(ජයන්ත සමරකෝන්)
තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ දැක්වූ කැපවීම වෙනුවට එම නිලධාරීන් මුලුමනින්ම අකර්මන්‍ය කරදැමීමේ ප්‍රතිඵලය අද ආණ්ඩුවට වීඳීමට සිදුවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
අද සිදුවූ මෙම මිලේච්ච පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවද පුංචි බොරැල්ල වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අනුරාධපුර ශ්‍රී මහා බෝධියට ප්‍රහාර එල්ලකලේ, දළඳා මාලිගාවට බෝම්බ ගැහුවේ, කොළඹ මහ බැංකුවට බෝම්බ ගැහුවේ, අරන්තලාවේ භික්ෂු ඝාතනය කලේ තවත් බොහෝ තැන්වල බෝම්බ පත්තු උනේ ඒ කාලෙත් බුද්ධි අංශ අකර්මන්‍ය කරලා තිබුන නිසාද මහත්තයෝ? රට ගිනි ගෙන තියෙන වෙලාවේ "තැන දැක්ක වෙලාවේ වල ඉහගන්න" තරම් කුහක වෙන්න එපා කැතයි.
ඔව් ඔව් අපි කොහොම හරි පැරණි වහල් පාලනය ගෙන්නගමු. අපි නම් දන්න තරමට බුද්ධි අංශ වලට වැටුප් ගෙවනව. වැරදි කලොත් බුද්ධි අංශ තියා ඕනම අයෙකුට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒක පිළිගන්න වෙනවා. මෙම මහත්වරුන්ගේ පක්ෂ බුද්ධි අංශ වෙනුවෙන් ඇත්තටම පෙනී සිටිනවද? මෙවැනි ප්‍රහාර ආරක්ෂාව අතින් දියුණු රටවලත් මෑත කාලයේදී සිදුවු බව මෙතුමාට අමතක වෙලා.
බුද්දිඅංශයක් තිබුණත් .. නැතත් .. ත්‍රස්තවාදය අවසන් වෙන්නේ නැහැ ... අනේ ඩලස්...කාරයෝ ..... තව සැරයක් ඉස්කෝලේ .... !
ආණ්ඩුවට නෙවෙයි මහත්තයෝ අත්විදින්න උනේ ... අහිංසක සිංහල මිනිස්සුන්ට
මොකද්ද මෙයා කියන්නේ? ඇන්දුවට අත්විඳින්න වෙලා... ආණ්ඩුවට නෙවෙයි පොදු ජනතාවට...
අනේ බුද්ධි අංශ නිලධාරීන් දේශපාලකයින් වාගේ මන්ද බුද්දික නැහැ..... ඔහු තම රාජකාරිය නිසි ලෙස ඉටු කරාවි
බුද්ධි අංශ බුද්ධිමත් නිසියාකාරව තම වගකිම ඉටුකරයි ,
දේශපාලන වාසිගන්න හදන්නේ ඇයි? ලැජ්ජා නැද්ද? මේ වගේ වෙලාවකවත් තමුන්ගේ වාසිය ගැන හිතන්නේ නැතුව අසරණ මිනිස්සු වෙනුවෙන් මොනවා හරි කරන්න බලන්න.
මහත්තයෝ... බොරදියේ මාළු බාන්න එපා
ඒ කාලෙ සරත් ෆොන්සේකා අත්අඩංගුවට අරගෙන හිරේදාන කොට ඔබතුමා කොහේද හිටියේ? මේ අවාසනාවන්ත සිද්ධියෙන් දේශපාලන වාසිගන්න හදන්න එපා. ත්රස්තවාදියාට පක්ෂයක්, පාටක් නෑ. ආරක්ෂක හමුදාවල වැරදි කළ අයට විරැද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමක් නොවේ.
ඔන්න මෙතුමා මේ වැඩෙන් දේශපාලන වාසිගන්න සැරසෙනවා. යුද්ධය නිමකරපු එක හොඳ දෙයක්. ඒත් ඒකට උදව් දුන් යුධ වීරයාව ඒ කාලේ හැඳින්වූයේ ලෝකයේ ඉන්න හොඳම යුධ හමුදාපති කියලයි. එහෙම කිව්ව අයම ඒ හමුදාපතිව බිම දාලා ඇදන් ගිහින් බොරු නඩු අහලා හිරේ දැම්මා. එදා බුද්ධි අංශවලට තමන්ගේ හිතවතුන් දමාගෙන යුද්ධය දිනීමේ වාසියට මුවාවී නොයෙකුත් වැරදි වැඩ කළා. ඒ නිසා ඒ රජය පිරිහුණා. සත්‍ය එය වුනත්, ඒ කටවල් වලින්ම අද කියන්නේ වෙනත් දෙයක්. තමන්ට විරුද්ධව තියෙන චෝදනා නඩු විභාග නොකරන ලෙස අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන අය ගැන තමයි මේ අය වර්ණනා කරන්නේ. මේ ම්ලේච්ඡ පහර දීමෙන් කාටවත්ම දේශපාලන වාසි ගැනීමට බැහැ. දැන් සත්‍යය හෙළිවෙමින් පවතිනවා. ඒත් පොඩි ට්‍රයි එකක් දීලා බලනවා. නැද්ද මං අහන්නේ?
එතකොට කවුද ආරක්ෂක ඇමති?
මේ වෙලාවේ ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න යන්නේ නැතුව කට වහගෙන ඉන්න. රටම එකාවගේ මේ වෙලාවේ මේ අපරාදය කරපු උන්ව මට්ටු කරන්න ඕන. දේශපාලන වාසි ගන්න හදන පිරිසක් වෙන්න හදන්න එපා මේ වෙලාවේ.
බොර දියේ මාළු බානවා කියන්නේ මෙන්න මේවට.
දැන් ඔවුන්ට කඩේ ගිය කල්ලියට නින්ද යයි. ඩොලර් වලට රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව පාවලා දුන්නු එන්.ජී.ඕ. ද්‍රෝහියෝ ටිකටත් මේකට වගකියන්න ඕනේ...
බොරදියේ මාලු බෑම
විවේචනය කරමින් ලොක්කෙක් වෙන්න හදන්න එපා
මහත්තයෝ බුද්ධි අංශ ඔය තත්වේ තියෙන්නේ ඔබ හිටපු ආණ්ඩුව නිසයි. ඔවුන්ව අනවශ්‍ය වැඩවලට යොදාගෙන ඔවුන්ව නැති කලේ ඔබලයි. දැන් බොර දියේ මාළු බාන්න එපා. ආණ්ඩුව මොන දේ කළත් විවේචනය කරන ඔබලා මේ ලංකාවේ ඉපදුනේ ශ්‍රී ලක් මෑණියන්ගේ කරුමෙටයි. කතෝලිකයන් වෙනුවෙන් ශෝකවෙන්න එපා කට පියාගෙන හිටියොත් හොඳටම ඇති. ඒකෙන් මේ ආණ්ඩුව හොඳයි කියලා කියන්නේ නැහැ...
පහුගිය වකවානුවේ රට බේරාගත් රණවිරුවන් හිරේ දමාගෙන දීපු වද හිංසා වල ශාපයවත් ආපිට අපිටම වැදුනද?
හරියටම හරි
මේ මොහොතේ ගොඩ යන්න උත්සහ කරන දේශපාලකයෝ හෙලා දකිමි.
අනේ.... දේශපාලන වාසිගන්න කතා නොකර ඉන්නවද?
හා හා... ඔය වගේ ප්‍රකාශ කරන්න එපා. සංහිඳියාව නැතිවෙයි.
බොර දියේ මාලු බාන දේශපාලන කාලකන්නි තමයි ඉන්නේ..
කරුණාකර අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ට්විටර් පණිවිඩය කියවන්න. අද අගමැතිතුමා මාධ්‍ය හමුවේදී කියූ දෙයත් හොඳන් අසන්න.
මහජන මුදලින් පඩිගන්න ඔයගොල්ලෝ ඔක්කොම එකතුවෙලා රට ගැන හිතලා වැඩකරන එක නේද වැදගත්?
මහත්තයෝ, මේ වගේ සිදුවීම්වලින් දේශපාලන වාසි ගන්න තරම් පහත් තත්වයට වැටෙන්න එපා. අනික බුද්ධි අංශ මේ පිළිබඳව සොයාගෙන බලධාරින් දැනුවත් කරලා කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවනේ... ඒ පිළිබඳ ක්‍රියාත්මක නොවුණු එකනේ ප්රශ්නය.. ඇත්තටම බුද්ධි අංශ දුර්වල නම් හොයාගන්න පුලුවන්ද?
මේ රටම කෑවේ බඩගෝස්තරවාදීන්... මේ රටේ ලොකුම විනාශය මොවුන් තමයි.