(තරිඳු ජයවර්ධන)
ප්රජාතන්ත්රවාදය තවමත් හරියට ලැබී නැතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අරලියගහ මන්දිරයේදී පැවසීය.
ඒ මහතා මෙසේ ද කීවේය.
‘‘තවම මේ සටන අවසන් නෑ. අද උදෑසන 11.16ට රනිල් වික්‍රමසිංහ මැතිතුමා දිවුරුම් දුන්නා. ප්රජාතන්ත්රවාදය තවම හරියට ලැබිලා නෑ.
අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීම කිසිම මාධ්‍ය ආයතනයකින් වීඩියෝ කරන්න හෝ ප්‍රචාරය කරන්නවත් අපට අවස්ථාව ලැබුණේ නෑ.
ඒ නිසා මේ සටන තවම ඉවර වෙලා නෑ. මේ සියලු අයිතිවාසිකම් දිනා ගන්න, ප්රජාතන්ත්රවාදය සම්පූර්ණයෙන් දිනා ගන්න නම් මේ සටහන දිගටම ගෙනියන්න ඕනෑ. හෙට ගාලු මුවදොර පිටියට ලක්ෂ ගණනින් රැස්විය යුතුයි.
හෙට සවස 1ට ගාලු මුවදොර පිටිය ජනතාවෙගන් පිරී ඉතිරී යන්න ඕනෑ. ප්රජාතන්ත්රවාදයට කැමති සියලුම දෙනාට අපි ආරාධනා කරනවා හෙට එන්න කියා. ‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්රජාතන්ත්රවාදය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා ඉගෙනගෙන ආවානම් නේද හොඳ...? ඔයාගේ තවම කටේ කිරි සුවඳ ගිහිල්ලත් නැහැනේ...
හරි ප්රජාතන්ත්රවාදය බලන්න තමයි අපි මහජනයාගේ කැමැත්ත සොයන්න මහජන ඡන්දෙකට යමු කිව්වේ...
අද ලැබේවි ඔබතුමාට ඒක..!!!
අද ලැබේවි ඔබතුමාට ඒක...
අනේ පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ.. දැන්ම ප්රජාතන්ත්රවාදේ ගේන්නේ නැතුව. අනික් බැංකු ටිකත් කීයක් හරි හම්බ කරනකම් ඉන්නකෝ...
ප්රජාතන්ත්රවාදය නම් ජනතාවට කවදාවත් ලැබෙන එකක් නැහැ. පොලිසිය ඉල ඇට කඩලත් රාජ්‍ය සේවා කොමිසම විනය තීරණ මුදලට විකුණලත් කඩන්නේ ව්‍යවස්ථාව... වලලන්නේ ප්රජාතන්ත්රවාදය.. පළමු පුරවැසියත් කරන්නෙත් ඒකමයි. ඕක පොදුජනතාවට ලැබෙන එක විහිළුවක්...
මේ ගම් වල ඉන්න අහිංසක මිනිස්සුන්ට ඔව්න්ගේ පාඩුවේ ඉන්න දෙන්න. ජනබලය පෙන්වීම, ගෝල්ෆේස් පිට්ටනිය පිරවීම වගේ අඳ බාල වැඩ දැන්වත් නතර කලොත් හොඳයි..
දෙකේ පන්තියේ වැඩ කරන්න එපා..
ඕවට ජනතාව එන්නේ නැහැ... දැන් ඔන්න ගොවියගේ පොහොර ටික හංගලා..
ඕවට ජනතාවට එන්නේ නැහැ.
රටේ ජනතාව ඕවට එන්න මෝඩයෝ නෙවෙයි.
ඉක්මනින්ම ලැබෙයි, ලැබෙයි, දෙවෙනි මහා බැංකු හොරකමට ජයවේවා!