(නිමල කොඩිතුවක්කු)
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ‍්‍රාමික ඊ. එම්. එස්. බී ඒකනායක මහතා පත් කර තිබේ.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත්තේ තුන් වන වතාවටයි.
ඒකනායක මහතා පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධරයෙකි.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර තිහක පලපුරුද්ද ඇති ඒකනායක මහතා එක්සත් ජාතින්ගේ සංවිධානයේ නිවාස වැඩසටහනේ ශ්‍රී ලංකා ප‍්‍රධානියා වශයෙන් කටයුතු කර ඇති අතර මැලේසියාවේ සහ ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල වලද සේවය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් මෙන්ම සියලු සුදුසුකම් සහිත දක්ෂ රාජ්‍ය නිලධාරියෙක්. දැන් අතුරේ තමයි යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා පරෙස්සමෙන්. අපගේ සුබපැතුම්...!!!