(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
“ටින්” අංකය ලබා නොගන්නා අයට දඬුවම් නියම කිරීමට විධිවිධාන ඇතුළත් දේශීය ආදායම් ( සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (19) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතවිය.
මේ අවස්ථාවේදී සමග ජන බලවේගයේ නීතිඥ සුජීව සේනසිංහ මහතා ඉදිරිපත් කළ සංශෝධන මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව ඊට විපක්ෂයේ විරුද්ධත්වය සටහන් කරගන්නැයි සේනසිංහ මහතා එහිදී මුලසුනට දැනුම් දුන්නේය. සමගි ජන බලවේගය “ටින්” අංකය නොමැති අයට ඇති දඬුවම් ලිහිල් කිරීමට අදාලව එම සංශෝධන ඉදිරිපත් කළේය.
“දින තිහකින් දඩයක් දින හැටකින් තවත් දඩයක් නියම කළ පසු දින අනූවකින් හිතාමතා පැහැර හරින අය අහුවෙනවා. වංචනික ලෙස හිතාමතා පැහැර හරින්නකු මැදිහත් කරගන්නා ආකාරය ගැනද සංශෝධන ඉදිරිපත් කරනවා” යැයි සේනසිංහ මහතා එහිදී කීය .
දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ උදේ 11.40සිට පස්වරු 5.30 දක්වා පැවැත්විණ. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් එහිදී අදහස් දැක්වූහ. මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd