(ඩී.ජී.සුගතපාල)

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් සැතපුම් 200ක් පමණ ඈත මුහදේදි අනතුරට පත්විමෙන් එහි සිටි ධිවරයන් තිදෙනකු අතරුදහන්ව, වතුරේ පාවෙමින් සිටි ධිවරයන් තිදෙනකු වෙනත් ධිවර යාත්‍රාවකින් බේරාගෙන මේ වනවිට ගොඩ බිමට රැගෙන එමින් සිටින බවත් වරාය පොලිසිය පවසයි.

ගාල්ල මාගාල්ල පදිංචි පුද්ගලයකුට අයත් චමි මල්ලි බහුදින යාත්‍රාව ධිවරයන් හය දෙනකු සමග ඉකුත් 22වනදින ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර එය ඈත මුහුදේදි අනතුරට පත්විම නිසා ධිවරයන් තිදෙනකු අතුරුදහන්ව ඇති අතර ධිවරයන් තිදෙනකු දින එකහමාරක් තිස්සේ ජලයේ පාවෙමින් සිටියදි වෙනත් යාත්‍රාවකින් ‍බේරාගෙන ඇත.

එසේ බේරාගත් ධිවරයන් තිදෙනා මේවනවිට ගොඩ බිමට ගෙන එමින් සිටින බවද හෙට දිනයේ ඔවුන් රැගත් යාත්‍රාව ධිවර වරාය වෙත සේන්ඳුවනු ඇතැයිද වරාය පොලිසිය පවසයි.