(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් තරග කරන එහි නායක ඒ.එස්.පී. ලියනගේ මහතා අද (2) ඇප තැන්පත් කළේය.
ඊට අමතරව ස්වාධීනව තරග කිරිම සඳහා එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය හා ඌව ප්‍රධාන අමාත්‍ය සමරවීර වීරවන්නි හා හිටපු අමාත්‍ය අශෝක වඩිගමංගාව යන මහත්වරු රාජගිරිය මැතිවරණ කාර්යාලයේ දී ඇප තැන්පත් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය හා ඌව ප්‍රධාන අමාත්‍ය සමරවීර ෙහා හිටපු අමාත්‍ය අශෝක යන මහත්වරුන්ට කීයක් ලැබුණද දන්නේ නැහැ.
රජයට අරමුදල් සපයා දීමෙන් ඔබතුමන්ලා දැක්වූ අනුග්‍රහයට මාගේ ගෞරව පූර්වක ස්තුතිය..!
මුළු ජනාධිපතිවරණයම එකම විහිළුවක් වෙලා. මොනවද මෙයාලගේ අරමුණු? රතු ටයි මහත්තයා නම් කලින්ම විහිළුවක් වෙලා තමයි. උන්දැගේ තානාපතිකම් කිරිල්ල නිසා. අයියෝ සල්ලි...
ඒ එස් පී ලියනගේ ගේ විනෝදාංශය ජනාධිපති අපේක්ෂක තරගයට ඉදිරිපත් වීම .. මේ තරගකරුවන් දිනුවත් නැතත් ආදායම් බද්දෙන් නිදහස් කරනවා වසරකට කියා මම අසා තිබෙනවා ... මේ ගැන ඇත්ත තත්වය දන්නා කෙනෙක් පැහැදිලි කරනවා නම් සතුටුයි ..
ජනාධිපති තනතුර බාල්දු වෙච්ච තරමක්.
මෙය විහිළුවක් වෙලා අවසානයි.
ජනාධිපති තනතුර බාල්දු වෙච්චි තරමක්...
කම්කරු පක්ෂෙන් තරග කරන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ධනකුවේරයෙක් වන ඒ එස් පි ලියනගේ මේක මහා විහිළුවක් වෙලා . දැන් එතුමාට එකපාරටම හිතුනද දන්නේ නැහැ එතුමාගේ සියළුම දේපල විකුණලා එම මුදල් අසරණ කම්කරුවන්ට බෙදල දෙන්න .