
(යොහාන් භාසුර)
ඉන්ධන මිල ඉදිරියේදී ඉහළ දැමුවද අප්‍රේල් මස මෙන් ඉහළ අගයකින් ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවත් කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ දැමීමට මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා ‘ලංකාදීප’යට පැවසීය.
අප්‍රේල් මස ඩීසල් බැරලයක මිල ඩොලර් 291.82 ක් දක්වා ඉහළ ගිය ද මේ වන විට ඩීසල් බැරලයක මිල ඩොලර් 140 ත් 150ත් අතර මිලක පවතින බව කී නෙත්තිකුමාරගේ මහතා ඒ හේතුවෙන් පසුගිය මස පැවැති පීඩනය නොමැති බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් මැද පෙරදිග යුද්ධය ආරම්භ වන විට ඩොලර් 89 ත් 91 ත් අතර පැවැති ඩීසල් බැරලයක මිල ඩොලර් 150 ක් දක්වා ඉහළ යෑම හේතුවෙන් ඇතැම් විට මිල සුළු වශයෙන් ඉහළ දැමීමට සිදුවිය හැකි බවත් මිල අඩුවීමට ඉඩක් නොමැති බවත් ඒ මහතා කීය.
ලබන ජූලි මාසය අවසානය දක්වා අවශ්‍ය ඉන්ධන තොග මෙරට තුළ පවතින බවත් මෙම මස 28 සහ 31 යන දිනවල බොරතෙල් නෞකා දෙකක් මෙරටට ළගාවීමට නියමිතව ඇති බවත්ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd