(විනීතා එම් ගමගේ)
ෂැංග්‍රීලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් තම දියණියත් බිරිඳත් මියගිය පසුව සිය එකම පුතු සොයමින් ඇවිද ගිය පියාට රෝහල් මෘත ශරීරාගාරයේදී පුතා හමුවී තිබේ.
තම දියණියත් බිරිඳත් මියගිය පසුව 20 හැවිරිදි පුත්‍රයා සොයා ගැනීමට නොහැකි වී සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙක් තමන්ගේ නම හෝ ජාතිකත්වය කුමක්ද යයි කීමට නොහැකි තරමට කැළඹී සිටියේය. එම ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි ඔහු ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා සිටි නමුත් රෝහල් භූමිය පුරා තම පුතු සොයමින් ඇවිද ගියේය. එහෙත් ඔහුට ඇලෙක්ස් නිකල්සන් නම් වූ සිය පුතා හමුවූයේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ ස්ථානයක් වන රෝහල් මෘත ශරීරාගාරයේදීය.
බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණි බව කී ඔහු ෂැංග්‍රිලා හෝටලයේ දී අද උදෑසන ආහාර ගනිමින් සිටිය දී මෙම අනතුරට ලක්වූ බව ද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනි ඔබ කොහිද? හැමදාම ස්වර්ග රාජ්‍යයේ ඉඳලා බැහැ...
එන්න අපි සංචාරක ව්‍යාපාරය නගාහිටවමු.
මේ අහින්සකින් ඒ කෘරතම ත්රස්තවාදීන්ට කල වැරැද්ද අකටයුත්ත කුමක්ද මෙවැනි ත්රස්තවාදීන්ට දෙන දඩුවම දස වසරකින් නිදහස් කිරීමද නැත්නම් සාක්ෂි නොමැත කියා අවසානයේ නිදහස් කිරීමද
සංචාරක කර්මාන්තය ඉවරයි, යුද්දේ කාලෙදිවත් සංචාරකයන්ව ඉලක්ක කර ප්‍රහාර එල්ල කලේ නැහැ, මේ ප්‍රහාරයෙන් ලංකාවත් ඇෆ්ගනිස්ථානය, ඉරාකය , ලිබියාව තත්වයට වැටුන මෙහි සම්පුර්ණ වගකීම ආණ්ඩුව බාරගන්න ඕනේ
හෝටල් කළමනාකරුවන් දැනගන්න ඕන විදේශිකයින් ගැන හොයලා බලන්න මේවගේ අවස්ථාවක කටයුතු කරන්න. දන්නේ නැත්ද දහස් ගණන් බිල් කඩන්න විතරද දන්නේ, විදේශිකයින් වෙනුවෙන් වගකියන්න ඕන එම හෝටල් අයිතිකරුවන් ඔවුන් ලග තිබෙනවා පැමිණි රට ඇතුළු පවුලේ විස්තර, මේවට කරදර වෙන්න වෙනවට මග අරිනවා
ඇග හිරි වැටුනා. පව් අහිංසක මිනිස්සු, කොච්චර ලොකු ශෝඛනීය අවස්ථාවක්ද? අපේ පුංචි රට කෑවා.
පව් අහිංසක මිනිස්සු මේ පුංචි ලස්සන. රටට නිවාඩුවකට ඇවිත් වුන දේ.
රාජ්‍ය බුද්ධි අංශය ඇතුළු සියලු බුද්ධි සේවා අදාල කිරීමටත් ඔවුන් අනවශ්‍ය විදියට හිරේ දම දඬුවම් දීමත් නිසා සහමුලින්ම අධෛර්යමත් කල පාපය අද මුළු මහත් ජාතියටම කරුමයක් වී පල දීම ආරම්භ වූ අවස්ථාවක් ලෙස මෙය දකිමි . මෙවට අනුබල දීපු උන්ට මීට වැඩ දෙයක් මේ රටට කල නොහැක .
මේ සිදුවීමට සරදමක් කියන්න එපා. මට මේ බ්‍රිතාන්‍ය ජාතිකයා ගැන හරිම දුකයි. මෙයා අර 62 ට අයිති නැත.
සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම වැටෙනවා. කිසි සැකයක් නැ. රටේ ආර්ථිකයත් එහෙමම වේවි. ලෑස්තිවෙයල්ලා වැඩිවන බඩුමිලට මුහුණදෙන්න.
රජය ඒකට වගකියන්න ඕනේ.... එයාලගේ පවුලේ කාටහරි වුණානම් දුක තේරෙයි.. බැලුවද හරීන් ඇමතිතුමාගේ කතාව?
මොහු ගැන තව ලියනවා නම් මොහු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ශ්‍රී ලංකාවාසීන්ට රෝහලක් පරිත්‍යාගයක් කරන්න. එහි වැඩ සියල්ල නිමකර බිරිඳගේ උපන් දිනයට එය විවෘත කරන්න. සියල්ල ලක ලෑස්තිකර එදා උදේ නැවත යන්නට පෙර උදේ ආහාරවේල ගන්න තෙවැනි මහලට ඇවිල්ලා තියෙනවා. එහිදී බිරිඳ සහ දියණිය කුරීරු බෝම්බයට හසුවී මරණයට පත්වෙලා තම පුතනුවන් සොයා ඇවිදලා තියෙනවා. අර කියනවා වගේ ඉපදීම මහා දුකකි. පල්ලියේ, පන්සලේ, කෝවිලේ හෝ කොයි තැනක වුවත් මරුට නැත කිසිවිටෙක බාධා...
අනෙක් පල්ලි ටිකටත් ඔය විදියට පහර දුන්නොත් තමා වත්මන් ආණ්ඩුව ට දැනෙන්නේ...