IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තුර්කියේ මරණ තවත් ඉහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

තුර්කියේ ඊයේ (06) හටගත් භූමි කම්පා මාලාවක් හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ වැසියන් 4300 දෙනකු මියගොස් ඇතැයි දෙරටේ බලධාරීහු ප්‍රකාශ කළහ.

පළමු භූමි කම්පාවේ ප්‍රබලත්වය හේතුවෙන් ඉතාලි බලධාරීන් සුනාමි රළ ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර පසුව එය ඉවත් කර ගැනීමට පෙළඹුණි.භූමි කම්පා මාලාව හේතුවෙන් තුර්කියේ නගර 10 කට බලපෑම් එල්ල වී ඇත.

මියගිය සංඛ්‍යාව 4300 ලෙස ප්‍රකාශයට පත් කර ඇතත් එය 8 ගුණයකින් වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත.

පැය 24 තුළ හටගත් භූමි කම්පා තුනක් හේතුවෙන් තුර්කිය ඊයේ(06) කැලඹිණි. රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක ප්‍රබලත්වයක් ගත් පළමු භූමි කම්පාව ඊයේ(06) එරට වේලාවෙන් උදෑසන 4.17ට හටගත් අතර රික්ටර් පරිමාණයේ ඒකක 7.5 ක ප්‍රබලත්වයක් ගත් දෙවන භූමි කම්පාව ඊයේ(06) එරට වේලාවෙන් දහවල් 1.32 ට හටගෙන ඇත.ගිනිකොණදිග තුර්කියේ මෙම ප්‍රබල භූමි කම්පා දෙක හටගැනීමෙන් පසු මධ්‍යම තුර්කියේ රික්ටර් පරිමාණයේ ඒකක 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් භූමි කම්පාවක් හටගෙන තිබේ.පළමු භූමි කම්පාව හටගැනීමෙන් පසු අතුරු කම්පන අවම වශයෙන් 130 ක් පමණ ඇති වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

 

 

 

 



අදහස් (0)

තුර්කියේ මරණ තවත් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site