
(අංජුල මහික වීරරත්න)
බාල වයසේදීම පියා අහිමි වීමේ වේදනාව තමාද අත් විඳ ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අමතමින් ෆේස්බුක් සටහනක් තබමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම සටහන තබා ඇත.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පවසයි.
"මාගේ පියා අහිමිවීම සිදුවන්නේ මට වයස අවුරුදු 22 ක් වැනි ඉතාමත් තරුණ වයසේදීය. ඒ වන විට මා පසු වූයේ මාගේ ජීවිතයේ ආරම්භක අවස්ථාවේය. එහෙත් වයස 22 ක් වැනි ඉතාමත් තරුණ වයසේ දරුවෙක් ලෙස ඔබ දිනා ඇති දේ බොහෝමයි.
අපගේ සිහින සැබෑ කර ගැනීමේ සතුට තම දෙමාපියන් සමඟ බෙදාගැනීමට ලැබෙන්නේ අතලොස්සකට පමණි. එහෙත් ඔබ එම අතලොස්සට අයත් වාසනාවන්ත පුතෙකි. අප සාර්ථක වන විට එම ජයග්‍රහණය දකින්නට ඒ ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ දේ කැපකළ ආදරණීය මාපියන් නොමැතිවීම අප වේදනාවට පත් කරයි. මම එය විඳ ඇත්තෙමි. මාගේ ජයග්‍රහණ හමුවේ මාපියන් සිතින් සිහිපත් කර ඇත්තෙමි. එහෙත් ඉතාමත් තරුණ වයසින් ඔබේ මාපියන් ඉදිරියේම ඔබ දිනා ගත් දේ බොහෝමයි. ඔබ මාතෘ භූමිය නියෝජනය කරමින් මේ රටේ සැමගේ සිහින, බලාපොරොත්තු සැබෑ කරනවා සේම ඔබේ පියාගේ පීතෘ සිහිනය ද මේ වන විටත් සැබෑ කර අවසන්ය. ඔබේ පියා ඉදිරියේ මාතෘ භූමිය නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන් ක්‍රිකට් ලෝකයම දිනා අවසන්ය.
ඔබේ පියාගේ සැබෑ වූ සිහිනය තව දුරටත් ජීවත් කරවීමට නම් ඔබ මේ සියල්ලටම ශක්තිමත්ව මුහුණ දිය යුතු බව පියෙකු ලෙස මම ඔබට සෙනෙහසින් කියමි. මා ද ඇතුළුව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන මේ රටේ මෙන්ම ලෝකයේම ජනතාවගේ ආදරය සහ ආශිර්වාදය ඔබ සමඟ බව සිහිපත් කරමි.
එමෙන්ම සුරංග වෙල්ලාලගේ මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් බිරිඳ ඇතුළු පවුලේ සැමට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි.
ආදරණීය දුනිත් වෙල්ලාලගේ, තවත් බොහෝ කල් ඔබේ පියාගේ සිහිනය ජීවත් කිරීමේ වගකීම ඔබට බාරය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාලවයස්වල පියවරු මොනතරම් අහිමි කළ පාලන යුගයක්ද තිබුණේ නේද? හිටපු ජනාධිපතිතුමා..
දුනිත් වෙල්ලාලගේ, අපට තිබෙන ලොකුම බලාපොරොත්තුවක්.
තාජුඩීන් එක්නැලිගොඩ ලසන්ත වගේ අයගේ දරුවන්ට කොච්චර වේදනාවක් දැනෙන්න ඇතිද කියලා ඔහේට කවදාවත්ම හිතුනේ නැතෙයි...
මේ දවස්වල කවදත් නැති විදියට ෆේස්බුක් වලට සටහන් දාලා සුදනෙක් වෙන්ඩ හදනවා.කාටහරි කියලා ලියවගන්නවා..සුදුවෑන් ගාතන අතුරුදහන් කරවන කොට නැති අනුකම්පාවක් දැන් පහළවෙලා?
මෙයාගේ හිතේ තියෙන වේදනාව ගැන කියා ගන්න බැරිව. අනිත් දරුවන් සමග දුක් වෙන එක ඇර වෙන මොනවා කරන්නද. පුත්තු තුන් දෙනෙක් කරත්තෙට බදින ගොන්නු වගේ. එවුන්ට වියදම් කල මුදල් කන්දරාව. අසරන පවුල් වල දරුවන්ට ඒ මුදල් දුන්නානම්. අද රට ගොඩ. තමුන්ගෙ බිරිද වග කියන්න ඕන දරුවො නොමග ගිය එකට. දෙමව්පියො. දෙන්නා ඉද්දි නමගිය මිනීමරු හොරුවුනේ උසස් තනතුරු පත්විම් ගන්බෙ මහන්සිවෙලා ඉගෙනගන මෙයාගෙ පුත්තුන්‍ට හොර සහතික හදලා දුන්නෙ තමන්ගෙ පියා. හිටපු ජනාධිපති . ලැජ්ජා නැත්ද. පසුගිය කාලේ කරපු දේවල් දැන් ටික ටික මතක් වෙනවා ඇති නේද . ඒ ගැන පොත් සීයක් විතර ලියන්න පුලුවන්. නාකි මයිනා සමග හොරු හතලිහ කියලා ශෝ එකක් ගහමු.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ දුව අවිහිම්සා තම පියාගේ සිරුර අසල ඒ දෙස සංවේගයෙන් බලාසිටින පිංතුරයක් මම දැක්කා රුවන් එම් ජයතුංග දොස්තර මහත්තයා ලියපු ප්‍රවෘර්තියක
මරණ මංචකයේදීත් අවස්ථාවාදීව ලකුණු දාගන්න හදන පීචන් නායකයෙක්...
සුදුවෑන් ගාතන අතුරුදහන් මිනිමෝරු කරවපු උන්ට කවදවත් නැති විදියේ කරුණාවක් පහළ වෙලා. හෙන්චයියෝ ලවා ලියවපු සටහන් ෆේස් බුක් දාලා සුදනෙක් වෙන්ඩ වගේ හදන්නේ?