( ඩයනා උදයංගනී)
රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය ලබා දුන්නේ, පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ සම්පුර්ණ කතාව පහත දැක්වේ .
නව අග‍්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමෙන් අනතුරුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිදු කළ විශේෂ ප‍්‍රකාශය
2015 ජනවාරි 08 වනදා ජනාධිපතිවරණය, එම අභියෝගාත්මක මැතිවරණ ව්‍යාපාරය තුළ ලැබු විශිෂ්ට ජනතා ජයග‍්‍රහණය. ඒ ජයග‍්‍රහණය තුළ රටේ ජනතාව බලාපොරොත්තු වූ ඔවුන්ගේ අරමුණු හා ප‍්‍රාර්ථනාවන් සහ සිතුම් පැතුම් රාශියක් තිබුණා.
වසර හතරකට ආසන්න කාලයක් ඉක්ම යමින් තිබෙන මේ අවස්ථාවේ ප‍්‍රධාන වශයෙන්ම පසුගිය කාලය තුළ අපි රජයක් විදියට ලබාගත් ජයග‍්‍රහණ හා කරපු ඉතිහාසයට එක්වන හොද වැඩ කොටස් රාශියක් තිබෙනවා වගේම ඉතාමත් අවැඩදායක වූ, අසුභ වූත් අවිචාර වූත් සිදුවීම් රාශියක් සිද්ධ වුණා. මෙතනදී මූලික වශයෙන්ම ඒ ප‍්‍රාර්ථනාවන් ඉෂ්ට කිරීම පිළිබදව අපි සතුටුවෙනවා වගේම රටේ ජනතාව සමග අපිට එකතු වෙන්න වෙනවා අපි බලාපොරොත්තු වූ තැනට රට අපට ගෙනියන්න නොලැබීම පිලිබඳව. ඒ තත්ත්වය ඉදිරියට මම දන්නේ නැහැ කොතෙක් දුරට සාර්ථකව ඉෂ්ට කර ගන්න පුළුවන් වෙයි ද කියලා.
2015 ජයග‍්‍රහණයෙන් පස්සේ අමාත්‍ය මණ්ඩලය තෝරන අවස්ථාවේ ඉදලම මම ඔබට ප‍්‍රකාශ කර ඇති පරිදි අපේ මැතිවරණ ප‍්‍රකාශයේ ප‍්‍රතිඥාවන් කඩවුණා. විද්‍යාත්මක පදනමෙන් අමාත්‍යාංශ වෙන්කළයුතුයි කියලා මැතිවරණ ප‍්‍රකාශයේ තිබුණා. විශේෂඥ කණ්ඩායමක් පත්කරලා ඒ කටයුතු කරගෙන ගිහින් තිබුණා. නමුත් මම දන්න විදියට ඒ ලිපි ගොනුවවත් බැලූව ද කියලා මම දන්නේ නැහැ.
එදා මෙදා කාලය තුළ සිදුවූ සිදුවීම්වදී ප‍්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු නොවූ ඉතාමත් අයහපත් තත්ත්වයන් රාශියකුත් ගොඩනැගුණා. යහපත් දේවල් ගත්තහම රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, ජනතාවගේ නිදහස, 19 වන සංශෝධනය, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම, 19 වන සංශෝධනය මම දකින්නේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම තුළ ඇති වූ ඒ සම්බන්ධයෙන් ප‍්‍රගතියක් විදියට විතරයි. අනිත් පැත්ත මම අද දකින්නේ විශාල දේශපාලන ආරවුලක් විදියටයි.
ඒ වගේම 19 වන සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේදී වගේම රටේ අනිත් තනතුරුවලට පත් කිරීමේ දී ව්‍යවස්ථාසභාව කෙතෙක් දුරට අපක්ෂපාතී වුණා ද, සාධාරණ වුණා ද කියන කාරණය මටනම් ප‍්‍රශ්නයක්. අද අගවිනිසුරුගේ ඉදලා, නීතිපති, පොලිස්පති ස්වාධීන කොමිෂන් සභා මේ සියල්ල පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාව. මම දැක්ක ප‍්‍රධාන දේ තමයි ව්‍යවස්දායකසභාව තුළ අධිකරණයට පත්කිරීම් කිරිමේ දී අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ නම් ඉදිරිපත් කළහම ඒවා ප‍්‍රතික්ෂේප වුණා.
අධිකරණ ක්ෂ්ත‍්‍රයේ විනිශ්චයකාවරු පිරිසක් අතරේ මට චෝදනාවක් තිබෙනවා මේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඒ අයට මම පත්වීම් ලබා දේන්නේ නැහැ කියලා. මම පැහැදිළිව කියන්න ඕන ඒ චෝදනාවට ලක්වී තිබෙන සෑම නමක්ම මම ව්‍යවස්ථා සභාවට යවලා තිබෙනවා. ව්‍යවස්ථා සභාව ඒවා ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ තුළ අධිකරණයේ ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර ධූර දරන අයට අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා විනිශ්චයකාරවරු පත් කිරීමේ ව්‍යවස්ථා සභාව අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙත කොතෙක් දුරට අපක්ෂපාතිද, මධ්‍යස්ථ ද කියන ප‍්‍රශ්නය පැන නැගිලා තිබෙනවා.
අපි මුහුණ දුන් ඉතාම කටුක අත්දැකීම් ගත්තහම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පරාජය කරලා රටේ ජනාධිපතිවරයෙක් පළමු වතාවට පරාජය කරලා හැට දෙලක්ෂ පනස්දහසක ජනතාව මාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ විශේෂයෙන්ම එදා ඒ ආණ්ඩුවේ තිබුණ බරපතළ වැරදි නිසා. ඒ තුළ මූලිකම දේ තමයි දුෂණය සහ වංචාව, එතකොට දුෂණයට සහ වංචාවට විරුද්ධව ජනතාව ජනතාවාදී ආණ්ඩුවක් පත්කරගත්තහම තමන්ගේ ඡුන්දයෙන් මාස තුනක් යන්න කළින් ඇති වූ මහ බැංකු මහා මංකොල්ලය, 2015 වසරේ අවස්ථා දෙකක දී වාර්තා වූ සිද්ධින් අනුව අපි දුෂණයට විරුද්ධව ගෙනගිය සටන සම්පුර්ණයෙන් දුෂිත කළා. එය සම්පූර්ණයෙන් ජනතාවගේ ප‍්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් සුණු විසුණු කරලා තිබෙනවා. යහපාලන දේශපාලන සංකල්පය විනාශ කරලා තිබෙනවා.
මම අද උදේත් දුරකථනයෙන් මහබැංකු අධිපතිවරයාට කතා කරලා ඇහුවා ජනාධිපති කොමිසම් සභාව විසින් නිර්දේශ කරන ලද නිර්දේශ තුළ ප‍්‍රධාන නිර්දේශයක් වූ වෝහාරික විගණනය අද වෙනකන් කරලා තියෙනව ද කියලා. අද වෙනකන් එය කෙරිලා නැහැ. ජනාධිපති කොමිෂන් සභාව පැහැදිළිව කියනවා.
මහ බැංකු මංකොල්ලයේ ජනතාවගේ මුදල්වල මූල්‍ය වටිනාකම තවම මෙතකැයි කියා සීමාවක් කිව නොහැක. මෙය අවුරුදු ගණනාවක් සිදු වී ඇත. වාර්තාවේ තිබෙනවා.
එතකොට ආර්ථික විශේෂඥයන් මට පහුගිය සතියෙත් මේ පිළිබඳ සාකච්ඡාවක දී කිව්වා වසර ගණනාවක් පුරා සිදුව ඇති මේ මහා මංකොල්ලය බිලියන් දාහකට එහා කියලා කිව්වා.
අද වෙනකන් කිසිම විගණනයකින් කොමිෂන් සභා වාර්තාව අනුව සොයාගෙන නැති මුදල් කන්දරාවක්. එතකොට මේ ප‍්‍රශ්නයේ දී පැහැදිළිව ගරු රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා දන්නවා,අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කරන අවස්ථාවේ මම දැඩි ලෙස විරුද්ධ වුණා. නමුත් මාව ජනාධිපති විදියට පත්කරලා සතියක් වගේ කාලයක් තුළ මම කළගුණ දන්නා කෙනෙක් විදියට රනිල් වික‍්‍රමසිංහ මහතා සමග මට කිසිදු ගැටුමක් අවශ්‍ය නැති නිසා එතුමාගේ දැඩි ඉල්ලීමට මම අර්ජුන් මහේන්ද්‍රන් පත් කළා. ඒක මගේ පත්වීමක්. ඒ නිසා මටත් චෝදනාවක් ආවා එහි වගකීම මමත් භාරගත යුතුයි කියලා.
එසේ වූ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ කි‍්‍රයාකාරිත්වය තුළ මේ සිදුවීම් සිදුවෙලා රට තුළ මහා ගින්නක් වගේ ඇතිවුණා. විශාල උණුසුමක් වුණා. අර්ජුන් මහේන්ද්‍රන් මහතා අදත් නැහැ. ඔහු අල්ලා ගැනීම පිළිබ`දව වැඩපිළිවෙළක් හරියට කි‍්‍රයාත්මක වුණේ නැහැ. මේ මංකොල්ලය පිළිබ`දව ජනාධිපති කොමිෂන් සභාවට සහයෝගය දුන්න ද, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සහ අනිත් නිලධාරින්ට තර්ජන ආවා, ඒ අයට බලපෑම් ඇති වුණා. ඒ අයට විරුද්ධව පරික්ෂණ පැවැත්වුවා.
මම මහින්ද රාජපක්ෂ මහත්තයා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේ ඔක්තෝබර් 26 වෙනිදා. ඊට දවස් හතරකට කළින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහබැංකු මංකොල්ලයේ වැරදිකරුවන්ට දඩුවම් පැමිණිම අවශ්‍යයි කියලා නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළ අල්ලස් හා දුෂණ කොමිෂන් සභා සංශෝධන පනත වචන කිහිපයක් සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවට යවලා මාස 05 කට වැඩිය මේක කබඞ් ඇතුලේ තිබුණා. මම මේ ගැන අවස්ථා කිහියක් තළතා අතුකෝරළ ඇමතිණියට කිව්වා එතුමිය අධිකරණ ඇමතිණි නිසා.
කිරිඅල්ල ඇමිතිතුමාට කිව්වා. කිරිඇල්ල ඇමතිතුමා කියලා බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නමුත් අවසානයේ දින නියමයක් නැතිව එම සංශෝධනය කල් දැම්මා. දැන් ඒ කල්දැමීම තුළ ඒ පනත සංශෝධනය වෙන්නේ නැහැ. අවුරුදු 15 කට 20 කටවත් මේ බිලියන් දාහකට වැඩියි කියන මහ මංකොල්ලයේ පරික්ෂණය කෙරෙන්නේ නැහැ. වැරදිකරුවන්ට දඩුවම් ලැබෙන්නේ නැහැ. මුදල් අය කර ගැනීමට හැකි වන්නේ නැහැ. මේ ප‍්‍රශ්නය අදත් බරපතළයි.
ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව ආරම්භ කළ සී.සී.එම් එක. ප‍්‍රශ්න රාශියක් ඇති වුණා. ඒ තුළ ගැටුම් රාශියක් ඇතිවුණා. ඇත්තටම කියනවනම් මම අගමැතිතුමාට කොච්චර කළගුණ සැළකුවා ද කියන්නේ ජනාධිපතිවරයාගේ බලතළත් අගමැතිතුමා අරගෙන කි‍්‍රයාකළා. මම ඒවා ගැන ඇහුවේ නැහැ. රාජ්‍ය නායකයන් සමග ගනුදෙනුවලදී, ජාත්‍යන්තර ගිවිසුම්වල දී ඒ ආකාරයට එතුමා කටයුතු කළා. 19 වැනි සංශෝධනයෙන් අගමැතිවරයාට හිමි නැති බලතළ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කි‍්‍රයාත්මක කළා. මම ඒත් නිහඩව හිටියා කළගුණ දන්න මිනිහෙක් විදියට. සිංගප්පුරු ගිවිසුම පිළිබ`දව මම කොමිෂන් සභාවක් පත් කළා.
එහි නිර්දේශ මට පසුගිය සතියේ ලැබුණා. එම නිර්දේශවල සදහන් වෙනවා මෙම ගිවිසුමේදී වැරදි රාශියක් සිදු වෙලා තිබෙන බව. මම ඒක දීර්ඝව පැහැදිළි කරන්නේ නැහැ මේ වෙලාවේ. විශේෂයෙන් එහි එක් ජේදයක සඳහන් වෙනවා ඊට අදාළ නියෝජිත ආයතන, වෙලෙද, වරාය, කර්මාන්ත, මුදල් ඇතුළු අදාළ අමාත්‍යාංශ ඒ ගිවිසුම අත්සන් කිරීමට ඒ නිර්දේශ ගතයුතු ආයතන රාශියකින් ඒ නිර්දේශය ලබාගෙන නැතිකම කර තිබෙන බරපතළ වැරුද්දක් ලෙස මෙම වාර්තාවේ පෙන්වා දෙනවා. ඒ නිසා සිංගප්පුරු නිදහස් වෙළෙඳ ගිවිසුම බරපතළ ප‍්‍රශ්නයක් වෙලා තිබෙනවා. මගේ අදහස එය රජයේ මැදිහත්වීම තුළ තාවකාලිකව නැවතිය යුතුයි කියන එක.
ඊට සංශෝධන කළයුතු වෙනවා. ඒ සංශෝධනවලදී මම දන්නේ නැහැ තවත් විශේෂඥයෝ යොදවලා සම්පූර්ණයෙන් මේ ගිවිසුම ඉවත් කරනව ද, සංශෝධන සහිතව කළහැකි ද කියන එක නීති විශාරදයන්ගේ සහ ආර්ථික විශේෂඥයන්ගේ උපදෙස් අනුව කළයුතු කාර්යයන් විදියටයි මම දකින්නේ. ඒ නිසා මේ තත්ත්වයන් වලදී ඉතා පැහැදිළිව සඳහන් කරන්නට ඕන මම මේ කියපු කරනු පිළිබ`ද සැලකිල්ල යොමු කිරීමේදී අපි මේ අත්දැකිම් සමග ඉදිරියට වැඩකරන ක‍්‍රමය කොහොමද නිරවුල් කරගන්නේ කියන කාරණාව. මේ පිළිබද ඇතිවූ මතභේදවල දී ව්‍යවස්ථාදායකය සහ විධායකය මේ ගනුදෙනුව බේරගත්තනම් අපිට සති 07 ක කාලයක් යන්නේ නැහැ මේ ප‍්‍රශ්නය විසදගන්න.
ඒ මොකද මම සතුටු වෙනවා, මම ඔබතුමන්ලාට සියලූ දේශපාලන පක්ෂ නායකයන්ට, ගරු කථානායකතුමාට, මම ස්තූතිවන්ත වෙනවා මෙම ගැටලූව නිරවුල් කර ගැනීමට කැදවූ සෑම සාකච්ඡාවකදීම තමුන්නාන්සේලා සහභාගී වුණා. මේ කාර්යාලයට ආවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතු`ථ ඒ කණ්ඩායම්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ ඒ හැම කෙනෙක්ම ආවා.
ද්‍රවිඩ ජාතික සන්ධානය, එක්සත් ජාතික පෙරමුණේ සහෝදර පක්ෂ නායකයෝ ඒ සියලූදෙනා ඉතා විශිෂ්ට සහයෝගයක් දැක්වුවා. ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක තිබෙන සුහදකාමී වාතාවරණයක ඉතාමත් වැදගත් ලක්ෂණයක් විදියට මම සළකන්නේ. වේදිකාවල මහපාරේ මොනව කියාගත්තත් මනුෂ්‍යකමක් ඇතිවුණා එකට වාඩිවෙලා ඒ ප‍්‍රශ්න විසදා ගැනීමේ. නමුත් අපි අසමත් වුණා විධායකය සහ ව්‍යවස්ථාදයකය අතර ඒ ප‍්‍රශ්නය බේරගන්න. ඒ නිසා අධිකරණයට ගියා. අධිකරණයේදී දුන්න තීන්දුවේ දී මහජනතාව මොනවද කියන්නේ, නීති විශාරදයින් මේ ගැන මොනවද කියන්නේ, මම කියන්න ඕන මේ ගැසට් නිවේදන සම්බන්ධයෙන් ඇතැම් අය කරන විග‍්‍රහ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, වාර අවසන් කිරීම, අගමැති පත් කිරීම, ඉවත් කිරීම මේවා පිළිබඳව මම පිළිබඳව කරන විවේචනවල දී ඉතාම ළදරු ස්වභාවයේ විවේචන තමයි කරන්නේ. ඒ මොකද මම නීතඥයෙක් නොවන බව රටම දන්නවා. මම ඒ ගැසට් නිවේදනය නිකුත් කළේ මගේ තනි කැමැත්තට නෙවේ. මීට සම්බන්ධවූණා ජනාධිපති නිතිඥවරු, මීට සම්බන්ධ වුණා රටේ ඉහළම නිති විශාරදයින්. ඒ අය සාකච්ඡුා කරලා තමයි ඔය ගැසට් නිවේදන සියල්ල සකස් කළේ.
එහෙම නැතිව ළදරුවෝ කරපු වැඩක් නොවේ, මෙහිදී හොදම උදාහරණය තමයි අධිකරණයේ මේ නඩු විභාගවන අවස්ථාවේ මාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්, මම ඒ අයට ස්තූතිවන්ත වෙනවා. ඒ අය මේ රටේ ඉහළම පෙළේ නීති විශාරදයින්. මම ගැසට් නිවේදන නිකුත් කිරීමේ දී ඔය කියන විදියට ළදරු වැඩක් කරලා තිබුණනම්, බාල වැඩක් කරලා තිබුණානම් මගේ පැත්තෙන් පෙනී සිටි එම නීති විශාරදයින් ඊට ඉදිරිපත් වන්නේ නැහැ.
විශේෂයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ඔබතුමන්ලා සටන් ව්‍යාපාරය ගෙන ගියේ ඡුන්දයක් එපා කියලා, උසාවි ගියේ ඡුන්දයක් එපා කියලා. නමුත් මේ අර්බුදයේදී මේ දුෂිත වී තිබෙන පාර්ලිමේන්තුව විසුරුවලා අලූත් පිරිසිදු පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගන්න ජනතාවට අවශ්‍යයි කියලා ජනමතයක් ඇතිවුණා. ඒක එක්සත් ජාතික පාක්ෂිකයෝ තුළත් ඇතිවුණා මම දන්නවා. ඒ අයත් කිව්වා අපෙත් ඉන්නවා වැරදි කරන අය ඒ අය ගෙදර යවන්න මැතිවරණයක් තමයි ඕන කියලා.
අධිකරණ තීන්දුව තුළ ජනතාව කියන්නේ ප‍්‍රශ්නය විසදන්න හොදම මග මේ දුෂිත පාර්ලිමේන්තුව විසුරලා අලූත් පාර්ලිමේන්තුවක් පත් කරන්න අපට අවස්ථාව තිබුණා. ඒක නැතුවි ගියා අධිකරණ තීන්දුවෙන්. ජනතාවගේ ඡුන්ද බලය නැතිවුණා අධිකරණ තින්දුවෙන් කියලා ජනතාව කියන්නේ, මම නෙවේ කියන්නේ, මම මේ සියලූදෙනාගෙන් අදහස් විමසනවා, ආගමික පූජකවරු, විද්වතුන් අහනවා. එතකොට බහුතර මතය අදත් අධිකරණ තීන්දුව කිසේ වෙතත් ඡුන්දයක් දුන්නනම් හොදයි කියන එක තමයි ජනතාවගේ මතය. මන්තී‍්‍රවරු 122 ක් අත්සන් කරලා අධිකරණයට දුන්නේ ඡුන්දයක් එපා කියන ඉල්ලීමයි. ඉතින් මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තහම මම මේ කරුණු පිළිබ`දව කතා කළේ අපි මේ පසුබිම් සමග අතීතයේ අත්දැකීම් සමග අනාගතය කොහොමද හදාගන්නේ කියන ප‍්‍රශ්නය තුළයි.
ඒ සමගම මම තමුන්නාන්සේලාට තව දෙයක් කියන්න ඕන. පහුගිය අවුරුදු හතරකට ආසන්න කාලය තුළ මේ දුෂණය වංචාව නැති කිරීමේ දී කාරණාවලදී මම කිව්වා මම හැමදාම කියන දෙයක් තියෙනවා විවිධ සමාජ බලවේගයන් රටේ තිබෙනවා, ආගමික බලවේග භාෂාව පිළිබඳ බලවේග, ඒ සිරිත් විරිත්, සම්ප‍්‍රදායන්, සංස්කෘතින් මේ පිළිබදව අපේ රටේ තිබෙන බලවේග ඉතා ශක්තිමත් සහ පුළුල්. බොහෝ වෙලාවට රටේ ආණ්ඩු හදන්නේ ආණ්ඩු පෙරළන්නේ දේශපාලන මතයට වඩා මේ සංස්කෘතික බලවේග. මම බොහොම පැහැදිලිව පහුගිය කාලවලදී කිව්වා භික්ෂුන් වහන්සේලාට නඩු පැවරීමේදී මේ අලි ඇතුන් පිළිබඳ ප‍්‍රශ්නයේ දී පෙරහැරවල්වලට අලි නැහැ කියලා අලි ඉන්න දේවාල විහාර විතරක් නෙවේ, ඒක පුළුල් සමාජබෞද්ධාගමික, සංස්කෘතික විරෝධයක් දැඩි ලෙස ආවා. එතකොට මම බොහොම පැහැදිළිව කිව්වා මේ අලි ඇතුන් නිදහස් කරමු. මේකේ නිත්‍යානුකූල තත්ත්වය බලමු. එක දිගට භික්ෂුන් වහන්සේලා සිරභාරයට ගන්න මේ වැඬේ කරන්න එපා. මේ අලි ප‍්‍රශ්නයට කියලා. ඒ තුළ මු`ථ භික්ෂු සමාජය අපට නැතිව ගියා.
ඒ වගේම තමයි මම පැහැදිළිව කියන්න ඕන. ත‍්‍රිවිධ හමුදාව අත්අඩංගුවට ගැනීම, යුද්ධයක් කරපු රටක යුද ජයග‍්‍රහණය ලබාදීලා ම්ලේච්ඡු ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් නැති කරපු අපේ රණිවිරුවෝ හිරේ දාන්න එපා කියන එක මම නිතරම කියපු දෙයක්. ඒත් ඇහුවේ නැහැ.
අද ජාත්‍යන්තරය කියන විදියට අපේ හමුදාවන්ට දඩුවම් කරන්න ඕන, හැබැයි අපේ හමුදාව විනාශ කරපු ප‍්‍රභාකරන්ගේ මිනිස්සුන්ට දඩුවම් නැහැ, ඒ මිනිස්සු ලෝකයේ රටවල්වල ඉන්නවා. එල්.ටී.ටී.ඊ එකේ ප‍්‍රබලයෝ, විදේශ රටවල ඉන්නවා. එතකොට ඔය කියන ජාත්‍යන්තරය අපිට තමවි ඇගිල්ල දික් කරන්නේ ඔක්කේම කරන්නේ, හමුදාවට විරුද්ධව පරීක්ෂණ පවත්වන්න කියලා. මානව හිමිකම් කැඩුවා, ජාත්‍යන්තර යුද නීති කැඩුවා කියලා අපිට තමයි චෝදනා කරන්නේ. එතකොට අපේ ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක රටේ ජනාධිපතිවරයාගේ සිට සිවිල් ජනතාව ලක්ෂයක් විතර මැරුවා.
එතකොට අද ජීවතුන් අතර ලෝකයේ රටවල්වල සැගවිලා ඉන්න මිනිස්සු ලංකාණ්ඩුවට සැගවිලා ඉන්න අය මේ රටට ගෙනල්ලා දඩුවම් දීමේ වැඩපිළිවෙළක් කොහෙද තියෙන්නේ, ජාත්‍යන්තරයෙන් එහෙම දෙයක් කතා කරන්නෙත් නැහැ, අපේ රටෙ ඇතුළෙන් කතා කරන්නෙත් නැහැ. හමුදාවට දඩුවම් දෙනවනම් ඒ අයටත් දඩුවම් දෙන්න ඕන. එහෙම නැත්නම් දෙගොල්ලන්ටම දඩුවම් අයින් කරගෙන එකඟතාවකට එන්න ඕන. මෙහිදී ඉතා පැහැදිලිව මම දරණ මතය තමයි එහෙම නැත්නම් ඔක්කොටම නඩු දාන්න ඕන, එහෙමත් නැත්නම් ජාත්‍යන්තරයත් එක්ක කතා කරලා හමුදාවල් නිදහස් කරගන්න ඕන. දැන් ද්‍රවිඩ සිරකාරයෝ නිදහස් කරන්න කියන ඉල්ලීම තිබෙනවා. අපි සාකච්චා කිහිපයක් පැවැත්වුවා. ද්‍රවිඩ සිරකරුවන් නිදහස් කරනවනම් අපේ හමුදාවන්වලට විරුද්ධව දැන් පහුගිය අවුරුදු ගානේ නොයෙකුත් නඩුවලින් සියලූදෙනා නිදහස් කරන්න ඕන. ඒක තමයි සාධාරණත්වය.
මේ ප‍්‍රශ්නයත් එක්ක අතිවූ කරුණු කාරණාවලදී තමුන්නාන්සේලාගේ කතිකයෝ කිව්වා මාව ගඩාෆි වගේ ඇදගෙන ගිහින් මරන්නේ කියලා, ඒ වගේම ඇතැම් මන්ති‍්‍රවරු කිව්වා, මහගහ සේකර මාවතේ මගේ ගේ ගිනි තියලා, කුඩු කරලා මාවයි, දරුවොයි මරලා දානවා කිව්වා. තමුන්නාන්සේලා එක්ක ප‍්‍රවෘත්ති සාකච්ඡා තියපු එන්ජී ඕ කාරයෝ එහෙම කිව්වා. ඇයි එහෙම කියන්නේ, මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට එහෙම කියලා නැහැ. දැඩි පාලකයෙක් විදියට සමාජය කතාකරන ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ කාලේ මේ රටේ ප‍්‍රශ්න ගණනාවක් වුණා. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට විරුද්ධව කතා කරලා මම හිරේ ගිය කෙනෙක්.
ජේ.ආර්. ජයවර්ධනට එහෙම කිව්වේ නැහැ. පේ‍්‍රමදාස මහත්තයට කිව්වේ නැහැ. චන්ද්‍රකා බණ්ඩාරනායක මැතිණියට විරුද්ධව රටේ කොච්චර දේවල් සිද්ධ වුණාද, කවුරුත් එහෙම කිව්වේ නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයට කවුරුත් කිව්වේ නැහැ ගඩාෆි වගේ ඇදගෙන යනවා කියලා. මට එහෙම කිව්වේ එහෙම කළානම් මම නිශ්ශබ්දව බලාගෙන ඉන්න මිනිහෙක් නිසා. ජේ.ආර්. ජයවර්ධනගේ ඉදලා හිටපු නායකයන්ට එහෙම කිව්වනම් ඒ කිසිවෙක් ඉතිරිවෙන්නේ නැහැ. හැබැයි දන්නවා මම වගේ මිනිහෙක් ගේ ගිනි තියන්නත් පු`ථවන්. ගඩාෆි වගේ මාව ඇදගෙන යන්නත් පුළුවන් කියලා දන්නවා.
ඒක මගේ ප‍්‍රතිපත්තිය සහ දර්ශනය තුළ රටේ යහපත් සමාජයක මිනිස්සු හොද පැත්තට යනවා වගේම අපරාධකාරයෝ, පාතලයෝ, මිලේච්ඡ පිරිස ඒ ප‍්‍රකාශ කළේ ඒ නිසා. මාව ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණය ගැන මම දැක්කේ නැහැ තමුන්නාන්සේලා කිසි තැනක මේ වගේ ප‍්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. ඒක ඔප්පුවෙලා නෙවේ, නමුත් ඒකට කරුණු කාරණා රාශියක් තියෙනවා. දැන් මේ දිනවල මගේ භාරයේ පොලිසිය තිබුණු නිසා ඒ ප‍්‍රශ්නවල ලොකු ප‍්‍රගතියක් තියෙනවා. නමුත් අවාසනාව කියන්නේ රටේ ජනාධිපතිවරණයා ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත‍්‍රණය අධිකරණයේ විභාගවන වෙලාවේ පහුගිය නඩු දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක්වත් නැහැ.
මේ ගැසට් නිවේදන ගැහුවේ නීති විශාරදයන්ගේ උපදෙස් අනුව ඉතාමත් සද් භාවයෙන් මම මේක කළේ. ඉතාමත් යහපත් චේතනාවෙන් කළේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළයුතුයි කියන අපවිත‍්‍ර චේතනාවකින් කරලා නැහැ. රට තුළ බරපතළ දේශපාලන අර්බුදයක් ඇතිවුණා. ඒක විසදාගැනීමට හොදම ක‍්‍රමය ඡුන්දයකට යාමයි. පාර්ලිමේන්තුවේ මේ ලියුම අත්සන් කළේ මන්ති‍්‍රවරු 122 යි. මේ රටේ ලක්ෂ 155 ක ඡන්ද දායකයින් ඉන්නවා. මේ ලක්ෂ 155 ක් ඡන්ද දායකයින්ට බලය දෙන්න මම ගැසට් නිවේදනය ගැහුවේ පාර්ලිමේන්තුවේ ඉන්න 122 කට වැඩිය මේ ලක්ෂ 155 ඡන්දය තමයි ජනතා පරමාධිපත්‍ය තීරණාත්මක සාධකය සාක්ෂිය සහ රට වගේම ලෝකය පිළිගත යුතු වෙන්නේ කියලා. ඒ නිසයි මම එතනට ගියේ. බොහොම පැහැදිළි පිරිසිදු චේතනාව තුළ මම කරපු දේවල්වලට මට දඩුවම් දෙනවානම්, මඩ දඩුවම් දෙනවනම් දෝෂාභියෝග ගෙනවනම් ඒක වෙනම කාරණයක්.
නමුත් සත්‍යය ගලේ කෙටුව අකුරක් ලෙස ඉතිහාසයේ ලියවෙයි. උසාවිය මෙහෙම තීන්දු දුන්නට මගේ චේතනාව කුමක්ද, ලක්ෂ 155 කට ජනවරම දීම, පාර්ලිමේන්තුවේ ඡන්දය එපා කියපු 122 ට වඩා ශක්තිමත් කියා මම දන්නා නිසා.
ඒ නිසා මට ඕනම දඩුවක් දුන්නට ගැටලූවක් නැහැ මම මගේ දේශපාලන ජීවිතය තුළ මම පස් හය සැරයක් මැරණ මිනිහෙක්. මාව ඉස්සෙල්ලා මැරුවේ 71. මාව ජේවිපියට කිසිම සම්බන්ධයක් නැතුව මගේ පාසලේ විදුහල්පතිවරයා මගේ නම දීලා මාව චේගුවේරාකාරයා කියලා මට ගහලා මාව ගෙනිහිල්ලා මඩකලපුවේ හිර ගෙදර හිටියා. ඒ පළවෙනි දෙවියන් වහන්සේ මාව බේරා ගත්ත තැන.
”ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි” මම ධාර්මික ජීවිතයක් පෙර මම ආත්මීය වශයෙන් ධාර්මික ජීවිතයක් පෙර ආත්ම වලත් ගත කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමා මගේ ජීවිතය බේරිලා තියෙන්නේ කියලා. එල්ටීටී එකෙන් මට පස් සැරයක් ගැහුවා.
”ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි” කිවේ එකයි. මගේ මේ රෝම කූපයකට වත් දැනුනේ නැහැ. ඒ එක ප‍්‍රහාරයක්වත් මට ගහන්න එල්ටීටි කාරයෝ වරින් වර අවස්ථා පහේ දීම පොළොන්නරුවේ ඔවුන්ම සයනයිට් කාලා මරුණා. . ඔබට මතක ඇති ඒ මරන්න ආපු එක මිනිසෙක් හිර භාරයේ ඉන්නකොට මම සිරභාරයෙන් ඔහුව නිදහස් කෙරුවා. අවසාන ප‍්‍රහාරය මට බොරගැස්ගමුවේ දී. බොරලැස්ගමුවේ ප‍්‍රහාරයේ දී අහිංසක මිනිස්සු හතර පස් දෙනෙක් මැරුණා. මගේ ඇගේ රෝම කූපයකටවත් දැනුනේ නැහැ.
අගමැතිතුමාටත්, ඔබතුමාලාටත් මතක ඇති රාජගිරියේ ඇන්.එම් පෙරේරා ප‍්‍රතිමාව හන්දියේ දී අපිට ගහපු හැටි අපි හදිසි නීතියට ඡන්දේ දීලා එනකොට එල්ටීටී ඇවිත් පැනලා. මාව එතැනට කොටු වුණා. මගේ නෝනායි, දරුවෝයි ආපු වාහනය එතැන ගෙදරක තිබිලා එල්ටීටීකාරයෝ ඒ ආණ්ඩුවේ වාහනයක් අරගෙන පැනලා ගියේ. ඊට පහුවදා මල්වාන පැත්තේ දාලා ගිහින් තිබිලා අහුවුණා. එවැනි අවස්ථා ගණනාවක් තියෙනවා.
එක නිසා මම මේ සියල්ල ගත්තහම 1971 ඉඳලාම එතකොට මගේ වයස අවුරුදු 19 යි. දැන් මගේ වයස 67 ඉවරයි. අවුරුදු 19 ඉඳලාම මම බෝනස් ඉන්නේ. දෙවියන් වහන්සේ මාව අවස්ථා පහක දී බේරලා තියෙන්නේ.
ඒ නිසා මාව ගඩාෆි වගේ ඇදගෙන යන අයට ඇදලා ගෙනිහිල්ලා මරන්න පුළුවන්. ඒක ගැන මගේ කිසිම විරැුද්ධත්වයක් නැහැ. ඒ අයට හමුදාව දාලා, එස්ටිඑෆ් දාලා වෙඩි තියන්නේ නැහැ. එහෙම ඕනැ වෙලාවක ඇවිත් වට කරපුවාහම මම නිශ්ශබ්දව ඉන්නවා. එනවයි කියලා දැන ගත්තහම ගෙට්ටුව අරිනවා. ඔය ඉන්න ආරක්ෂක හමුදා, එස්ටීඑෆ් එකටයි සියලූ දෙනාට යන්න කියලා කියනවා. ඒ අයට ඇවිල්ලා ගෙදරයි මාවයි ගිනි තියලා මරලා දාලා යන්න කියලා සියලූ දෙනාට කියනවා ඔය එන්ජීයෝ කාරයින්ටයි, තමුන්නාන්සේලාගේ ඔය කියපු මන්තී‍්‍රවරුන්ටයි මම බොහොම පැහැදිලිව කියනවා.
ඒක නිසා මේ සියලූ දේවල් එක්ක අපි කල්පනා කරන්න ඕනැ මේ අත්දැකිම් එක්ක අපි මොන විදියට දැන් ඉදිරිය පිළිබ`ද කරුණු කාරණා සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේවා එක්ක මේ විදියටම ද මේ ආණ්ඩුව යන්නේ. ඔබතුමලාගේ මේ මන්තී‍්‍රවරුන් මට දුරකතනයෙන් කතා කරලා කියනවා, සමහර අය මට ඊයේ පෙරේදා හමුවෙලා කිව්වා අපි දැන් එකතු වෙලා අපි මෙහෙම ගමනක් යමු කියලා. මේ දේවල් එක්ක මේ ගමන යාම පිළිබඳව මම දකින්නේ නැහැ මොකක්ද සහතිකය කියලා. ඒ නිසාගැටුම් හදාගන්න මට උවමනාවක් නැහැ. මේ ගැටුම හැදෙන්න හැදෙන්න රට වැටෙනවා. මේ දුෂිත තත්ත්වයන් ඉතාමත්ම ප‍්‍රබලයි. පාර්ලිමේන්තුවේ ඉතාමත් ¥ෂිත දේශපාලනඥයින් පිරිසක් ඉන්නවා. අපේ කැබ්නට් මණ්ඩලය ගත් විටදුෂිත පිරිසක් ඉන්නවා.අපි බලාපොරොත්තු වෙච්ච රටේ ජනතාවට දුන්න යහපාලන දේශපාලන සංකල්පය අමු අමුවේ දුෂණය කරලා තියෙනවා. මේකට වැරදිකාරයා මම නොවෙයි කියන එක මම පැහැදිලිව කියනවා. මම ඒ පරිත්‍යාගය කරලා, මගේ සියලූ කැපවීම් කරලා තියෙනවා. ඒ සියලූ දේවල් විනාශ කළා. ඒ සියලූ දේ විනාශ වුණා.
මේ රටේ මට ඡුන්දය පාවිච්චි කරපු අති බහුතරයක් නියෝජනය වන ඒ ගෞරවනීය එක්සත් ජාතික පක්ෂිකයෝ ඒ අය දන්නේ නැහැ මේ විදියට මේ විදියට කුණු වෙලා තියෙන, මේ දේශපාලන ඔද්දල් වෙච්ච, ඡරා ජීර්ණ වෙච්ච මේ දේශපාලන ක‍්‍රමයේ අභ්‍යන්තර තත්ත්වය ඒ අය දන්නේ නැහැ. ඒ අය දන්නවානම් මම හිතන්නේ නැහැ ඔය විදියට කෑගහන්න, පෙළපාලි යන්න, වට කරන්න ඕවාට එකතු වෙයි කියලා.
ඒ නිසා මේ රට ගත් විට අපි කියනවා වාසනාවන්ත රටක් කියලා ඇත්තටම වාසනාවන්ත රටක් තමයිි හැබැයි මේ රට ගොඩ ගන්න, හෙට දවස වෙනුවෙන් මේ රටේ දුෂණයෙන් තොර දේශපාලනඥයෝ කී දෙනෙක් ඉන්නවා ද ? දුෂණයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න අවශ්‍ය පිරිසක් කවුද? අන්න ඒ අයගේ එකාරාශී විමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ තුළ හොඳ රටක් හදන්න, හොඳ සංවර්ධනයක් ගෙනයන්න. දුෂණයෙන් තොර පාලනයක් ගෙනයන්න අපි කතා කරන සම්පුර්ණයෙන් අසාර්ථක වූ යහපාලන දේශපාලන සංකල්පය ඉෂ්ට වෙන්න. මේ විදියට රටට ආදරය කරන, රට ගැන හිතන, රටේ සංස්කෘතික වටිනාකම් දන්න ආගමික ධර්මතාවයන් එක්ක සමාජ හර පද්ධතීන්වලට ගරු කරන ලෝකයේ රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙමයි. ඒ නිසා මම ඉදිරියේ ප‍්‍රශ්නාර්ථයක් තියෙනවා එහෙම රට ගොඩ ගන්න පිරිසක් කෝ කියලා. මේක එක් කෙනෙකුට දෙන්නෙකුට කරන්න බැහැ. මේක හො`ද පිරිසක් ඕනැ. ජනතාවට ඒ නායකත්වය දෙන්න හොඳ පිරිසක් අවශ්‍යයයි.
ඒක නිසා රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේකයි. කෙනෙක් අහන්න පුළුවන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ 225 තිබුණත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා මම කිව්වා නේද කියලා දැන් අදින් පස්සේ අහයි. මට සමාජ ජාලා වල ගහයි නොයෙක් දේවල් කියයි නොයෙක් නොයෙක් අපහාස උපහාස කරයි. ඒක මගේ දේශපාලන මතය. මම ඒ මතයේ තිබෙන ප‍්‍රබලකම නිසා තමයි මම එහෙම කිව්වේ, 225 ම අත්සන් කලත් මම රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ඔබතුමාලා එතැන දී පාර්ලිමේන්තුවට ගිහිල්ලා 117 ක් අත්සන් කරලා, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවා. පාර්ලිමේන්තුවට කිසිම තැනක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නැහැ ජනාධිපතිට යෝජනා කරන්න, නියෝග කරන්න කිසි තැනක මේන්න මෙයා අගමැති විදියට පත් කරන්න කියලා. අධිකරණයටත් බැහැ මම දන්න විදියට අහවල් පුද්ගලයා අගමැති විදියට පත් කරන්න කියලා අධිකරණයටත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කොහේවත් නීතියේ නැහැ. ඒක බොහෙම පැහැදිලිව තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට.
නමුත් මම සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගරු කරන කෙනෙක් විදියට පාර්ලිමේන්තුවේ 117 ක් කතානායකතුමාගේ ඡුන්දය පෙන්වූ විට රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාට දෙන්න කියලා ඒ අනුව මම තීන්දු කළා. මම මගේ පෞද්ගලික මතය දේශපාලන මතය 225 ම අත්සන් කලාත් දෙන්නේ නැහැ කියලා, ඒක එහෙමම තමා අදත්. නමුත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය තුළ මම ඒ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට ගරු කරලා, මම තීන්දු කළා අගමැතිකම දිය යුතුයි කියලා. මම මේක දකින්නේ ප‍්‍රජාත‍්‍රන්ත‍්‍රවාදී සමාජයක, සදාචාර සම්පන්න සමාජයක ලක්ෂණයක් විදියට මම දකින්නේ.
ජනාධිපති මාධ්‍ය අංශය
2018 -12-16

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදි බණ. එතකොට අස්කලේ? අනේද කියලා හිටපු මහින්ද මැතිතුමාව පත් කලේ? පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ? කොහොමවත්ම අපහු පත්කරන්නේ නැහැ කිවේ? මෙරට ලෝකයා ඉදිරියේ බාල්දු කලේ? කැබිනට් එක විසුරුවා හැරියේ? . කපන්න බැරි අත සිඹ ගත්තේ? 19 වන සංශෝදනය වැඩියෙන්ම ඉල්ලන මාතෘකාව කලේ? මොනවට පවසම්ද?
ඇයි ඕක කරන්න එදා අමතක වුනේ? එදා හිතා උන්නේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැහැ කියලද? කතාවක් තියනවනේ කිතුලට ගිය එකාටත් කියන්න දෙයක් තියනවා කියලා... ඔය කතාව හරි විදිහට කියන්න මෙන්න මෙහෙම "මම එදා රනිල් එලවල මහින්දට දුන්නේ ජීවිතේ බේර ගන්නයි. එන ජනපතිවරණයෙන් අපේක්ෂකත්වය ගන්නයි කියලා" එතකොට ජනතාව පිළිගැනේ.. රටේ ඉන්නේ වැද්දෝ නෙවේ. උගත් ජනතාවයි.. ගොනා හැරෙනකොට දන්නා පොල් පැලෙට කෙලින්න තමයි යන්නේ කියලා. අපිව තම්බන්න ඔහේගේ ලුණු ගොරක මදි..
කාටද මේවා කියන්නේ? මුළු පාර්ලිමේන්තුවේ 225ම අත්සන් කළත් දෙන්නේ නෑ. නමුත් 117 අත්සන් කළ නිසා අගමැතිකම රනිල්ට දෙනවා. එක්කෝ ජනාධිපතිතුමාට ගන්නන් බෑ. නැත්තම් මේ කතා අහන අපි මෝඩයින්...
ඒ කියන්නේ, දින 50ක් යනකම් ප්රජාතන්ත්රවාදයයි, පාර්ලිමේන්තු සම්ප්රදායයි ගණන් ගත්තේ නැද්ද? සිරිසේන....
යහපාලන ඡන්ද දායකයෙක් හැටියට මට ප‍්‍රශ්නයක් තියෙනවා. අද අගමැතිකම දීම පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට ගරු කිරීමක් නම් පහුගියදා එ්ක අරගන්න වෙලාවේ කලේ පාර්ලිමේන්තු සම්ප්රදායට අගරු කිරීමක්ද? ගරු කතානායක තුමා පාර්ලිමේන්තුවේ බහුතරය ගැන දන්නපු කීප වතාවකදීම ඒ බව නොසලකා සිටියේත් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට ගරු කිරීමක් ලෙසද? නොදන්නා නිසයි අහන්නේ.
රටේ නායකයා දින 51ක් පාර්ලිමේන්තු සම්ප්රදායයි, රටේ ප්රජාතන්ත්රවාදයයි ගණන් අරන් නැත. පුදුම නායකයෙක්නේ...
ප්‍රජාතන්ත්‍රවාදයට, පාර්ලිමේන්තු සම්ප‍්‍රදායට ගරු කරා නෙවෙයි.., ගරු කරන්න සිද්දවුණා.. මීට පස්සේ අපේ රටේ එකාධිපතින්ට සහ හංගගෙන තුරුම්පු ගහන බූරුකාරයින්ට තැනක් නැහැ.. අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ශිෂ්ඨසම්පන්න ජාතියක්...
මේ මොන විකාර කතාද? රටේ අධිකරණයට, විනිසුරුතුමන්ලාට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සටනේ නියැළුන සියලු දෙනාට පින් සිදුවෙන්නට මේ තීරණයට එන්නට ඔබතුමාට සිදුවුණා. දැන්වත් රටේ නීතියට ගරුකොට, දිනේෂ්ලා, වාසුලා, ගම්මන්පිලලා සහ තවත් අය කියනා නීති තර්කවලට වැඩකරන්නට ගොස් අමාරුවේ වැටෙන්නට එපා. ඉක්මනින් ජනාධිපතිවරණයක් තියා සුදුසු ජනාධිපති කෙනෙක් පත්කරගන්න ජනතාවට ඉඩ දෙන්න.
මටත් කිතුලට ගිය මිනිහා මතක් වෙනවා.
අනේ සර්... බොරු බයිලා කියන්න එපා - තමුන්නාන්සේ ඒකාධිපති ගමනක් යන්න හැදුවේ... එ්කට රටේ ජනතාවගෙන් ඉඩක් ලැබුනේ නැහැ. අනාගතේ කව්රු හරි පාලකයෙක් ඒකාධිපතියෙක් වෙන්න උත්සාහ කරොත් තමුන්නාන්සේට වෙච්ච දේ එයාට ඉතිහාසය මගින් උගන්නයි. ඊට වඩා ගෞරවයක් ඉතිහාසයෙන් ඔබතුමාට හිමි නැහැ.
නව රජයත්, ජනාධිපතිවරයාත් අතර ඝට්ටන අගමැති පත්කිරීමේ ලේඛනයේ තැබූ අත්සනෙහි තීන්ත වේලීමටත් කලින් පටන් අරගෙන ඇති බවයි පෙනෙන්නේ. මේ වැඩේ කරන්න දෙයක් නැති නිසා කලදෙයක් මිස කැමැත්තෙන් කළදෙයක් නොවන බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් හොඳහැටි පෙනී යනවා. මෙහිදී දැන් "පාර්ලිමේන්තු සම්ප්රදායට - ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරමින් නව අගමැතිවරයා පත් කළ" බව කීවත් කලින් කිවේ " පාර්ලිමේන්තුවේ 225 දෙනාම ඉල්ලුවත් රනිල් අගමැති කරන්නේ නැහැ, රනිල් අගමැති කරන්න කියලා මගෙන් ඉල්ලන්න එහෙම එන්න එපා. මැරෙන තුරාවකට රනිල්ට නම් අගමැති තනතුර දෙන්නේ නැහැ. රනිල් අගමැති වුනොත් එක පැයක්වත් ජනාධිපති තනතුරේ ඉන්නේ නැහැ" වගේ කතා නේද? දැන් එතකොට කියන්නේ " මම ඒ රනිල් කියලා කිව්වේ රනිල් වික‍්‍රමසිංහ ගැන හිතාගෙන නෙවේ. රනිල් මල්ලවාරච්චි ගැන හිතලයි" කියලද? අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී ‘දැන් හදන්නේ එජාපෙ තනි ආණ්ඩුවක් නිසා ඇමැතිලා නම් කරන්න ජනාධිපතිට බැරි බවත් ව්‍යවස්ථාව අනුව අගමැති නම් කරන ඇමැතිවරුන්ට ඉඩ නොදුන්නොත් යලිත් අධිකරණයට යන බවත්" ප‍්‍රකාශ උන බව දැනගන්නට තියෙනවා. ඉතින් මින් ඉදිරියටත් මෙය ෆුල් මැල්ලුමක් වෙන්න නේද මේ යන්නේ?
සිරිසේන මහත්තයෝ... රනිල්ට අගමැත්කම දුන්නොත් අයින් වෙනවා කිව්වේ කෝ?
ඇත්තට මොහුට මානසික අාබාධයක් තියනවා කියලා හිතෙනවා. මොකද තමන් බලාපොරොත්තු නොවුණු හා තමන්ගේ දැනුමට වඩා බැරෑරුම් කාර්යයක් තමන්ගේ මනසට වැටුණාම මිනිස්සුන්ට මේ වගේවෙනවා. ස්ට්‍රෙස් කියලා මිනිස්සු බෙහෙත් ගන්න ඒ වගේ වෙලාවට මෙයා පත්වෙලා මස ගාණක් යනකම් මෙයා කියනවා. එයා ජනපති කියලා හිතෙන්නේ නැහැ කියලා.. එ්කෙන් පේනවා මෙයාට මේ බර දරාගන්න බැහැ කියලා.. එ්ක නිසා තවත් රටට වදයක් නොවී බෙහෙතක් අරන් ගෙදරට වෙලා විවේක ගන්න. බය වෙන්න එපා අපි මැරෙනකල්ම පඩිගෙවනවා... රටට මොනවා කළත්...
ඇත්තට මොහුට මානසික අබාධයක් තියනවා කියල හිතෙනවා. මොකද තමන් බලාපොරොත්තු වුණු හා තමන්ගේ දැනුමට වඩා බැරෑරැම්කාර්යක් තමන්ගේ මනසට වැටුණාම මිනිස්සුන්ට මේ වගේ වෙනවා. ස්ට්‍රෙස් කියලා මිනිස්සු බෙහෙත් ගන්න ඒ වගේ වෙලාවට මෙයා පත්වෙලා මාස ගාණක් යනකම් මෙයා කියනවා එය ජනපති කියලා හිතෙන්නේ නැහැ කියලා. එ්කෙන් පේනවා මෙයට මේ බර දරාගන්න බැහැ කියලා.. එ්ක නිසා තවත් රටට වදයක් නොවී බෙහෙතක් අරන් ගෙදරට වෙලා විවේක ගන්න. බය වෙන්න එපාඅපි මැරෙනකම්ම පඩි ගෙවනවා රටට මොනවා කළත්...
හෙඩ්ලයින් එක බලලා කමෙන්ට්ස් කොටන අයට කියන්නේ, මුලු කතාවම කියවලා හිටන් කමෙන්ට්ස් කොටන්න.
ඔබතුමා බත්තරමුල්ලේ තිබුණු මීටින් එකේදී ජාතික ගීය යනකොට අත වැනුවෙත් සම්ප්‍රදායටද?
මෙතුමාගේ කතාව සම්පූර්ණයෙන්ම බැලුව එකෙන් පැහැදිලි වන පළමු කරුණ යූ.එන්.පී. එකට තර්ජනය කළා. අනෙක එතුමා මෙන් ඉදිරියට වැඩකරන්නේ ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි. පසුගිය යහපාලන ආණ්ඩුවට සියළුම වැරදි බැර කළ නමුත් මේ වුනේ කියන විදිහට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීම නොව බැරිතැනට වැඩවීමයි.
මෙතුමාගේ කතාව සම්පුර්ණයෙන්ම බැලුව එකෙන් පැහැදිලි වෙන පළමු කරුණ යූ.එන්.පී. එකට තර්ජනය කළා. අනෙක එතුමා මෙන් ඉදිරියට වැඩකරන්නේ ඊළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙනයි. පසුගිය යහපාලන ආණ්ඩුවට සියළුම වැරදි බැර කළ නමුත් මේ කියන විදිහට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකර බේරෙන්නට වැඩ සිදුවීමය.
සිරි අයියේ කරුණක් අසමි./// මහින්ද හොඳද රනිල්ට වැඩියෙන් /// රනිල් හොඳද මහින්දට වැඩියෙන්/// මහින්ද හොඳයි කිව්වොත් වැරදියි/// රනිල් හොඳයි කිව්වොත් වැරදියි// එබැවින් නංගියේ, මල්ලියේ පවසමි දෙන්නම හෝ.. ය කියා.... මෙම ලස්සන පැරණි ගීතය අපගේ මතකයට නැගෙනවා.
පෘතුගීසීන්ගෙන් පස්සේ ලංකාවේ බයිලා කලාව උපරිම තලයට නැංවීමට කටයුතු කිරීම ගැන අපිට සන්තෝසයි. ගඟට වැටිලා මැරෙන්න යනකොට දනි පනි ගාලා අමාරුවෙන් ගොඩට ආපු මිනිහත් කිව්වලු මම පිහිනුම් ශුරයෙක් කියලා.
ඔබතුමා මොනවා කීවත් ජනාධිපති තාත්තා 246 පිටුවේ අවසානයට ඔබගේම දියනිය කියන පරිදි ඔබට මානසික දුර්වලතාවයක් තියන අයෙක්, අනික කණගාටුවට කරුණ වන්නේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතිය, ව්‍යවස්ථාව නොදත් අයකු රටේ ජනපති වීමයි. අවසාන කාරණය ඔබතුමාට ප්‍රතිපත්තියක් ලජ්ජාවක් නෑ, රනිල් අගමැති වුනොත් එක පැයක් ඉන්නෙ නෑ කියපු කෙනා දැන් එක එක කතා කියකියා බලලොභීකමෙන් රට්ටු හිනස්සනවා. මේ රට මාස දෙකක් බූරු කුට්ටමක් කරගන රට කාබාසිනියා කළ ඔබ අපට එපා.. රට කන්නේ නැතුව ගෙදර යන්න.
කොල්වින් ආර් ද සිල්වා එදා කිව්වලු,.. J R ගේ 78වැනි ව්‍යවස්ථාවට පිස්සෙක් පත් වුණානං, මොනවා වේවිද කියා...? දැන් එ්ක සනාථ වුණා.
සිරිසේන මහතා ඔබව ජනාධිපති කලේ එජාපයින්ගේ අභිමථාර්ථ ඉෂ්ට කර ගැනීමටයි. මේ රටේ සිටින එජාපයින්ට රටක් ජාතියක් ආගමක් නැත. ඔවුන්ගේ රට, ජාතිය, ආගම සියල්ලම රනිල්ය. ඔබ කියා ඇතිදේ ගැන විචක්ෂණ බුද්ධියෙන් බැලූ කිසිවෙක් නැතිබව හොඳට පෙනුණා නේද? එහෙව් අයට මොන රටක්ද? ආර්ථිකයක්ද? සංස්කෘතියක්ද? මොවුන් තමයි 1977 දී ජේ. ආර් පොරොන්දු වූ ඇට කන්නගොසින් මෙරට මේ තත්වයට අද දැම්මේ... දැන් කළයුතු එකමදේ අවුරුදු හතරහමාර පන්නා... විගස පාර්ලිමේන්තුව විසුරුවා හැර ඡන්දයක් පැවැත්වීමයි. අපි එදාට අතින් නොව පයින් උත්තර දෙන්නම්...
කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්ධියෙන් අසනවා.
ඔහොම කිව්වට ඉන්ටර්නෙට් එකේ තව තැනක් මෙහෙම තිබුණා.. 'ජනාධිපති ජනමාධ්‍ය සහ නීතිය හා සාමය අමාත්‍යාංශ ඉල්ලයි; එජාපෙ බෑ කියයි ' ඇත්තද?
භාණ්ඩාගාර බැඳුම්කර ප‍්‍රශ්නය මීට අවුරුදු ගණනාවකට පෙර සිටම සිදුවී ඇති බව දැන දැනත් ඒ ගැන නොසොයා 2015 න් පසු කාලය සඳහා පමණක් ජනාධිපති කොමිසමක් පත් කළේ හේතුවක් නැතිවමද? හෘද සාක්ෂියක් තියෙනවා නම් තමන්ගෙන්ම අහලා බලන්න. ඔය ළඟ ඉන්නවා කියපු නීති මූල්‍ය හා ආර්ථික උපදේශකයෝ ඒ සම්බන්ධයෙන් පමණක් නිදිද? මේ අයව තමන්ගේ පක්ෂය ඇතුළෙන්මද හොයාගත්තේ?
එතොකොට එකොලොස් වතාවකට ඇමතිවරු පත් කලෙත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නද?
දවස් 50ක්ම ඇදගෙන ගියාද ඔය දෙකටම ගරුකරන්න ?
දැන් තියෙන්නේ ඔය විදිහට පව්නොදී යනඑකයි.., අපි එළවන්න කළින්...
දැන් ඉතින් ලෝක පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව තමන් ඉල්ලා අස්විය යුතුයි, කෝ ඔය එහෙම නැහැ නේද?
රනිල් අගමැති වෙලා පැය කීපයක්ම ගෙවිලා ගියා. ඔබතුමා ජනාධිපතිකමෙන් අස්වෙන්නේ නැද්ද?
කල යුත්තේ වැදිබන දෙසීම නොව තත්වය රැකගෙන තනතුරෙන් ඉවත් වීමි. ඔබතුම රාජ්‍ය නායකයෙකුට කිසි ලෙසකින් සුදුසු නොවන බව නිර් පාක්ෂිකයෙකු හැටියට මගේ හැගීමයි.
ඔබ ආපහු ඡන්දෙ ඉල්ලනකන් තමයි අපිත් බලාගෙන ඉන්නේ හොඳට සලකන්න කල කී දේවල් වලට.
ආරාධිත මහාචාර්ය වික‍්‍රමසිංහ මහත්මිය ඉදිරියේ තමා වීරයෙකු මෙන් පහුගිය අවුරුදු තුනේ වැරදි ගැන කතා කිරීමෙන් පලක් නෑ. මේවා කතා කිරීමට තිබුනේ තමන්ගේ අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල. කල ව්‍යවස්ථා විරෝදී ක්‍රියාවන් වසා ගැනීමට මෙවැනි කතා කලත් රාජ්‍ය නායකෙයකු ලෙස රටේ ඉදිරි පැවැත්ම සදහා කලයුතු කාර්යන් කෙටියෙන් ඉදිරිපත් කිරීමක් හෝ පසුගි දින 51 ට රටට වූ අයහපත යතාවත් කරන ආකාරය විමසීමක් කල යුතුව තිබුණා. ජනාධිපතිගේ නොහැකියාව හා ළදරු බව ලෝකෙටම පෙන්නුම් කල මේ කතාව මාධ්‍ය වෙත ලබා දීමෙන් යම් ජනතා ප්‍රසාදයක් ලබා ගැනීමට සිතා සිටියත් බුද්ධිමත් ප්‍රේක්ෂකයින් මෙය පිළිකුල් කිරීම අනිවාර්යයි.
දැන් එතකොට ඔය කියන පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගැන ජනාධිපති තුමා මෙච්චර කල් දැනගෙන ඉඳලා නැද්ද ? රටේ ලොකු ගිනි විජුම්බරයක් වෙන්නම ඕන මෙතුමාට ඒවා දැන ගන්න. හපොයි රටකට ගිය කලක් !
අධිකරණය බෙල්ලෙන් අල්ලලා හොම්බට ගහලා එළියට දාන්න මොහොතකට කලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ මොකක්ද කියලා තේරුණා නේද?
අනේ මන්දා.. මට නම් මේ මහත්තය කියන දේවල් ගැන එතරම් විශ්වාසයක් නැහැ.