(ඉන්දිකා රාමනායක)
2019 වසරේ සිදු වු පාස්තු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට පියවර නොගත්තැයි චොදනා එල්ල වන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කඩිනමින් විනය පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ ට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (27) පැවසීය.
නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා මාස 6 ඇතුළත එම වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණට ඉදිරිපත් කරන ලෙසට නඩු තීන්දුවේ සඳහන් වන බවත්, එම නඩු තීන්දුව අනුව එම ක්‍රියා මාර්ග සිදු වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ජන අරගලයට පහර දීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා විමර්ශනයක් සිදුකර, ඒ මහතා සම්බන්ධයෙන් විණ්‍යානුකූල ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, ඒ සම්බන්ධ වාර්තා දෙකම නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
එම වාර්තා සම්බන්ධයෙන් නීතිපතිවරයා මේ දක්වා කිසිදු දැනුම් දීමක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා කීය
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය පරීක්ෂණ කරන්නේ එයාව නිවැරැදි කාරයෙක් කරන්නද? එයා බරපතල ගණයේ වැරැදිකාරයෙක් වෙලා ඉවරයි. සමූල ඝාතනයකට අත් උදව් දුන්නු කෙනෙක්. එවැනි අය පොලිසියේ තවදුරටත් තියා ගන්න එක මහජන ආරක්ෂාවට බලවත් තර්ජනයක්...!
කවදා කාපු ටකරන්ද? පනින්න පනින්න තව ටිකක් උඩ...
ඔබ කිව්ව විදිහට හවුල්වෙලා කොටින්ට සල්ලි දුන්නු අය පිළිබඳවත් එහෙම කරන්න.