විනීතා එම් ගමගේ
කොරියාවේ දී ගින්නකට මැදිව සිටි 91 හැවිරිදි කාන්තාවක් බේරා ගත් නිමල් බණ්ඩාර නමැති ශ්‍රී ලාංකික සේවකයාට කොරියානු රජය මඟින් එරට පුරවැසිභාවය අද (18) පුදනු ලැබීය.
දකුණු කොරියාවේ රැකියාවේ නියුතුව සිටින විදේශිකයකුට සුවිශේෂී හේතුවක් මත එරට පුරවැසිභාවය හිමිවන පළමු අවස්ථාව මෙය වේ.
ගින්නකට හසුවූ නිවසක හුදෙකලාව සිටි 91 ක් හැවිරිදි කොරියන් ජාතික කාන්තාවක් බේරාගැනීමට සිය ජීවිතය ද පරදුවට තබා ඉදිරිපත් වූ ඔහු එකී වීර ක්‍රියාව වෙනුවෙන් කොරියානු රජය විසින් මීට පෙර ජනාධිපති සම්මානයෙන් ද පුදනු ලැබීය.
එම වයෝවෘද්ධ කාන්තාව නිරුපද්‍රිතව බේරා ගැනීමට නිමල් බණ්ඩාර මහතා සමත් වූ නමුත් එහිදී නිමල් මහතා ද දරුණු පිළිස්සුම් තුවාල හා දුම් ආඝ්‍රාණය වීම නිසා පෙනහලූ ආසාදනයකට ද ලක්ව දකුණු කොරියාවේ බෝගන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කලක් ප්‍රතිකාර ලැබීය.
කොරියානු රජය විසින් ඔහුගේ වීර ක්‍රියාව සඳහා ඉකුත් ජුනි මාසයේ දී උපහාර පුදනු ලැබු අතර පුරවැසිභාවය ලබා දීමට ද තීරණය කළේය. එහි නිල උත්සවය ඊයේ (17) දකුණු කොරියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
හසලක, මිණිපේ පදිංචිකරුවකු වන 39 හැවිරිදි නිමල් බණ්ඩාර මහතා 2016 වසරේ කොරියාවේ රැකියාවට ගොස් ඇති අතර ඔහු එහි ඇපල් වත්තක සේවය කරනු ලබයි. ඔහු දෙදරු පියෙකි.
දකුණු කොරියාවේ පුරවැසිභාවය විදේශිකයකුට හිමිකරගත හැකි වන්නේ එරට තරුණියක් විවාහ කර ගැනීමෙන් පසුව රජයේ විභාගයකට ද මුහුණ දී ඉන් සමත්වුවහොත් පමණකි.
එම ක්‍රියාදාමයෙන් පරිබාහිරව පුරවැසිභාවය හිමිවූ ප්‍රථම විදේශිකයා තමන් වීම ගැන ආඩම්බර වෙන බවත් මෙය තම මව්බිමට අත්කර දුන් ගෞරවයක් සේ තමන් හිතන බවත් නිමල් බණ්ඩාර මහතා මාධ්‍ය වෙත පැවැසී යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම සිද්ධියෙන් පසු නිමල් බණ්ඩාර මහතා හැඳීන්වීමට එරට ශ්‍රී ලාංකිකයන් යොදන මිනිපේ සිංහයා යන අනවර්ථ නාමය මේ පිළිබඳ වාර්තා කිරීමේ දී එරට මාධ්‍ය ද යොදා ගෙන තිබෙනු දැකිය හැකිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හසලක ඉන්නේ කොහොමත් වීර ලේ වලින් උපන් පුතුන් .....
හොර පාරෙන් රටවල් වලට ගිහින් රටේ නම විනාස කරන අය වගේ මිනිස්සුන් අතර මොහු දෙවියෙක්!
ඔබට කරපු පින් මේ ආත්මයේ දීම පඩිසන් දුන්නා. පින් මදි නිසා අපි මේ ජරා වලේම ඉපදී ඉපදී මැරෙනවා
ඔබතුමා සිතන පතන සියලුදේ ඉටුවේවා, ඔබතුමාට ජයවේවා, තවත් මෙවැනි වීර ක්‍රියා කර, ලංකා මෑණියන්ගේ නම බබලවන්නට වාසනාව ලැබේවා....!!!
ඔබලා පිටරටදී ලබන ගෞරවයන් මෙරටට පුදකරන්න ලැහැස්තිවන්න එපා. එය හරියට අතට ලැබුන මැණිකක් මුහුදට විසිකරනවා වගේ වැඩක්.
පුරවැසි නෙමෙයි නිත්‍ය පදිංචිය. හරියට කියෝලා නැතිව වගෙයි. මොන රටේවත් එක සැරේට පුරවැසිකම දෙන්නේ නෑ. ඉස්සල්ල නිත්‍ය පදිංචිය දීලා තමයි දෙන්නේ.
සතුටුයි, ගමත් හසලකනේ
ආඩම්බරයි සහෝ.
සිගාලයන් අතර කලාතුරකින් හමුවෙන සැබෑම සිංහයෙක්! ඔබට දීර්ගයුෂ සහ නිරෝගී සුවය !
මට හසලක ගාම්ණී මතක් වුණා. දෙන්නම වීරයෝ. දෙන්නම හසලක.
සංජීව මහත්තයා නිත්‍ය පුරවැසිභාවය මුලින් දෙන්නේ සරණාගත වීසා මත යන අයට.. නමුත් රජයකින් යම් විශේෂ දෙයක් එම රටට කලොත් දෙන්නේ පුරවැසිභාවය ඒ කියන්නේ ඔහුට හෝ ඇයට එම රටේ ජාතිකත්වය හිමිවෙනවා.. මෑතකදී ප්‍රංශයේ කලු ජාතිකයෙක් කල වීර ක්‍රියවට එම රටේ පුරවැසිභාවය ලබාදුන්නා.. මම හිතන්නේ ඹබතුමා සරණාගත විසා මත යුරෝපයේ සිටින අයෙක් විය හැක.. ලොව ඕනෑම රටක එම රටට යම් කිසි පිලිගත හැකි වීර ක්‍රියාවක් හෝ අයෝජනයක් කල හොත් පුරවැසිභාවය දෙනවා.. මම ඉන්න රටෙි වුනත් එය එසේමයි.. මිලියන 1000ක් ආයෝජනය කරන්න පුලුවන් නම් පහුවදාම පුරවැසිභාවය ගත හැක නමුත් ප්‍රංශ, ඉංග්‍රීසි, ස්වදේශීය භාෂාව යන තුනෙන් දෙකක් කතා කීරීමට ද හැකිවිය යුතුයි.
ප්‍රංශයේ පුරවැසිබාවය ලබාගැනීමට ප්රංස බස අනිවාර්යයි . මෙහි ඉංග්‍රීසි වචනයක් භාවිත නොකරයි
නිහාල් මහතා මම පවසා සිටියේ මම ජීවත් වෙන රටේ මිසක් ප්‍රංශය ගැන නෙමේ.... ඔබතුමා නොදන්නවානම් ස්පයිඩර් මෑන් ලෙස ප්‍රසිද්ධ වූ කලු ජාතිකයාට ප්‍රංශයේ පුරවැසිභාවය දුන්නා.. ඔහු ප්‍රංශයේ සරණාගත විසා මත හිටපු අයෙක්.. ලංකාවේ හැර අනෙක් සෑම රටකම එහි භාෂාව දැන ගත යුතුයි නිත්‍ය පදිංචිය ගැනීමට පවා... කෙනෙක් එම රටට අදාලව ගුවන් බලපත්‍රය භාවිතා කිරීමට අවසර දේනම් ඒ පුද්ගලයා එම රටේ පුරවැසියෙකි...