අජන්ත කුමාර අගලකඩ
තිබෙන ප්‍රශ්න අමතක කර, සියලු දෙනා විපක්ෂය ලෙස එකට එකතු වී කටයුතු කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණෟඩායම ජනාධිපති කාර්යාලයේ දී අද (18) පෙරවරුවේ රැස්වු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානය පුළුල් පෙරමුණක් ලෙස කටයුතු කළ යුතු බව පවසා ඇති ජනාධිපතිවරයා සන්ධාන හැදීම පහසු කටයුත්තක් නොවන බවද සඳහන් කර තිබේ.
අතීතයේ ගොඩ නැඟුණු දේශපාලන සන්ධාන පිළිබඳව ද ජනාධිපතිවරයා දිර්ඝ විස්තකරයක් කර ඇත.
අද දහවල් පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට එක්වු විජිත් විජිතමුණි සොයිසා මන්ත්‍රීවරයා හැර සන්ධානයේ සෙසු මන්ත්‍රීවරුන් සියලු දෙනාම වාගේ මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වී ඇත.
ආණ්ඩු පක්ෂයට එක්වු ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන මන්ත්රීවරුන්න් දෙදෙනා ද අද (18) පෙරවරුවේ පැවති සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වීමද විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුදෙනාම එකතු වෙන ආකාරය හොඳ හැටි පෙනීගියා අද පාර්ලිමේන්තුවේදී.
ශක්තිමත් ප්රජාතන්ත්ර වාදයක් ගොඩනැගීමට නම් ආණ්ඩු පක්ෂය වගේම විරුද්ධ පක්ෂ කණ්ඩායමත් ශක්තිමත් විය යුතුමයි. දේශපාන දහරාවේ ප්‍රධාන පක්ෂ කුලල්කා ගැනීම මෙන්ම අවස්ථාවාදීව පිල්මාරු කිරීමත් නිසා පිරිසිඳු දේශපාලනයක් පවත්වා ගැනීමේ දුෂ්කරතාවයකට වත්මන් පාර්ලිමේන්තුව මුහුණ දී සිටී. කුඩා මන්ත්‍රී පිරිසක් සිටින දෙමල ජාතික සන්ධානයට විරුද්ධ පක්ෂයේ නායකත්වය හිමිවීම ලෝකයා හමුවේ ලංකාවට ගෞරවයක් වුවද ජනගහනයෙන් බහුතරය වූ සිංහල ජනතාවට ආණ්ඩු පක්ෂයේ අඩුපාඩුකම් පෙන්වා දීමට නිල වශයෙන් ලැබිය යුතු තත්වය මේ නිසා අහිමිවී ඇත. දැන්වත් අප "ලෝකයට පරකාශය" නවත්වා දේශයට අවශ්‍ය පාර්ලිමේන්තු ක්‍රමයක් සකසා ගැනීමට ශක්තිමත් විරුද්ධ පක්ෂයක් ගොඩනංවා ගත යුතුවම ඇත.
ප්‍රශ්න තියෙන්නේ අමතක කරන්න නොව අධ්‍යයනය කර විසඳුම් සොයන්නටය. ප්රශ්නය ඇතිවීමට හේතුව සොයා බැලීම හා හේතුව නැති කිරීමට ක්‍රියා මාර්ග ගැනීම තුලින් ප්‍රශ්න සමනය කරගැනීම සඳහා වඩාත්ම ඵලදායි ක්‍රම තිබුනත් අපේ මිනිසුන් පුරුදුව සිටින්නේ "අමතක කරලමු පැරණි කතා" ගීතය ජාතික ගීයක් කරගෙන එහි රිද්මයට අනුව නර්තනයේ යෙදෙන්නටය. අපට හැඟෙන පරිදි රජය කරවූ කිසිම පාලකයෙකුට ස්වයං භූ ඥානයක් නොතිබුනා මෙන්ම බුද්ධියක් ඇති උපදේශකයින්ද නොසිටි බවයි. ජනතාව විඳින දුක උපදේශකයින් හරහා නොව තමන්ගේ අන්තර් ඥානයෙන් අවබෝධ කරගන්න බැරි කිසිම පුද්ගලයෙකුට පාලක තනතුරක් හිමි විය යුතු නැත.
විජිතමුණි නැමැත්තා රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක් ක්‍රියාවෙන් නම් අමු අවස්ථාවාදියෙක්. ඔහුට හිමිව ඇත්තේ පත්කළ මන්ත්‍රීධුරයක් නම්... පයින්ගසා ඔහු මන්ත්රීකමින් පන්නා දමන්න බැරිද?