(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය සඳහා දින නියම කර තිබේ.

ඒ අනුව ජුනි 7 වැනිදා මෙම තරඟ විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ප්‍රවේශ පත්‍ර විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පළ කර ඇතැයිද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.