අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් කියයි.
‘‘දැන්වත් ඔහු බටහිර අවශ්‍යතාවට වඩා අපේ රටේ ජනතාවගේ ගැටලු විසඳනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.‘‘ යැයි ද ඔහු සඳහන් කරයි.
නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවිඩය පහතින්.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු ටික ගොඩ දාගන්න බලන්න. එකනේ වෙන්නෙත් ඉතින් කවුරු ආවත් උබලට සැප. පව් අහිංසක බුද්ධියක් නැති ජනතාව හැමදම රැවටෙනවා.............
නරකද ඔයාලගේ වහල් බයියන්ටත් පිළිවලක් වෙන්න කිව්වා නම්...
ඇයි මේ තරම් නාමල් පුම්බන්නේ නාමල් කියන්නේ ලාබාල මන්ත්‍රී කෙනෙක් විතරයි. පියාට ඇති ජනතා ආකර්ෂණය ඇරුණාම කිසිම දක්ෂතාවයක්වත්, මොලයක් වත් නැති රටට බරක් විතරක් වන තවත් මන්ත්‍රීවරයෙක් විතරයි .
හී හී අප්පච්චි අපේ රටේ ආරෙට කරලා මුලු පවුලම ගොඩ ගියේ නේද? මහජනයාට කෙලවුණාට...
ඇයි මේ තරම් නාමල් ල පුම්බන්නේ...? නාමල් කියන්නේ ලාබාල මන්ත්‍රී කෙනෙක් විතරයි. පියාට ඇති ජනතා ආකර්ෂණය ඇරුනම කිසිම දක්ෂතාවයක්වත්, මොලයක් වත් නැති, රටට බරක් විතරක් වන තවත් මන්ත්‍රීවරයෙක් විතරයි .
කපන්න බැරි අත ඉඹීම...
කඩන්න බැරිවූ අත ඉඹිනවා කිව්වලු. මේ ඔක්කොටම වැඩිය රටට කෙරිය යුතු යහපතක් තියෙනවා. ඒ තමයි අර කව්දෝ කෙනෙක් නීති විභාගය හොරට ලිව්වා කියලා පහුගිය කාලේ මහා ප්‍රචාරයක් රට පුරා පැතිර ගියේ... ඒ ගැන හොයා බැලුවොත් එහෙම නරකද?
මෙයත් 'ට්‍රම්ප්' වගේ වෙන්න හදන්නේ.. හැම එකටම 'ට්විට්' කරනවා. ආරංචිවල හැටියට නම් ට්‍රම්ප්ට ලඟදිම හිරේ යන්නත් වෙයි වගේ. ... මෙයාට ?
මෙයා නං අම්මපා මහින්දගේ පුතෙක් වෙන්න බෑ.
මීට දින ගණනකට පෙර "අප්පච්චි නම් අගමැතිකමෙන් ඉල්ලා අස්වැන්නේ නැහැයි " කිව්වේත් මේ නාමල් පැංචා නේද? රාජපක්ෂ පවුලේ අයගේ මතකය හරිම කොටයි!
"සුබ පැතුම්" කපන්න බැරි අත... ලෙව කෑවා වගේ වැඩක්නේ..
මෙන්න මේ පුතා සහ එයාගේ අනිත් සහෝදරයෝ දෙන්න හින්දා තමා මහින්ද මහත්තයට ගෙදර යන්න වුනේ. ඔහේ ගෙදර ගිහින් මොකක් හරි තියෙන දෙයක් අරගෙන හිටියා නම් තාත්තට අද ගෙදර යන්න වෙන්නේ නැහැ.
තමන්ගේ බාල බොළඳ වැඩ නිසා රටක් වටිනා පියාට අකුලාගෙන ගෙදර යන්න එක වරක් සිදු වුන බව තවම තේරිලා නැහැ. හිතාගෙන ඉන්නේ මුළු රටම රගර් පිට්ටනියක් කියලා. කියන්නේ මොන්ටිසෝරි කතා. දියුණු රටවල දේශපාලකයන්ගේ දරුවන් දිහා බලා වත් හැදෙන්නේ නැහැ.
දැන්වත් තාත්තලා, අම්මලා, බාප්පලා සහ පුතාලගේ නඩු ටික ඉක්මනින් අහන්න පටන් ගන්න.
දැන්වත් තාත්තලා, අම්මලා, බාප්පලා සහ පුතාලගේ නඩු ටික ඉක්මනින් අහන්න පටන් ගන්න.
නාමල් හිතාගෙන ඉන්න තරම් ලොකු මිනිහෙක්ද? තමන්ගේ පරම්පරාවේ සහ ගෙදර මිනිස්සු කරපු වංචාවලට මුහුණ දෙන්න. තාජුඩීන්ට මොකද වුණේ?
පොඩ්ඩ පොඩ්ඩ මහත්මා ගුණ වර්ධනය කරගන්න එක හොඳයි.
මෙය අපහාස ලෙස කරන ලද සුබ පැතීමක් ...!!! මොවුන්ගේ එකම පැතුමක්වත් බාරගන්න එපා ... මොවුන්ගේ මෙහෙයවීමෙන් එදා පාර්ලිමේන්තුවේදී කතානායකට මාව සිහිකර ඔහුගේ මළගිය දුවට අවමන් කරමින් කුණු වචන වලින් බැනපු ආකාරයට මම නම් කියන්නේ මේ අය තිරිසන් සතුන්ට වඩා තිරිසන්නු කියලයි. බටහිරට අකමැති මිනිහාගේ සනුහරේම පුරවැසියන් වෙලා ඉන්නේ බටහිර රටවල කියලානඩු කතා කරන්න බැරි පෙරකදෝරු බේබි දන්නේ නැතුව ඇති...
අනේ යන්න...