(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට ලබාදෙන ලද රුපියල් ලක්ෂ 56ක් වටිනා පාපැදි සහ අමතර කොටස් දෙපාර්තමේන්තු අවසරයකින් තොරව රැගෙන ගොස් සාපරාධී සහ සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සම්මේලනයේ හිටපු සභාපතිවරයා ඇතු`ථ නිලධාරීන් තිදෙනකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (12) නියෝගයක් නිකුත් කළේය.

මෙලෙස විදෙස් ගමන් තහනමක් නිකුත් වූයේ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපති අන්තර්ජාතික පාපැදි විනිසුරු අනුරාධපුර පදිංචි නවරත්න රාජා කරුණාරත්න, එහි හිටපු ලේකම් මොරටුවේ පදිංචි කුලසේකර ගමගේ නිහාල් ධර්මසිරි සහ එම සංගමයේ හිටපු භාණ්ඩාගාරික බොරලැස්ගමුවේ පදිංචි සේනක කිලිෆර්ඩ් රණසිංහ යන අයවලුන්ගේය.