(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් දේවස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු ඇතැයි ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
පසුගිය මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකදී සිදුවූ වෙඩිතැබීමක් නිසා බැතිමත්හු 50 කට ආසන්න පිරිසක් මියගියහ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර ගැන බුද්ධි අංශ තොරතුරු ලැබී තිබියදීත් ඒවා නතර කිරීමට හෝ හානි අවම කිරීමට නොහැකි වූයේ ආරක්ෂක අංශවල දුර්වලතා නිසා යැයි
මෙම ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදය නැවැත්වීමට පියවර ගත යුතු බවද හෙතෙම කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනතාව බලාපොරොත්තු වන පිළිතුර මෙය නොවේ. බුද්ධි අංශ ප්‍රහාර පිලිබදව දැනුවත්ව තිබියදී මේ පිලිබදව ක්‍රියාත්මක නොවුනේ මන්ද කියා ජනතාව ප්‍රශ්න කර සිටි.
බොරු කියන්න එපා.. අපි දැක්ක දේ දැක්කානේ...
ක්‍රයිස්චර්ච් වෙඩි තැබීම කළේ ඔස්ට්‍රේලියානුවෙක්. ඔස්ට්‍රේලියාව තියෙන්නේ ලංකාවේද? විහිලු සපයන්න එපා.
ඉතාම වගකීම් විරහිත ප්‍රකාශයක් , මේ ප්‍රහාරය සුදානම් කරල තියෙන්නේ මිට මස 3 -4 ඉඳන් මොහුගේ මේ බොලද ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍ය උපුටා දක්වා තිබුණා...
අපි ඉන්නේ නවසිලන්තයේද? සෝබන කතා නොකිය ඉන්නවනම් වඩා හොඳයි.
අනේ අතේ පැලවෙන පච කියවන්න එපා... ඔයා පච කියනවා කියලා කියන්නේ අපි නෙමෙයි නවසීලන්ත අගමැතිමයි.