(අංජුල මහික වීරරත්න)

පළාත් සභා මැතිවරණය මේ වසරේ පැවැත්වීම සඳහා ප්‍රතිපාදන වල කිසිදු ගැටලුවක් නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක  නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ගැටලුව තිබෙන්නේ නීතිමය ප්‍රතිපාදන වල බව කී අමාත්‍යවරයා එය නිරාකරණය සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභාවක් දැන් ක්‍රියාත්මක වෙන බව කීය.

ඊට අදාළ  නීති ප්‍රතිපාදනය සකසා දුන්නොත් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කීය.