(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ රිය අනතුරු හේතුවෙන් වාර්ෂිකව 3000 කට අාසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ දත්ත වාර්තා පෙන්වා දෙයි.

මාර්ග අනතුරු හේතුවෙන් දිනකට මියයන සංඛ්‍යාව 7ත් 8ත් අතර අගයක් ගනී.

සෑම පැය දෙකකට වරක්ම මෙරට තුළ බරපතළ හෝ මාරක රිය අනතුරක් වාර්තා වේ.

මේ අතර පොලිස් නිලධාරීන් දෙසියකට ආසන්න පිරිසක් රාජකාරී යෙදී සිටියදී විවිධ අනතුරැවලින් මෑත භාගයේදී මරුමුවට පත්ව ඇතැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

පසුගිය දිනවලද නිලධාරින් දෙදෙනකු රිය අනතුරුවලින් මියගිය බවද ඔහු කීවේය.

රාජකාරී වේලාවේදී වැඩිම අනතුරුවලට මුහුණ දෙන නිලධාරීන් පිරිසක් සිටින්නේ නම් ඒ පොලිස් සේවයේ බවත් ඊට හේතු බොහොමයක් අැති බවත් පොලිස්පතිවරයා පැවසීය.