(බිඟුන් මේනක ගමගේ)
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද පොළ මැර ක්‍රියා කරන්නන්ට එරෙහිව පවතින නීති තවත් දැඩිවිය යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ඡන්ද පොල මැර ක්‍රියාවලට නීතියෙන් වැරුදිකරු වී අත්හිටවූ සිරදඬුවම් ලැබූවන් පවා පවතින නීතිය යටතේ මැතිවරණවලට තරග කර මහජන නියෝජන ආයතනවලට පත්වන්නේ යැයි ද දේශප්‍රිය මහතා කීය.
වැරදිකරුවන් සමාජගත කරන ක්‍රමයක් හැටියට අත්හිටවූ සිරදඬුවම් දීම භාවිතා වුවද මහජන නියෝජන ආයතනවලට තේරී පත්වන්නන් සම්බන්ධයෙන් එම දඬුවම ප්‍රමාණවත්ද යන්න ගැන නැවත සිතිය යුතුව ඇතැයි දේශප්‍රිය මහතා පැවසීය.
සමාජයට එරෙහිව කරන වරදකදී මෙවැනි තැනැත්තන්ගේ නියෝජ්යත්වය අහිමි කිරීම වැනි දඬුවම් පැමිණවීමක් විය යුතු නොවේ දැයි ප්‍රශ්න කළ හෙතෙම මෙවැනි තත්ත්ව ගැන මහජන සංවාදයක් නිර්මාණය විය යුතු යැයි අවධාරණය කර කීය.
දේශපාලන සංස්කෘතියේ වෙනසක් වෙනුවෙන් රට තුළ දේශපාලන සංවාදයක් ආරම්භ වී තිබීම යහපත් යැයි ද මැතිවරණ නීතිය හා ප්රජාතන්ත්රවාදය බැඳුණු අනෙකුත් අංශවලට ද ඒ සංවාදය ව්‍යාප්ත විය යුතු යැයි ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්කට වගකියන්න ඕනෑ මැරයන්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තු යවන අපිම තමයි. හොඳට බලන්න වැඩියෙන් මැරකම් කරන අයට තමා වැඩියෙන් මනාප ලැබෙන්නේ. ලෝකේ මෝඩම චන්දදායකයෝ ඉන්නේ ලංකාවේ කියලා පහුගිය දවස්වල ජාත්‍යන්තර සමීක්ෂණයකින් වාර්තා වෙලා තිබුණා.
මහින්ද දේශප්‍රිය මහතා කර ඇත්තේ ඉතාමත් කාලෝචිත යෝජනාවකි. අපේ මගෝඩිස්තුමාලා මේකට කොහෙත්ම කැමති නොවන බව ඒකාන්තයි. අපේම අවාසනාව.
අවංක මහත්මා ගති පැවතුම් ඇති මනුස්යයාට මහත්මයා කීමටත් මනුස්ය ආත්ම ලබපු බල්ලාට එසේ බල්ලා කීමට ආත්ම ශක්තියක් නැති පුරවැසියන් සිටින රක මෙය අරුමයක් නොවේ යන්නවත් තේරුම් ගන්නේ කීයෙන් කීදෙනාද ? මෙවන් පරිසරයක් තුල දියවන්නඔය මඩවගුරේ ජිවිත කාලෙම ගතකිරීම සක්කරයාටවත් වැලැක්විය නොහැක.
කතා කලොත් අපේ මිනිස්සු ඔක්කොම කියන්නේ පගා ගහන මැර වැඩ කරන ස්ත්‍රී දුෂකයන්ව දේසපාලනයෙන් අතුගාලා දාන්න ඕනේ කියල. ඒ වුනාට ඡන්දෙ දාට පහුවද බැලුවොත් වැඩිම මනාප තියෙන්නේ ඒ අයට. කාටද පිස්සු?
අපගේ දේශපාලන ක්‍රමය සහ ඡන්දය සඳහා උගත් පිරිසක් එක්වූවොත් ඔබගේ දැක්ම ප්‍රායෝගික වේවි..!!!