දකුණු පිලිපීනයේ විශ්ව විද්‍යාලයක සිදුවුණු වෙඩි තැබීමකින්, එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත්විය. වෙඩි තැබීම කළේ ද එම විශ්ව විද්‍යාලයේම ඉගෙනුම ලබන සිසුවෙකි. වෙඩි තැබීම සිදු කළ සිසුවා පසුව වෙඩි තබාගෙන දිවි නසා ගත්තේය.

පොලිසිය පවසන්නේ, එය පෞද්ගලික කෝන්තරයක් නිසා සිදුවුණු වෙඩි තැබීමක් බවය. සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක් පැවැත්වෙයි. වෙඩි තැබීම සිදුවූයේ සම්බොවන්ගා නගරයේ ඇටේනියෝ දෙ සම්බොවන්ගා විශ්ව විද්‍යාලයේය.