
(සුජිත් හේවාජුලිගේ)
ඕස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ 25ක මුදල (රුපියල් කෝටි අසූවක්) වංචනික ලෙස ලබාගත් පරිගණක හැකර්වරුන් විශේෂිත තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ හඳුනා ගැනීම සඳහා රජයේ බුද්ධි අංශද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ සඳහා පරිගණක හැකර්වරුන් පිළිබඳ තොරතුරු වාර්තා රැසක් පරීක්ෂාවට ලක් කර ඇතැයි රජයේ බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
මීට අමතරව මෙම පරිගණක හැකරුන් හඳුනා ගැනීම සඳහා විදේශීය ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලද සහාය ගනිමින් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසයි.
ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අංශද මේ සඳහා සහාය දෙන බව ශ්‍රී ලංකා රජයට දැනටමත් ප්‍රකාශ කර ඇත.
ඕස්ට්‍රේලියාවට ගෙවූ ණය මුදල අත්පත් කර ගැනීමට පෙර ඉන්දියාවට ගෙවූ ණය මුදලක්ද පරිගණක හැකර්වරුන් වංචනික ලෙස අත්පත් කර ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. ඒ පිළිබඳවද රජයේ බුද්ධි අංශවල අවධානය යොමු වී ඇතැයි දැනගන්නට ඇත.
ඕස්ට්‍රේලියාවට ගෙවූ ණය මුදලක් පරිගණක හැකර්වරුන් අත්පත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම මහා භාණ්ඩාගාරයේ කණ්ඩායමක්ද පරීක්ෂණ පවත්වමින් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් බොරුවට ජනතාව තවත් බොරුවෙන් රැවටෙන්න එපා.... ලෝකයේ කොහේවත් හැකරුන් අල්ලාගෙන නැහැ. ඔය මුදල් දැන් කොහේද වත් හොයන්නත් බැහැ. නොදන්නා ඈයෝ හැකරුන්ගේ ක්‍රියාත්මක වනරටාව ගැන කියවා දැනුම ලබාගන්න....
ලෝකෙම දන්නා නම් දරාපු හැකර් හොරු පව්ලක්ම හිටියා. පළපුරුදු අත්දැකීම් තියෙන කපට් කයිරාටික බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ කරවපු වැඩක් වෙන්ඩත් බැරි නැහැ. පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා බලය ගත්තු අයට මොනවා කරන්ඩ බැරිද?
වඳුරො, රිළවුන්, මොණරුන් අල්ලපු එකයි, ක්ලීන් ශ්‍රී ලංකා එකයි වගේ වෙයි මේකත්! කල් මරන්න සහ හොරකම් කරපු අයට බේරා ගැනීමට තමයි විමර්ශන කමිටු දාලා අවශ්‍ය තරම කල් දෙන්නේ...!
තාක්ෂණික ලෝකය නම් හොර ගුහාවක්...
දැන් බැංකුවල ගිණුමක්වත් තියන්න බැරිවෙයිනේ...
මෙහෙම ගියොත් සල්ලි කොහේවත් තියාගන්න බැරිවෙනවා.
ඇයි මිනිස්සු මෙච්චර තිරිහන් වෙලා තියෙන්නේ... තමන්ට සාධාරණ රස්සාවක් කරන්නබැරිද?
අනේ මන්දා.... පුදුම දේවල් තමයි අහන්න වෙන්නේ...
පව්නේ මිනිස්සුන්ගේ සල්ලි...
ඉන්දියාවේ තමයි ගොඩක්ම ඉන්නේ
පරිගණක හොරු...
කෝටි ගණනින් මෙච්චර ගසාකෑමක්...
අනාගත ලෝකය හැකර්වරුන්ගෙන් බේරගන්න
විපරමා මේකත් රාජපක්ෂලා කළා කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. අතගාලා බලන්න තියෙනවද කියලා...