
(සුජිත් හේවාජුලිගේ)
පරිත්‍යාග වශයෙන් විදේශයන්ගෙන් ලැබුණු රුපියල් කෝටි ගණන් වටිනා විවිධ උපකරණ දෙදහසකට වැඩි ප්‍රමාණයක් මෙරට රෝහල් පද්ධතියේ පාවිච්චියට නොගෙන නිකරුණේ තිබෙන බව සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
මේවා මෙසේ නිකරුණේ තබා ඇත්තේ මෙම උපකරණ පාවිච්චි කිරීම අධික වියදම් සහගත වීම සහ මෙරට රෝහල් පද්ධතියේ කටයුතුවලට නොගැලපීම යන කරැණු හේතුවෙන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මේ අතර මහරගම ආපේක්ෂා රෝහලට පරිත්‍යාග ලෙස ලැබී ඇති රුපියල් කෝටි හතළිස් අටක් පමණ වටිනා ජාන විශ්ලේෂණ යන්ත්‍රයක්ද අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැතිකම හේතුවෙන් වසර හයකට වැඩි කාලයක් තිස්සේ පාවිච්චි නොකර නිකරුණේ පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
පාවිච්චි නොකෙරුණද එය නඩත්තු කිරීමට විශාල මුදලක් වාර්ෂිකව වැය වන බව පෙනී ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු එම යන්ත්‍රය සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි.
සෞඛ්‍ය පද්ධතියට නොගැලපෙන මෙම යන්ත්‍ර බොහොමයක් ලැබී ඇත්තේ පසුගිය රජය සමයේදීය.
මෙම උපකරණ පවත්වාගෙන යෑමේ අධික වියදම් ශ්‍රී ලංකාව වැනි රටවලට දැරිය නොහැකි බව පැවසේ.
පරිත්‍යාග වශයෙන් ලැබෙන උපකරණ හිතුමතේ බාර නොගෙන මෙරට සෞඛ්‍ය පද්ධතියට ගැලපෙන ඒවාදැයි තහවුරු කර ගැනීමෙන් පසු බාර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd