(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

මුතුරාජවෙල තෙත් බිමෙහි මායිම් සළකුණු කර ඒ පිළිබඳ සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය මාස 3 ක කාලයක් නීතිපතිවරයාට ලබා දුන්නේය.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ අධිකරණ නියෝග පරිදි මුතුරාජවෙල තෙත් බිමෙහි මායිම් ලකුණු කිරීමට අදාළ කටයුතු තවමත් නිම නොවී ඇති බැවින් ඒ පිළිබඳ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට කල් ලබා දෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා විසින් කරන ලද ඉල්ලීමක් පිළිගැනීමෙන් පසුවය.