
(විමුක්ති එස් රුද්‍රිගු)
තුර්කියේ ඊයේ (06) හටගත් භූමි කම්පා මාලාවක් හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ වැසියන් 4300 දෙනකු මියගොස් ඇතැයි දෙරටේ බලධාරීහු ප්‍රකාශ කළහ.
පළමු භූමි කම්පාවේ ප්‍රබලත්වය හේතුවෙන් ඉතාලි බලධාරීන් සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර පසුව එය ඉවත් කර ගැනීමට පෙළඹුණි.භූමි කම්පා මාලාව හේතුවෙන් තුර්කියේ නගර 10 කට බලපෑම් එල්ල වී ඇත.
මියගිය සංඛ්‍යාව 4300 ලෙස ප්‍රකාශයට පත් කර ඇතත් එය 8 ගුණයකින් වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.
පැය 24 තුළ හටගත් භූමි කම්පා තුනක් හේතුවෙන් තුර්කිය ඊයේ(06) කැලඹිණි. රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් ගත් පළමු භූමි කම්පාව ඊයේ(06) එරට වේලාවෙන් උදෑසන 4.17ට හටගත් අතර රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක ප්‍රබලත්වයක් ගත් දෙවන භූමි කම්පාව ඊයේ(06) එරට වේලාවෙන් දහවල් 1.32 ට හටගෙන ඇත.ගිනිකොණදිග තුර්කියේ මෙම ප්‍රබල භූමි කම්පා දෙක හටගැනීමෙන් පසු මධ්‍යම තුර්කියේ රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමි කම්පාවක් හටගෙන තිබේ.පළමු භූමි කම්පාව හටගැනීමෙන් පසු අතුරු කම්පන අවම වශයෙන් 130 ක් පමණ ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd