේදනාවෙන් තමයි ඉන්නේ...
පට්ට කතාව ... වැඩත් ඒ වගේම වෙයි කියලා අපි හිතනවා.
මහින්ද, ගෝඨාභය සහ ෆොන්සේකා තුන්කට්ටුව රට වෙනුවෙන් තරහ මරහ අතහැර නැවත රට බාරගන්න. හැබැයි අර හොරුරැල සහ පරණ පල්වෙච්ච රටට වැඩක් නොකරපු දේශපාලකයෝ ගාවාගන්න වත් එපා. එවිට ඔබලාට ඉතා විශිෂ්ට බහුතරයක් ගන්න පුළුවන් වෙයි.
මෙයත් අනිත් අයත් එක්ක එකතු වෙලා හිටියේ ......දැන් බොරුවට වාසියට කෑ ගහනවා....
මෙතුමාට මතක නැහැ එයා පහුගිය වසර හතරේ කතා කරපුවා. රණවිරු සුභ සාධනය කෙසේ වෙතත් ණයබර අර්ථිකෙන් ඉල්ලුවේ මිලියන ගණන් සැප වාහනයක්. ඇමති පට්ටමක් නොලැබුණ නිසා පසුගිය දිනවල හිටියේ ඉතා කනස්සලෙන් . අපි මැරිලා ඉපදුනේ නැහැ සර් .
එදා වසර 32ක යුද්ධය අවසන් කරලා මහින්ද ඇතුළු පිරිස දේශපාලනික වාසි ගන්න මිනිස්සු පොළඹවා මළමිනී උඩින්, රතිඥ්ඥා පත්තුකරලා, රබන් ගහලා, අරක්කු බීලා, කිරිබත්, කැවුම්, කොකිස්, අතිරස, කාලා මිනිස්සු මෝඩකරලා බාල්නටලා විරාජමානව මහරජා කියලා අපේ සංස්කෘතිය, බෞද්ධකම විනාශ කළා. මේ ඒවායේ ප්‍රතිඵල තමයි...
මේ විනාශවලට රාජපක්ෂවරුත් වගකියන්න ඕනෑ. ඒ අය තමයි බලයට එන්න මේ තස්ත්‍රවාදීන්ට උදව් කලේ.. දැන් බබාලා වගේ කතාකරනවා.
මළමිනී උඩින් බලයට එන්න වෙර දරන එදා පාලකයන් එදා වසර 32ක යුද්ධය අවසන් කරලා මහින්ද ඇතුළු පිරිස දේශපාලනික වාසිගන්න මිනිස්සු පොළඹවා මළමිනී උඩින්, රතිඥ්ඥා පත්තුකරලා, රබන් ගහලා, අරක්කු බීලා, කිරිබත් කැවුම්, කොකිස්, අතිරස කාලා, මිනිස්සු මෝඩකරලා බාල් නටලා විරාජමානව මහරජා කියලා අපේ සංස්කෘතිය, බෞද්ධකම විනාශ කළා. මේ ඒවායේ ප්‍රතිඵල තමයි...
ඇත්තටම මම මෙතුමාගේ කතාව ඇහුවා . මෙතුමාගේ කල ක්‍රියාවට කැමති නැති උනත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයකු / ඇමති වරයකු කල හොදම කතාව කියන්න පුළුවන්. රට ගැන, රටේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිත ගැන වටිනාකමකින් තමයි කතා කලේ. අනික ඔතන ඉන්න හැම හිවලම තමන්ගේ නායකයා ආරක්ෂා කරගෙන් විපක්ෂේ උන්ට බනින එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. එකෙකුටවත් කොන්ද පන නැහැ මේ හැම එකාම මේ අපරාදයට සම්බන්ද උන හැටි පෙන්නලා දෙන්න. මෙතුමා කියපු විදියට සිරිසේන / රනිල් මහින්ද බල අරගලයට යටවෙලා අන්තිමට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනේ අහිංසක ජනතාවට. මේ හැම කෙනමෙ ජාතික ආරක්ෂාව 0 තියල තමයි කතා කරන්නේ. අපේ අගමැතියට තියන ලොකුම ගැටලුව සංචාරක කර්මාන්තය වැටෙන එක. එක හොදටම පේනවා එය කල පළමු කතාව ඇහුවනම්. කිසිම සංවේදී වදවතක් තියන පුත්ග්ගලයෙක් නෙවෙයි. අපි කතෝලිකයන් නොවුනත්, මෙම ප්‍රහාරය දැක හදවතින් හඩා වැටුනා. මඩකලපුවේ, කොච්චිකඩේ , කටුවන පල්ලි වල මියගිය දුවලා පුතාලගේ මුහුණු දැක්කම අපේ දරුවන්ගේ මුහුණු මතක් වෙනවා.
මේවා කියවනකොට තේරෙනවා රටේ මිනිස්සු ගහ මරාගෙන පත්කර ගන්න ඔවුන්ගේ ස්වෙභාවය ගොඩක් හේතු අවශ්‍යද? සරත් ෆොන්සේකා යනු අපට සිටින රටේ ආරක්ෂාවට සිටින ජාතික වස්තුවක්... එතුමාට දීලා තියෙන්නේ මොන වගකීමකින්ද? මුන් දෙගොල්ලන්ම බයයි. ඔහු කාටවත් කොන්ද නොනමන නිසා ඔවුන්ට ඕන විදිහට ඉන්න අය තමයි රටේ ආරක්ෂාව වගකියන්න දුන්නේ ඔවුන්ට අපි බදුගෙවන්නේ මොකටද කියලවත් රටේ බත් කන හරක් නොසිතනකම් මොවුන් මෙහෙම තමයි..
කලකට පසු පාර්ලිමේන්තුවේ කල හොඳම කතාවක් මෙතුමා කලේ. එදා මෙතුමාට නීතිය සාමය දුන්නානම් අද මේ විපත සිදුවන්නේ නැහැ. දැන්වත් ජනාධිපති මෙතුමාට ආරක්ෂක බැරිනම් නීතිය සාමය වත් දෙන්න පොලිසිය සමග.
ඔබතුමා කතා කරපු සියල්ල සත්‍යයි. විපක්ෂයේ කට්ටිය කතා කරලා අවසන් කලේ ජනාධිපති සහ අගමැති අතර විරසකයක් ඇති නිසා මේ රජය ඉදිරියට යන්න බැරිය එම නිසා රජය ඉල්ලා අස්වී කරන්න පුළුවන් අයට භාර දෙන්න කියලනේ. හැබැයි කවුරුවත් කතා කලේ නැහැ මේ විරසකය ඇතිකළේ විපක්ෂයේ කුමන්ත්රණයකින් කියල. මුලින් හොඳට කරගෙන ගිය රජය පස්සේ පස්සේ වෙනස් උනේ කොහොමද කියල ජනතාව නම් දන්නවා.
මෙය කාලෙකට පසු මොහු විසින් මෑත කාලයේ කරපු හොඳම කතාවක්.
කාලෙකට පසු දේශපාලඥයකුගෙන් ඇසුනු සුපිරි කතාවක්. ඇත්තටම ආඩම්බරයි ෆොන්සෙකා මැතිතුමනි
මේ සිදුවීම සම්බන්ධයෙන් දැකපු හොදම කතාව මේක .... මොහුගේ දේශපාලන දැනුම කෙසේ වෙතත් ජාතික ආරක්ෂාව පිළිබඳ දැනුම, හැකියාව අවිවාදිතයි
සරත් ෆොන්සේකා මහතා හරි. ඊයේ පාර්ලිමේන්තුවේ නිවැරදිව කතා කරපු එකම පුද්ගලයා සරත් ෆොන්සේකා මහතාය.
ඔබතුමා කියන කාරනාව සම්පූර්ණ ඇත්ත. දැන්වත් අවස්ථාව දිය යුතුයි මේ ගැන දන්න අයට මේ විනාසය නැති කිරීමට.
රවින්ද්‍ර, ඔබගේ අදහස් සමග එකඟ වෙමි.
කරුණාකරලා මෙතුමාගේ කතාව නරඹල ඉන්න.. අපි යම් තැනකින් මේක පටන් ගත යුතුයි. පැන නැගී ඇති තත්වයට මුහුණ දියහැකි දැනුම සහ අත්දැකීම් තියෙන්නේ මෙතුමාට බවයි මගේ අදහස
මම ඔබතුමාගේ කතාව ඇහුවා. මගේ ඇහැට කඳුලක් ආවා. මම දමිල ඉගෙනගත්තේ සිංහල. ඒ වුනාට මගේ රටට මම ගොඩක් ආදරෙයි මහත්තයෝ. සල්ලි වලටයි බලයටයි පෙරේතකමට දේශපාලකයෝ මේ රට විනාස කරනවා. මේකට අපිත් වගකියන්න ඕන.
මෙය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා විසින් මෙතෙක් සිදුකළ විශිෂ්ටතම දේශපාලන ප්‍රකාශය ලෙස මම දකිමි. සැබෑ තත්වය හෙළිකළ ඔහුට ජාතියේ උපහාරය. ජාතික ආරක්ෂාව පිළිබඳ වගකිවයුත්තන්ගේ වගවීම (accountability) කෙතරම් නීච ලෙස ඔවුන් විසින් පැහැර හැර තිබේද යන්න ඔහු මනාව පැහැදිලි කර දුන්නා. සිය වගවීම නොසලකා හැරී මේ රොත්තම ඉල්ලා අස්විය යුතුයි.
මට පෙන්නේ මෙයත් ලැබුණ වෙලාවේ වාසියක් ගන්න හදනව, මෙයා කලින් කිව්වේ ජාතික අරක්ෂාවට ප්‍රශ්නයක් නැහැ කියල. දැන් රටට ප්‍රශ්නයක් වුණ වෙලාවේ මෙය බබෙක් වෙන්න හඩවන මම මුකුත් දන්නේ නැහැ කියල......
ගරු කරනවා ඔබගේ ලස්සන හරවත් කතාවට.
සුදුස්සෙකු සුදුසු තැනට නාවොත් රටේ අනාගතය ඉවරයි
රවින්ද්‍ර මේ නිකම් වචනයක් අල්ලාගෙන නිකම් බහුබූත ලියන්න එපා තමුන් මහා ලොකුවට දන්නා මිනිහෙක් කියල පෙන්නන්න.
නියම කතාව සිරා
රටේ ආරක්ෂාව සහ බුද්දි අංශය පිරිහිලා කියන්න බෝම්බයක් පුපුරනකම් හිටියේ ඇයි? මෙයත් මේ ආණ්ඩුවේ හිටියනේ බුද්ධි අංශ නිලදාරීන් හිරේ දානකොට වචනයක් කතා කරාද? රටේ හිටපු ලොකුම ආරක්ෂක නිලදාරියෙක් විදිහට, මේගොල්ලන්ට තොරතුරු ලැබුනේ නැහැ කියන්න බැහැ
මෙතුමා පාර්ලිමේන්තුවේදී පැවැත්තුව කතාව මම දැකගත්තා. හදවතින්ම කතා කරනවා කිසිම පැකිලීමක් නැතුව. මෙතුමාගේ අගය වටහාගන්න මේ රජයන්වලට උවමනාවක් නැහැ මෙවැනි පුද්ගලයන්ට රටේ ආරක්ෂාව කෙරෙයි අවබෝදයක් තියෙද්දිත් ඇයි මෙතුමාගෙන් රටට වැඩක් ගන්නේ නැත්තේ ඇයි කියන එක අපිටත් සැකයක්
ඔය තමා අපේ රටේ දේශපාලකයන්. මොකද මේ මිනිස්සු පාර්ලිමේන්තුවට යවල තියෙන්නේ රටේ මිනිස්සුන්ගේ ඡන්දෙන්. මොන වැරදි තිබුණත් ෆොන්සේකා මහත්තය කියල තියෙන කතාවේ ඇත්ත අපි පිළිගත යුතුවේ
නියම කතාව.....
ඡන්දයක් අවොත් මේ දෙන්නට දෙන්නේ සුළු ජාතීන්ගේ ඡන්ද පමණයි....
ඔබතුමාගේ අදහස රටේ අදහසයි. මිනිස්සු කම්පනයෙන් සෝකයෙන් ඉන්න වෙලාවේ ඔකේ ටික දෙනෙකුට විහිළුවක් වෙලා.
මහින්ද රාජපක්ෂ මහතාත් ඔබේ කතාව ඉහළින් අනුමත කළා. ඔබ පක්ෂය රැකගන්න කතාකලේ නැත. රටේ නියම තත්වය ජනතාවට පැහැදිලි කළා.. එයට බොහොම ස්තුතියි. කුමන පක්ෂයක් බලයට ආවත් ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියා සිතමි. ඝෝඨාභය මහතාත් ඔබත් එකතු වුනොත් සියලුම අන්තවාදීන් ලංකා පොළවෙන් අතුගා දමන්නට හැකිවේවි කියා සිතමි...