ඩබ් ඒ පියතිලක
පොලොන්නරුවේ පිහිටි මුස්ලිම් පල්ලි 29 ක මවුලවිවරු සහ එම පල්ලිවල ලේකම්වරු හා සභාපතිවරු අද (25) පොලොන්නරුව පළාත බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. පි ධම්මික වීරසේකර මහතාට සංදේශයක් බාර දුන්නේය.
පොලොන්නරුවේ තව්හීත් ජමාත් සංවිධානයට අයත් මුස්ලිම් පල්ලි තුන සහ ලංකාව තුළ පිහිටි එම සංවිධානයට අයත් පල්ලි වහාම තහනම් කරන ලෙස ඉල්ලා ඔවුහු එලෙස සංදේශයක් ලබාදීම සිදු කෙරිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පොලොන්නරු දිස්ත්‍රික් මුස්ලිම් පල්ලි සම්මේලනයේ සභාපති එස් .ඒ.ඒ. සමග් මෙසේ කීය.
‘අපි දැන් පොලොන්නරුවේ අවුරුදු 80ක් 100ක් පමණ කාලයක ඉදලා පදිංචිව සිටිනවා. පොලොන්නරුවේ මුල්ලිම්, දෙමළ සහ සිංහල තුන් ගොල්ලම ජිවත් වෙනවා. නමුත් කවදාවත් අපි තුන්ගොල්ල අතර කිසිදු ප්‍රශ්නයක් හෝ ගැටුමක් මෙතෙක් කල් සිදු වෙලා නෑ. යම් ප්‍රශ්නයක් වුණා නම් වුණේ මේ තව්හීත් ජමාත් සංවිධානය ආරම්භ විමත් එක්ක තමයි. මෙම සංවිධානය අපේ රටේ ලියා පදිංචි වෙලාත් නෑ. අපි වසර ගණනක් එක්මුතුව එක්සත්ව ජිවත් වුණා. පසුගිය දා සිදුවූ සිදුවිම් මාලාවත් එක්ක රටේ සියලුම මුස්ලිම් ජනතාව දැඩි අපහසුතාවයට පත් වෙලා ඉන්නේ.’
මෙම අවස්ථාව සඳහා මව්ලාවරු සහ මුස්ලිම් පල්ලිවල සභාපතිවරු සහ ලේකම්වරු සහ පොලොන්නරුව පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ පි ධමිමික විරසේකර මහතා සහ පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා ඇතුළු උසස් පොලිස් නිළධාරින් ද පොලොන්නරුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම් එස් එම් ජරැල් මහතා ද සහභාගි වි සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියාපදිංචි වෙලා නැත්නම් පල්ලි අටවගන්න දුන්නේ මොකද? අව්රුදු ගානක් ගිහිල්ලද ලියාපදිංචිය මතක් උනේ. මේ සිද්දියට ඔහෙලා ඔක්කොම වග කියන්න ඕන!
බදියුදීන් අනපේක්ෂිත ලෙස ගම්මිරිස් වල ආනයන බදු අඩුකරපු ගමන් 1000 ට තිබුණු ගම්මිරිස් කිලෝව 250 ට බැස්ස , ප්‍රහාරයේ හිටපු මහා උන් දෙන්නෙක් ගේ තාත්ත ට ඇතුළු බදියුදීන් ගේ නඩේකට තමයි රටේ ගම්මිරිස් අපනයන අධිකාරිය තියෙන්නේ , උන් කරේ ගමේ අහිංසක මිනිහගෙන් ගම්මිරිස් අඩුවට අරගෙන වැඩි මිලට අපනයන කළා. මෙහින් කඳ හරහා වැදුනේ ගමේ ගොඩේ අහිංසක ගම්මිරිස් වගා කරුවන් ට . මුන් ආදායම් ලබාගත්ත හැටි ,බදියුදීන්ගේ බදු ඉවත්කිරීමෙන් මුන්ට ලැබුණු අධික ආදායම සොයා බැලිය යුතුයි ,අන්තිමට ඒවායින් බෝම්බ හදල අපිට ම අනිත් පැත්තට ගැහුවා !!
උඩින් කව්රු හරි කියාවි ද දන්නේ නැහැ එපා කියල.
දැන් එතකොට මුස්ලිම් කණ්ඩායම්ද තීරණය කරන්නෙ තහනම් කලයුතු සංවිධාන. ආණ්ඩුවට තාම බැරිඋනාද කොන්ද කෙලින් තියන් තීරණයක් ගන්න. මෙච්චර ලොකු විනාශයක් වෙලාත් තාම ඉන්නවා වැනි වැනී.
ඔය ලිපි බාරදීල විතරක් වැඩක් නැහැ මුළු හිතෙන්ම මේ කාර්යට උරදී ක්‍රියා කල යුතුය නැතිව අළු මගින් ගිනි පුපුරු සගවා ගින්නක් නැති බව නොපවසන්න අද මියැදෙන්නේ කවුරු උවද ඔබටද මේ ගින්දර දැරීමට දිනයක් එනු ඇත......
ඕක තාම තහනම් කලේ නැද්ද. වහාම සියලු දේපල, වත්කම් සහ බැංකු ගිණුම් තහනම් කරන්න.. මේවට සල්ලි ආවේ කොහොමද හොයල බලලා සල්ලි දීපු අයගේ සියලු වත්කම් රාජසන්තක කරන්න.. ඇයි මේවා කරන්න මෙච්චර ප්‍රමාද.. මේ ආණ්ඩුව තීරණ ගන්නේ ඉතාමත්ම ප්‍රමාද වෙලා ..