අජන්ත කුමාර අගලකඩ
නව අමාත්‍ය මණ්ඩලය සඳහා පත්කිරිමට යෝජිත මන්ත්‍රිවරුන් 30 දෙනෙකුගේ නාම ලේඛනයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (18) දහවල් යැවීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.
එක් එක් මන්ත්‍රීවරුන්ට බාරදීමට නියමිත අමාත්‍යංශ හා විෂය පමණක් ඇතුළත් ලැයිස්තුවක් ද ඒ සමඟ යැවීමට සකස් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
එම මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබුණ වහාම අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට සුදානමින් සිටින බවද ඔහු කීවේය.
එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂවල නායකයින් ද නව අමාත්‍ය මණ්ඩලය සඳහා යෝජනා වී ඇතැයි හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා කියන්න දෙයක් නැත
"නව රජය සහ ජනාධිපති වරයා අතර නොනවත්වා ඇතිවීමට නියමිත රණ්ඩු සරුවල් වල ආරම්භයද මෙම ලැයිස්තුව භාර දීමත් සමඟම ආරම්භවීමට නියමිතය" කියල කීවානම් වඩාත් නිවැරදියි කියලයි අපි හිතන්නේ.
අනිවාර්යයෙන් මොකක්හරි ලෙඩක් අදිනවා.
ලංකාව වැනි කුඩා රටක රජයේ ආයතන පාලනය කිරීමට දැනට සිටින රජයේ නිලධාරීන් හොඳටම ප්‍රමාණවත්. ඇමතිවරුන් යයි කියාගන්න කොටස කරන කාර්යය නම්, මහජන මුදලින් සුකොපභෝගී ජීවිත ගත කිරීම, කොමිස් ගැනීම සහ මාධ්‍යවේදීන්ට වාහනවල ඉඳගෙන "වොයිස් කට්" දීම.