(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පෙරමුණ පිහිටුවන ජාතික සමගි ආණ්ඩුවට සහයෝගය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ගිවිසුමකට එළැඹුනහොත් දෙමළ ජාතික සන්ධානය තවදුරටත් විපක්ෂනායක ධුරයේ කටයුතු කරන බව වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා ලංකාදීපයට පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිධුර භාර නොගෙන විපක්ෂය ලෙස කටයුතු කරන්නේ නම් විපකෂනායක ධුරය අත්හැරීමට කටයුතු කරන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කන්ඩායමේ ස්ථාවරය එය බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අනුව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගන්නා බවද නිර්මලනාදන් මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඔබතුමාලා තමයි මේ රටේ දැන් ප්රධානම බලය තීරණය කරන දේශපාලන බලවේගය... එ්ක අපි දැන් පිළිගන්න ඕනේ... මොකද දැන් සිංහලයා එකාට එකා බලයට මරාගන්නවා. මේවට අනුබල දෙන මෝඩ සිංහල ජනතාවකුත් දැන් පෙළගැහිලා ඉන්නවා...