
(ටී.කේ.ජී.කපිල )
රුපියල් දෙකෝටි එකොළොස් ලක්ෂ හැට දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සහ ඔහු සමඟ එම මත්ද්‍රව්‍ය තොගය මන්නාරම ප්‍රදේශයට රැගෙන යාමට පැමිණි තවත් පුද්ගලයන් දදෙනෙකු ද අද(06) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම ගුවන් මගියා මනිපායි ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකු වන අතර ඔහු නිතර නිතර ගුවන් ගමන් වල නිරත වන ව්‍යාපාරිකයෙකි .
ඔහු අද අලුයම 12.35 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලෙහි වූ ව්‍යාජ පතුලක මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 116 , පැකැට් දෙකකට අසුරා සගවා ගෙන තිබුණි.
මොහු අත් අඩංගුවට ගැනීමෙන් පසුව සිදු කළ ප්‍රශ්ණ කිරීම් වලදී , මෙම මත්ද්‍රව්‍ය තොගය මන්නාරම ප්‍රදේශයට රැගෙන යාම සදහා තවත් පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව නගරයේ සුපිරි වෙළද සැළක් අසළ රැදී සිටින බවට කරුණු අනාවරණය වීමත් සමග ඔවුන් දෙදෙනා ද කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අද අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
ඔවුන් දෙදෙනා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර , ඉන් එක් අයෙකු එම ප්‍රදේශයේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කරන 43 හැවිරිදි අයෙකි . අනෙක් පුද්ගලයා 36 හැවිරිදි රියැදුරෙකි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd