IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිලන්ත ගැන විනය පරීක්ෂණයක්

(ඉන්දිකා රාමනායක)

2019 වසරේ සිදු වු පාස්තු ඉරුදින ත්‍රස්තවාදී  ප්‍රහාරය එල්ල වන බවට   බුද්ධි තොරතුරු ලැබී තිබියදී  එය වළක්වා ගැනීමට   පියවර නොගත්තැයි  චොදනා එල්ල වන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා  සම්බන්ධයෙන්  කඩිනමින්  විනය පරීක්ෂණයක් පවත්වා එම වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ ට ඉදිරිපත් කරන බව  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද (27) පැවසීය.

නිලන්ත ජයවර්ධන මහතා  සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා   මාස 6 ඇතුළත  එම වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණට ඉදිරිපත් කරන ලෙසට නඩු තීන්දුවේ  සඳහන් වන බවත්, එම නඩු තීන්දුව අනුව එම ක්‍රියා මාර්ග සිදු වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

ජන අරගලයට පහර දීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල  වන  බස්නාහිර   පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදා  විමර්ශනයක් සිදුකර, ඒ මහතා  සම්බන්ධයෙන් විණ්‍යානුකූල ක්‍රියාමාර්ග  ගෙන ඇති බවත්, ඒ  සම්බන්ධ වාර්තා දෙකම නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එම වාර්තා සම්බන්ධයෙන් නීතිපතිවරයා මේ දක්වා කිසිදු දැනුම් දීමක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා  කීය

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.



අදහස් (3)

නිලන්ත ගැන විනය පරීක්ෂණයක්

C.K.Lankaputhra Friday, 27 January 2023 07:14 PM

විනය පරීක්ෂණ කරන්නේ එයාව නිවැරැදි කාරයෙක් කරන්නද? එයා බරපතල ගණයේ වැරැදිකාරයෙක් වෙලා ඉවරයි. සමූල ඝාතනයකට අත් උදව් දුන්නු කෙනෙක්. එවැනි අය පොලිසියේ තවදුරටත් තියා ගන්න එක මහජන ආරක්ෂාවට බලවත් තර්ජනයක්...!

:       0       0

Kumara Saturday, 28 January 2023 12:00 AM

කවදා කාපු ටකරන්ද? පනින්න පනින්න තව ටිකක් උඩ...

:       0       0

Perera Saturday, 28 January 2023 03:28 AM

ඔබ කිව්ව විදිහට හවුල්වෙලා කොටින්ට සල්ලි දුන්නු අය පිළිබඳවත් එහෙම කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site