(නිමන්ති රණසිංහ)
කිඹුලාඇළ මුස්ලිම් පල්ලියේ සවිකර තිබූ ශබ්ද විකාශන යන්ත‍්‍රයෙන් ජලයට වස මිශ‍්‍ර වී ඇති බවට ප‍්‍රකාශයක් කර මහජන කැළඹීමක් ඇතිකළැයි කියන සිද්ධියකට අදාළව බ්ලූමැන්ඩල් පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් කාංචනා නෙරංජි සිල්වා මහත්මිය අද (23) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අංක කොළඹ 15 පදිංචි සැඩ්වින් රම්සන් ඇඩම්ස් හෙවත් සැඩී සහ මොහොමඩ් ජබ්ලීන් පාහිම් (39) නැමැත්තන්ය.
ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ වගන්ති ප‍්‍රකාරව මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ ප‍්‍රතිපාදන ප‍්‍රකාරව මහජන කැලඹීමක් ඇතිකරවමින් අසත්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ඔක්ක්කොම එකම රැලක්... බව කවුරුත් සිහියට ගන්නවානම් හොඳයි දේශපාලන පොරය නවත්තල
මිනිස්සුන්ට වද දෙන එක මේ අයට සෙල්ලමක් වෙලාද?