
(ජේ ඒ එල් ජයසිංහ, පාලිත මඩුගල්ලේ සහ චන්දන උඩුවාවල)
හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගිය තරුණ සැමියගේ අවසන් කටයුතු සිදු කළ දා බිරියට සහ දරුවන් තිදෙනාට වස ශරීර ගත වීමෙන් පසු බිරිය මියගොස් ඇතැයි පොලිසිය කියයි.
වස ශරීරගත වූ දරුවන් තිදෙනා මේ වන විට උඩදුම්බර රෝහලට ඇතුළත් කර ඇත.
සිය තරුණ සැමියා රෝගී තත්ත්වයකින් මරණයට පත්වීමෙන් පසු, ඔහුගේ අවසන් කටයුතු සිදු කර ,මියගිය අයගේ 32 හැවිරිදි බිරිඳ වූ තිදරු මවක් සිය දරු තිදෙනාට වස පොවා ඇය ද වස පානය කරන්නට ඇතැයි උඩුම්බර පොලිසිය සැකකරයි.
වස ශරීර ගත වීමෙන් අවුරුදු 12 අවුරුදු 09 සහ අවුරුදු 05 වයසැති පිරිමි දරුවන් තිදෙනා උඩදුම්බර රෝහලට ඇතුලත් කර ඇති බව උඩදුම්බර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අහිංසක දරු තිදෙනාට යහපතක්ම වේවා. මෙහෙම දේ අහන්න ලැබීමත් අපේ මොකක්දෝ කරුමයක් බවයි මට නම් හැගෙන්නේ. දරුවනේ නුබලාට තෙරුවන් සරණයි
ඉතාම කණගාටුයි, ලංකාවේ මෙහෙම දෙයක් වෙනවා කියන්නේ...