(අංජුල මහික වීරරත්න)
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ඊයේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදීය.ෙඅත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය යළි සමාජගත වීම වලක්වමින් ඒවා නිසි නීතිමය තත්ත්වය යටතේ ඉක්මනින් විනාශ කිරීමේ සහ වරදකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශවලට උපදෙස් දුන්නේය.
මෙම ක්‍රියාවලිය කඩිනම් කර මහජනතාව සහ මෙම මෙහෙයුම්වල නිරත කණ්ඩායම් තුළ විශ්වාසය තහවුරු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්කර ගනිමින් “රටම එකට” ජාතික මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කිරිමට එමගින් හැකියාව ලැබෙන බවද පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd