( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් පරීක්ෂකවරයකුගේ නිවසට පොලිස් වෙසින් ඇතුළු වු නාඳුනන පිරිසක් ඒ මහතාගේ පොලිස් නිල ඇඳුමක් සොරාගෙන නිවසෙහි ප්‍රධාන දොරටුවට වෙනත් අගුලක් සවිකර පලා ගොස් ඇති බව පැමිණිල්ලක් කර ඇතැයි දෙහිවල පොලිසිය පවසයි.
මෙලෙස රැගෙන ගොස් ඇත්තේ පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිල ඇඳුමක් වන අතර එහි සියලු නිල ලාංඡන ආයිත්තම් සවි කර තිබී ඇති අතර තවද නිවසට දමා තිබු රුපියල් හාරදහසක් පමණ වටිනා ඉබියතුරු හි දම්වැල් රැගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.
රාජකාරී නිම වී නිවෙස බලා ගිය පොලිස් පරීක්ෂකවරයා නිවසේ ඉදිරි දොර විවෘත කිරීමට යාමේදී එය විවෘත කිරීමට නොහැකි වීමෙන් පසු සෝදිසි කර බැලීමේදී වෙනත් ඉබි යතුරු දමා ඇති බව හෙළි වී ඇති අතර පසුව කළ සෝදිසියකදී සිය නිල ඇඳුමකක්ද අතුරුදන් වී ඇතැයි සොයාගෙන ඇත.
නිවසට යාබද නිවසක කාන්තාවක් පවසා ඇත්තේ රහස් පොලීසියෙන් යැයි කියාගත් පිරිසක් පැමිණ නිවසේ ටික වේලාවක් රැදි සිටිමින් මෙවැනි ක්‍රියාවක් සිදු කර ගිය බවට එම පැමිණිල්ලේ ඔහු සඳහන් කර ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.
මෙම පොලිස් පරීක්ෂවරයා 2014 වසරේ සිට මෙම ස්ථානයේ පදිංචිව සිටින බව පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ, මේකේ පසු බිම් කතාව චිත්‍රපටියකට සුදුසු ඇති කියලා මට හිතෙනවා.
තවත් මදුෂ් ගේ ගොලයෝන්ගේ වැඩක් ද දන්නේ නැහැ.
තමාගේම ස්ථානය ආරක්ෂා කර ගන්න බැරි පොලිස් නිලධාරියෙක්නේ. ඒ කොහොමටත් ගෙට ඇතුළු වුන මිනිසුන් බොහොම දක්ෂ පිරිසක්. ඇත්ත වශයෙන් ඔවුන් රහස් පොලිසියට බඳවා ගැනීම සුදුසුයි.