(නිමන්ති රණසිංහ)
මාතර බන්ධනාගාරයේ රදවා සිටින රංගන ශිල්පී රයන් වැන්රෝවන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක කෞෂාල් ද සිල්වා යන අයගෙන් බන්ධනාගාරය තුළට ගොස් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසර ලබා දෙන ලෙස කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (23) බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝගයක් නිකුත් කළේය.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (23) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
එමෙන්ම, මෙම සිද්ධියට අදාළව රක්ෂිත භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති කෞෂාල් නාලක ද සිල්වා යන අය ත‍්‍රස්තවාදී පනත ප‍්‍රකාරව චෝදනා ගොනුකරනවාද නැද්ද යන්න සම්බන්ධ නියෝගය ලබාදීම ලබන මැයි මස 07 වැනිදා තෙක් කල් තැබූ අධිකරණය එදින තෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා සමාජ පිළිල... වෙස් ගත් දුෂ්ටයින් වහාම මේ සමාජයෙන් තුරන් කළයුතුයි.
මේ අවසර ඉල්ලන ක්‍රියා පටිපාටිය නිසා කන්න තියෙන පරිප්පුවට වඩා මේවා අල්ලන්නේ නැතිව නිකන් ගෙදර හිටියනම් මීට හොඳා කියල මේ දක්ෂ නිලධාරීන්ට හිතෙනවා ඇති. දැන් ජනාධිපති බලතල ටිකත් අරගෙනම රට ගිය ටිකට කට්ටිය ඔත්තු සේවයෙන් ලැබුණු දත්ත ඔස්සේ බෝම්බකරුවන් අල්ලන්න අවසර ගන්න ජනාධිපති එනකන් හිටියානේ? එතකොට බෝම්බ පිපිරිලා ඉවරනේ? මොනතරම් නිහීන පාලන තන්ත්‍රයක්ද?