
(අංජුල මහික වීරරත්න)
පක්ෂ මාරු කරන මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කිරීමෙි පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
විපක්ෂය නියෝජනය කරන කිසිදු අයෙකු ආණ්ඩු පක්ෂයට ගැනීම සඳහා රජයේ සූදානමක් නොමැති බවද අමාත්‍යවරයා කීය.
රජයට එකතුවීම සඳහා යම් යම් පාර්ශවයන්ගේ ප්‍රාර්ථනා තිබුණද රජයට එවැනි අරමුණක් නැතැයි කැබිනට් ප්‍රකාශකවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් හර්ෂගේ අදෝනාව ඉවර වුණා නම්, පක්ෂ මාරු කලොත් ගෙදර යවන එක ලොකු දෙයක්, ඒ කාලෙ එවුන් පුදුම සල්ලියක් හෙව්වේ පක්ෂෙ වෙනස් කරලා, එස් බියට කිව්වේ ගෙම්බා කියලා, රිලාසිරි කප් ගහපු එකෙක් ඔය අංසෙන්...
ඔබලා වගේ හැත්ත එක්ක එකතු වෙන්නේ මොලය කචල් එවුන් විතරයි බං...!
ඉතාමත් හොද වැඩක්,, ජයවෙවා
වසන්ත සමරසිංහ ඇමති දින කීපයකට පෙර කිව්වෙ වෙන කතාවක්නේ ඇමතිතුමෝ. දැන් අපි විශ්වාස කරන්නෝන ඔබ ද එයාද? එරාන් වික්‍රමරත්න හිටියේ වෙන ග්‍රහලෝකෙක විපක්ෂයේ ද? කට්ටිය ගන්න බැරි වෙනකොට දැන් පදේ මාරු කරලා සේදුම් බලකාය සනසන්න නේද දැන් උත්සාහ කරන්නේ...
කරලා තියෙන හොරකම්වල හැටියට ගන්න පුළුවන් අත්අඩංගුවට විතරයි.