(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ සහ ඇතැම් ස්ථානවල අද (21) සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කලින් තොරතුරු ලැබී තිබුණ ද ඒ පිළිබඳව ප්‍රමාණවත් පියවර නොගැනීම සහ ප්‍රමාණවත් පරිදි අවධානය යොමු නොකිරීම බරපතළ කරුණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් තමා ඇතුළු අමාත්‍යවරුන් දැනුවත් නොකිරීම සහ තොරතුරු ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකිරීම සහ අදාළ පියවර නොගැනීම සම්බන්ධයෙන් ද සොයා බලන බව අග්‍රාමාත්‍යවරයා අද (21) පස්වරුවේ පැවැසීය.
කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු කීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
“බෝම්බ් පිපිරීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ වහාම රට තුළ අස්ථාවරත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා ලෙස මම අවශ්‍ය සියලු පියවර ගත්තා. කිසිසේත් ත්රස්තවාදයට හිස එසවීමට ඉඩ තියන්නේ නැහැ. මූලික පියවරක් ලෙස ආරක්ෂක ලේකම්වරයා සහ ආරක්ෂක ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගත්තා. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළා. සෞඛ්‍ය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර ඒ ඒ අංශවලට අදාළව පියවර ගැනීමට උපදෙස් දුන්නා. කතානායකවරයා සමඟ සාකච්ඡා කළා. ඒ අනුව හෙට පාර්ලිමේන්තුව කැඳවනවා.
මම හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු සමඟ සාකච්ඡා කළා. මහානායක හිමිවරුන් දුරකතනයෙන් අමතමින් උන්වහන්සේලාට සිදුවීම් ගැන තොරතුරු දැනුම් දුන්නා. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් සමඟත් සාකච්ඡා කළා.
අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගැනීමට කටයුතු කළා. ඒ වගේම එහිදි ගත යුතු ඉදිරි පියවර ගැනද සාකච්ඡා කළා.
ප්‍රහාර මාලාවෙන් මෙරට වැසියන් මෙන්ම විදේශිකයන් විශාල පිරිසක් ද ජීවිතක්ෂයට පත්වුණා. තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. ඔවුන් සියලු දෙනාට මම මගේ කනගාටුව සහ සංවේගය පළ කරනවා.
සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය සහ ආරක්ෂක අංශ කටයුතු කරනවා. ප්‍රහාරවලට සැකපිට අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අතර කිසිදු විදේශිකයෙක් නැහැ. ඔවුන් සියලු දෙනා මෙරට වැසියන්. ඔවුන් සහ විදේශීය කණ්ඩායම් අතර සම්බන්ධතා තිබෙනවා ද කියා සොයා බලනවා.
රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම තමා මූලික කරුණ. ඒ සඳහා දැනටමත් පියවර ගෙන තිබෙනවා. ත්‍රස්ත ක්‍රියා සිදුකළ පරිහරණය කරන ලද නිවාස ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගනිමින් මෙම ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත් සියලු දෙනාට තදින් නීතිය ක්‍රියාත්මක කරනවා.
මෙහෙයුම් අතරවාරයේදී පොලිස් නිලධාරීන් තිදෙනකු ඔවුන්ගේ ජීවිත පූජා කළා.
අසත්‍ය පුවත්, ප්‍රචාර, කටකතා නිසා මහජනතාව නීතිය අතට ගෙන කටයුතු කළහොත් සිදුවන්නේ ත්රස්තවාදීන්ගේ වුවමනා ඉටුවීම පමණයි. ඒ නිසා සන්සුන්ව සාමය ආරක්ෂා කරමින් කටයුතු කරන්නැයි ශ්‍රී ලාංකිකවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.
සාමය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ ආරක්ෂක අංශ, ආගමික නායකයන් සහ මහජනතාවට මම මගේ කෘතඥතාව පළ කරනවා.
මේ මොහොතේ රට තුළ යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කර රට අස්ථාවර කිරීමට යම් කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් දෙස් විදෙස් සහාය ලබාගනිමින් එම ත්‍රස්තවාදී ක්‍රියා පරාජය කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව අවධාරණය කරනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉරානයේ සංචාරයක නිරත වී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ෂාහ් මහ්මූද් කුරේෂි, නේපාල අගමැති ප්‍රසාද් ඕලි ඇතුළු රාජ්‍ය නායකයන් මා අමතා ඔවුන්ගේ කනගාටුව සහ සංවේගය පළ කළා. ඒ වගේම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට මෙන්ම කෙරෙන පරීක්ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද පොරොන්දු වුණා.
සමඟිව කටයුතු කර අප සැවොම හමුවේ තිබෙන මෙම අභියෝගය පරාජයට පත් කිරීමට එකාවන්ව අත්වැල් බැඳගන්නැයි ආදරණීය ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
ඡායාරූප - ඉෂාන් සංජීව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා පැනලා ගිහින්. ත්රස්තවාදයේ රඟ ඔබට වැටහෙනවද?
තව රණවිරුවන් සිරකොට බුද්ධි අංශ අඩපණ කරලා ඔබතුමා නිදාගන්න. එතකොට ඉතුරු ටිකටත් හරියයි.
රට ආරක්ෂාව දෙශපාලකයින්ට නෙමෙයි, අරක්ෂක අංශ වලට වගකීම දෙන්න... ජාතික අාරක්ෂාව අනතුරේ දාන පක්ෂ භේදයෙන් තොර මේ වගේ අය හෙලා දකිමු..
බැලුවහම තනියෙන්ම ඔක්කොම කරලනේ. හැබැයි, අර අමාත්‍යවරුන්ට තොරතුරු ලබා දී දැනුවත් කිරීම් නොකළේ නම් හේතු ඇතුව වෙන්න පුළුවන්. ඒ මිනිස්සුත් දන්නවා ඇතිනේ කාලය නාස්ති නොකිරීමේ වැදගත්කම....
බොහෝ විට මෙම ත්රස්තවාදීන්/ අන්තවාදීන් මෙම ප්‍රහාර සැලසුම් කිරීමට පෙර " Facebook" වැනි සමාජ ජාල හරහා අදහස් හුවමාරු කරගැනීම බොහෝවිට සිදුවන්නට ඇත. ලංකාවේ ආර්ථිකයට, සංචාරක ව්‍යාපාරයට බරපතල හානියක් කැළලක් කරමින් කල මෙම ත්‍රස්ත ක්‍රියාවන්ට විදේශ ආසියානු කණ්ඩායම් සම්බන්ද නම් ආසියාවේ රටවලට ලංකාව ලබාදී තිබු " visa on arrival" ක්‍රමය තාවකාලිකව නවතා දැමීම සලකා බැලිය යුතුය. ලෝක නායකයන්ගේ පවා අවධානයට ලක්වූ මෙම ත්‍රස්ත ක්‍රියාවන් නැවත ලංකාවේ සිදු නොවිමට නම් ලෝකයේ බලවත් රටවලින් ලබාගත හැකි සියලු ආධාරයන් ලබාගැනීමට කටයුතු කල යුතුය. මෙය ජාතින් අතර ගැටුම් ඇති කරලීමේ ප්රයත්නයක් වීමට බෝහෝ දුරට ඉඩ තිබේ. එම වරදකරුවන් සියලු දෙනාට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කලයුතුය. දේශපාලන රැකවරණ පතා ලංකාවට පැමිනෙන ආසියානු රටවල පුරවැසියන් පිලිබදව ගැඹුරු සොයා බැලීමක් කලයුතුය. වෙනත් අරමුණුවලින් පැමිණෙන අන්තවාදී කණ්ඩායම් බොහෝවිට දේශපාලන රැකවරණ පමණක් නොව අධ්‍යායාපනය හෝ වෙනත් සුළු ව්‍යාපාරයන් සදහා පැමිණ ඔවුන්ගේ අරමුණු ඉටුකරගැනීමට ක්‍රියා කරනු ලැබේ.
සුරංගනා කතා, හෙළාදකින කතා කිය කිය මෝඩ විදියට හිතන්න එපා.
හෙන ගහනවා උඹලට... ඕකට තමයි එෆ්.බී., වට්ස් අප්, ඉක්මණින් වහලා දැම්මේ... ඉක්මනින් ඡන්දයක් එනවා නං...
ඔබලා රටේ සිදු වුණු, සිදුවෙන මොනවටද අවදානය යොමුකළේ? අවදානය යොමුකළා නම් රට මේ පරිහානියට වැටෙනවාද? නුඹලා අවදානය යොමුකළේ රටම පාවාදී සුළුජාතීන්ගේ ඡන්දය ලබාගැනීමටයි. එල්.ටී.ටී.ඊ සමයේ ක්‍රියාකාරී වූ බුද්ධි නිලධාරින්ට අත්වූ ඉරණම රටේ ජනතාව දැක්කා. එවැනි පාවාදීමක් සිදු වූ රටක, අපිට බුද්ධි අංශයෙන් තවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? නුඹලාට මේ රට කරන්නට බැහැ.. දාලා පලයව්...
ඝෝඨාභය මහතාටණනි, ඔබ බලයේ සිටියා නම් රටට මේ දේ සිදුවන්නේ නැත.
ඔබතුමා කියනවා තොරතුරු ලැබී තිබියදීත් ඔබව දැනුවත් නොකල බව හා එය ඔබේ අවධානයට යොමු නොකලබව. ආරක්ෂක ලේකම් කියනවා තොරතුරු ලැබී තිබුන බව. ඒකාබද්ධයේ සංවිධායක කියනවා බුද්ධි අංශ දුර්වල කිරීම නිසා මෙය සිදුවුන බව අඩුම තරමින් ආරක්ෂක ඇමතිවරයාවත් මේ ගැන දැනුවත්ව සිටියාද. ඔහුත් නොදන්නවානම් තොරතුරු ගැන ක්‍රියා නොකලේ කවුද
හොයන්න තරම් දෙයක් නෑ. බුද්ධි අංශ පොතේ විදිහට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වෙන්න ඇති. කිසිම නීති කඩ කිරීමක් නැතිව, අවශ්‍ය උපදේශ ලබාගෙන අනිවාර්යයෙන්ම නීති ගරුක විදිහට රාජකාරිය කරලා ඇති. තවත් මොනවා හොයන්නද.
බුද්ධි අංශය තොරතුරු ලබාගෙන එය රටේ පාලකයන්ට යොමු කලාම පාලකයන් විසින් පොලිසියටත් හමුදාවටත් එම තොරතුරු පිළිබඳව සොයා බලා වහාම පියවර ගැනීමට අණ දිය යුතුයි.
අස්සයා පැන ගිය පසු ඉස්තාලය වසා වැඩක් නැහැ. රටේ මූලික පාලකයින් තොරතුරු මට වෙලාවට ලැබුනේ නැහැ කියන එකත් ඔහුගේ දුර්වල කමක්. දැන් වත් තේරුම් ගත යුත්තේ හරි තොරතුරු තමන්ට නොලැබෙන බවයි.
තව බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැම්මාම හොඳට තොරතුරු ලැබේවි. මෙහෙම නපුංසක ආණ්ඩුවක් තියෙන කොට රටේ මෙහෙම දේවල් වෙන එක පුදුමයක්ද? රටම කනවා මේ අය...
ඕක ඔච්චර හොයන්න අමාරු දෙයක්ද?
කරපු දේවල්වල හැටියට ඕක මොකද්ද? ඕකෙන් මැරිච්ච මිනිස්සු ගාන දැනිලවත් නැතුව ඇති. මිනිස්සු මේ අයට කරන සාපෙ නම් වැඩි කල් නොදීම ඵල දෙයි.