
(මනෝප්‍රිය ගුණසේකර)
වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිතය පටබැදිගේ මහතා නඩුව විභාග කිරීමට අද (27) තීරණය කළේය.
ඒ අනුව නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මැයි මස 10 වැනිදා පැවැත්වීමටද තීරණය කළේය.
2012 වසරේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් නමැත්තන්ය.
නඩුව මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබු අවස්ථාවේදී විත්ති පාර්ශවයේ නීතීඥවරුන් මුලික විරෝධතාවයක් මතු කරමින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අත්සන් කොට නොමැති හෙයින් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මුලික විරෝධතාවයක් මතු කළේය.
එම මුලික විරෝධතාවය සම්බන්ධ තීන්දුව ප්‍රතාශයට පත් කරමින් එම මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ විනිසුරුවරයා නඩුව විභාග කිරීමට තීරණය කළේය.
නඩුව මැයි මස 10 වැනිදා යළි කැඳවීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ දත්සෙට් බඩටයන්න ගහන කෙනෙකුට .. අපි රුපියල් 3,50 දෙනව.
කුරුණෑගල සහ රටේත් සමහර බත් කන හරක්ට මෙයා තවමත් වීරයෙක්. මොන වංචාව කළත් කටේ නරිවාදම් ඉවර නැහැ.