
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකා හමුදාවට නැවත ඇෆ්ගනිස්තානයට පැමිණීමටත් චීනයට සමීප බග්රාම් ගුවන් කඳවුර ඇමෙරිකානු හමුදාව යටතේ නැවත ස්ථාපිත කිරීමටත් ඉඩදෙන ලෙසත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම ඇෆ්ගනිස්තානය ප්‍රතික්ෂේප කළ බවට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා ප්‍රකාශ කළේය.
ඇෆ්ගනිස්තානය ඇමෙරිකාව සමග කටයුතු කිරීමට සූදානම් වුවත් නැවත ඇමෙරිකානු හමුදාවන්ට ඇෆ්ගනිස්තානය තුළට පැමිණීමට ඉඩලබා දිය නොහැකි බවත් එය ඇෆ්ගනිස්තානයේ ස්ථාවරය බවත් එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය. බග්රාම් ගුවන් කඳවුර නැවත ඇමෙරිකානු හමුදාව යටතේ ස්ථාපිත කිරීමට තම පරිපාලනය කැමැත්තෙන් පසුවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා(18) ප්‍රකාශ කළේය.
බග්රාම් ගුවන් කඳවුර චීන දේශසීමාවට සමීපව පිහිටා තිබෙන බැවින් එයට උපාය මාර්ගිකව විශාල වැදගත්කමක් තිබෙන බව ට්‍රම්ප් පෙරේදා(18) පැවැසුවේය. චීනයේ න්‍යෂ්ටික මිසයිල කර්මාන්තශාලාවකට පැයක දුරින් පිහිටි ඇෆ්ගනිස්තානයේ බග්රාම් ගුවන් කඳවුර නැවත ඇමෙරිකානු හමුදා යටතට ගැනීමට උත්සාහ කරන බවත් කිසිම හේතුවක් නොමැතිව එවැනි වටිනාකමක් ඇති කඳවුරක් තලෙයිබාන්වරුන්ට ලබාදී ඇමෙරිකානු හමුදාව ඉවත්වී ඇති බවත් ට්‍රම්ප් එහිදී පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප් ලෝකයම අන්දවන ලෝක කපටියා. චීනය, රුසියාව, උතුරු කොරියාව, ඉන්දියාව ඵකතු කරගත් ශක්තිමත් ආරක්ෂක සබැඳියාවක අත්‍යවශ්‍යතාවය ඉතා ඉක්මනින්ම සිදුකළ යුතුව ඇත.