(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (15) සහ අනිද්දා (16) උතුරේ සංචාරයක නිරත වීමට නියමිතය.

ජනාධිපතිවරයා හෙට යාපනයේ තෛපොංගල් උත්සවයට සහභාගී වන අතර වේලනයි,තුරෛයුර්,අයියනාර් කෝවිල් ක්‍රීඩා පිටියේදී හෙට පස්වරුවේ තෛපොංගල් උත්සවය පැවැත්වේ.

මේ අතර සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් යාපනය සංචාරක මණ්ඩලය සංවිධාන කරන තෛපොංගල්  උත්සවයක්ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් මනිපායි මරුතඩි විනයාගර් කෝවිලේදීී පැවැත්වේ.

අවතැන් වූ පවුල් නැවත පදිංචි කිරීමේ නිවාස වැඩසටහන චාවකච්චේරි,මීසාලේ වීරසිංහම් ප්‍රාථමික විදුහල් ක්‍රීඩාංගනයේදී අනිද්දා (16) පෙරවරුවේ සිදු කෙරෙයි.

විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා වන "රටම එකට" ජාතික මෙහෙයුම උතුරු පළාත් වැඩසටහන යාපනය කොකුවිල් තාක්ෂණ විද්‍යාල ක්‍රීඩා පිටියේදී අනිද්දා පස්වරු 2ට පැවැත්වීමට නියමිතව ඇත.